ඔබේ ජීවිතයට බුදුරජාණන් වහන්සේ තවමත් ඈතද?

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, තෙරුවන් සරණ ගිය පිංවතෙක්, පිංවතියක්, බහුල වශයෙන් වාසය කළ යුතු විහරණය, බුදුරජාණන් වහන්සේගේ ගුණයන්, සිහිකිරීමය කියලා. මෙය සටහන් තබන භික්‍ෂුවට, නිරතුරුවම බුදු ගුණයන් සිහිපත් වෙනවා. අපට කවදාකවත් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමක් සතු උතුම් බුදුගුණයන් ඇතිකොට ගන්න බැහැ. බුදුගුණයන්, බුදුරජාණන් වහන්සේලාට පමණක් සාධාරණ වූ ගුණයන්. භික්‍ෂුවගේ, භික්‍ෂු ජීවිතය සිහිපත් වෙද්දී, භික්‍ෂුවට…

Read More

ඔබේ ආරක්ෂාව පිණිස හොදම සහකරුවා, දන්දීම, සීලය, මෛත්‍රිය.

ඔබ මොන තරාතිරමක කෙනෙක්‌ වුවත්, ඔබගේ ආරක්‍ෂාව උදෙසා ඔබ මොනතරම් උනන්දු වෙනවාද? අපිට මගතොට ගමන් කරන සමහරවිටක පෙනෙනවා වේගයෙන් ධාවනය වන අධිවේගී වාහන. සන්නද්ධ භටයන්, නවීන අවිආයුධ… මේසා විශාල ආරක්‍ෂක ක්‍රම උපයෝගී කරගෙන ආරක්‍ෂාව සොයන ස්‌වභාවය. තම ආරක්‍ෂාව උදෙසා, දරුපවුලේ, ව්‍යාපාරයේ, තනතුරේ ආරක්‍ෂාව උදෙසා මනුෂ්‍යයා දෙවියන් සරණ යනවා. ග්‍රහ තාරකා, ජෝතිෂ්‍යය, මිථ්‍යාදෘෂ්ටික දේaශකයන් සරණයනවා. යමකින්…

Read More

ඔබ සැබවින්ම ධර්මානුකූල බෞද්ධ පින්වතෙක් ද?

ලොව්තුරා බුදුරජාණන්වහන්සේ නමක් සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂ ගණනක් දස පාරමී ධර්මයන් පුරලා, උතුම් සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ, ලෝකයාට චතුරාර්ය සත්‍ය කියන එකම ධර්මය දේශනා කිරීමටයි. උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථය කියන්නේ, මේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයටයි. පිංවත් ඔබ බුදුරජාණන් වහන්සේ් සැබැවින්ම සරණ ගියා කියන්නේ, බුදුරජාණන්වහන්සේ කෙරෙහි ශ‍්‍රද්ධාව ඇති කොටගත් සැබෑම බෞද්ධයෙක්ය කියලා කියන්නේ මේ උතුම් චතුරාර්ය…

Read More

ඔබ වහන්සේ ගිහි ජිවිතයේදී විවාහ නොවී, පැවිදි වූයේ ඇයි ?

දැන් විශ්වවිද්‍යාලවල, පාසල්වල ළමයි අපට මුණගැහුණම අහන්නේ ‘ස්‌වාමීන්වහන්ස, පංතියෙ අනෙක්‌ ළමයින් හොඳින් පාඩම් කරනවිට වැඩියෙන් ලකුණු ගන්නවිට මට හරි ඊර්ශ්‍යාවක්‌ ඇතිවෙනවා. මේක මගේ අධ්‍යාපන කටයුතුවලටත් බාධාවක්‌ වෙනවා. මේකට මොකද කරන්නේ’ කියලා. පාසල් වියේදීම තරඟකාරීත්වය නිසා දරුවන්ගේ ජීවිත සක්‌කායදිට්‌ඨියෙන් පිරෙනවා. මේ මමත්වයේ දැඩිභාවය සකස්‌ වෙන්නේ රැකියාව, විවාහය, අවසන් ඉලක්‌කය කරගෙනයි. අම්මා තාත්තාත් දරුවන්ගේ සක්‌කායදිට්‌ඨියට පොහොර දමනවා….

Read More

ඔබ ඔය ද්වේශ කරන්නේ ඔබගේම මෝහයට නොවේ ද ?

පිංවතියක්‌ භික්‍ෂුවට ප්‍රකාශ කළා “ස්‌වාමීන්වහන්ස, මම දිනකට සිය වතාවක්‌ ඉතිපිසෝ භගවා පාඨය සිහිපත් කරනවා. දැනට සිහිපත්කොට ඇති වාර ගණන පනස්‌ දහසකට වැඩියි” යෑයි ප්‍රකාශ කළා. එවිට භික්‍ෂුව ප්‍රකාශ කළේ “එය බොහොම වටිනවා. ඔබ මෙනෙහි කරන්නේ බුදුරජානන් වහන්සේගේ උතුම් ගුණයක්‌. බුදුරජාණන්වහන්සේගේ උතුම් ගුණයක්‌ යමෙක්‌ එක මොහොතක්‌ නමුත් සිහිපත් කරනවා නම්, එය තමාගේ සැපය සඳහාමයි හේතුවෙන්නේ. නමුත්…

Read More

ඔබ ඇසුණ, දැකුණ, දැනුණ තැන නැවතුණු බුදුපියාණන්ගෙම දරුවෙක්මය.

අතීතයේ, වර්තමානයේ, ඔබ දැක්‌කා වූ, ඇසුණා වූ, දැනුණා වූ සෑම ඵස්‌සයක්‌ම අනිත්‍යනම්, අනිත්‍ය වී ගියා නම්, පිංවත් ඔබ ඔබේ ඇසෙන්, ඔබේ කනෙන්, ඔබේ දිවෙන්, නාසයෙන්, ශරීරයෙන්, මනසින් ‘මට අනාගතයේදී මෙවැනි දේ දකින්නට ලැබේවා, අසන්නට ලැබේවා, මට අනාගතයේ මෙවැනි මටසිලුටු දැනීම් ලැබේවා’ කියලා ඔබ යම් බලාපොරොත්තුවක්‌ ඇතිකර ගතහොත්, එම බලාපොරොත්තුව නිත්‍ය වේද, අනිත්‍ය වෙයිද? අතීතයේ, වර්තමානයේ…

Read More

එදිනෙදා ඇස ගැටෙන දේ කමටහන් කර ගන්නේ කොහොම ද?

ප්‍රශ්නය : – ගෞරවනීය ස්වාමීන් වහන්ස, දැන් අපි කැලය ඇතුළෙ තියෙන කුටියකත් ඉන්නවා. ඊළඟට මේ වගේ ග්‍රාමවාසී ආරණ්‍යවල, නගර ආශ්‍රිත කුටිවල නිතර නිතර ඉන්නවා. ඒ අතරෙ පයින් ගමන් කරනවා. වාහනවල ගමන් කරනවා. විවිධ පුද්ගලයන් ඇසුරු කරනවා. මේ සෑම අවස්ථාවකම ඇසින් දකින රූප, කනට ඇසෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ ආදී මේ ඉන්ද්‍රියයන් පහට ගෝචර වෙන…

Read More

එකස්මිං බ්‍රහ්මචරියස්මිං, සහස්සං මච්චුහායිනං

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ මගධරට අන්‍ධකවින්‍ද ගම වැඩවසනසේක. එකල වනාහි භාග්‍යවතුන් වහන්සේ ඝනාන්‍ධකාරයෙන් අඳුරුවූ රාත්‍රියෙක එළිමහනෙහි හුන්සේක. වැස්සද පොද එක දෙක වැටුනේය. ඉක්බිති සහම්පති බ්‍රහ්මයා මධ්‍යම රාත්‍රිය ඉක්මුණුකල බබළන ශරීර වර්‍ණ ඇත්තේ සියලු අන්‍ධකවින්‍ද ගම බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි සහම්පති…

Read More

උසභමිත්ත රජතුමා – අටුවා රසකතා

වළගම්බා රජ දවස ලක්දිව ‘බැමිණිතියා’ නමින් දොළොස් අවුරුද්දක් පුරා දුර්භික්ෂයක් පැතිර ගියේ ය. ජනපද වැසියෝ ද ගම් වැසියෝ ද යන සියල්ලෝ ම කඳුකරයට පිවිසියාහ. ඔවුහු කොළ වර්ග කමින් ජීවත් වූහ. ක්‍රමයෙන් ඒ සාගතය පහ වී ගිය පසු මිනිසුන් සිය ගම් දනව් කරා පැමිණි කල විනාශ වී ගිය තම ගෙවල් දොරවල් දක්නට ලැබිණි. ඔවුහු ගෙවල් පිළිසකර…

Read More

උපාසිකත්වය ගැන දැනගතයුතු කරුණු..

*“යතො ඛො මහානාම බුද්ධං සරණං ගතො හොති. ධම්මං සරණං ගතො හොති, සංඝං සරණං ගතො හොති, එත්තාවතා ඛෝ මහානාම උපාසකෝ හොති” යි* වදාළ පරිදි, යමෙක් බුදුන් සරණ ගියේ වේ ද, දහම් සරණ ගියේ වේද, සංඝයා සරණ ගියේ වේද, එපමණින් හෙතෙම උපාසකයෙක් වන්නේ ය. උපාසක යන වචනයේ තේරුම බුද්ධ, ධර්ම, සංඝ යන රත්නත්‍ර‍ය කරා එළඹෙන, රත්නත්‍ර‍ය ඇසුරු…

Read More