පින්වත් ස්වාමීන් වහන්ස, බුද්ධ පූජාව පූජා කිරීමෙන් පසු එම ආහාරපානවලට කුමක් කළයුතු ද?
යම් හෙයකින් ඔබ බුදුරජාණන් වහන්සේ උදෙසා යම් ආහාර පානයක් පූජා කරන්නේ නම් එම අවස්ථාවේදී ඒ සඳහා පසුව කුමක් කරන්නෙම් දැයි කල්පනා කිරීම නොකළ යුතු දෙයකි. එය ඔබේ පින හීන වීමට හේතුවනු ඇත. ඛුද්දක නිකායට අයත් විමානවත්ථු පාළියෙහි සක්දෙවිඳුන් විසින් පවසන ලද ගාථාවක් අපට හමුවේ. “තිට්ඨන්තේ නිබ්බුතේ චාපි – සමේ චිත්තේ සමං ඵලං බුදුරජාණන් වහන්සේ ජීවමාන…