ජරා දුක්ඛය.
උපන් සත්ත්වයාගේ ස්කන්ධ පරණවීම දිරීම ජරා නමි. ආත්මභාවය පරණ වූ කල්හි කෙස් ලොම් පැසෙන්නේය. දත් සැලෙන්නේය. ඇඟ රැලි වැටෙන්නේය. දුර්වර්ණ වන්නේය. තල කැලල් හට ගන්නේය. කොරල පිපෙන්නේය. ඇට නහර ඉල්පෙන්නේය. කුදු වන්නේය. ඇස් පෙනුම අඩු වන්නේය. අන්ධ හෝ වන්නේය. කන් බිහිරි වන්නේය. දිවට රස දැනීම මඳ වන්නේය. කළ දෑ කරන්නට තිබෙන දෑ නොයෙක් විට අමතක…