ශීලයත් ආර්‍ය ශීලයත් අතර වෙනස හදුනා ගන්න..

භික්ෂුව මේ කටු සටහන ලියන මොහොතේ වැඩ සිටින්නේ දුප්පත් ගොවි ගම්මානයක. ප‍්‍රධාන පාරේ සිට කිලෝමීටර හයක් පමණ ඈතින් මෙම ගම්මානය පිහිටා තිබෙන්නේ. ගම්මානයට පැමිණෙන බොරළු පාරේ දිනකට දෙවතාවක් පමණක් ගමට පැමිණෙන බස් රථයක් තිබෙනවා. සමහර දාට බස්රථය කැඩිලා, වැස්ස කාලයට පාර එරෙන නිසා බස් රථය ගමට එන්නේ නැහැ. එදාට පාසල් දරුවන් පවා හිමිදිරි උදේම පයින්…

Read More

ශීලය යනු සමාධියට සේන්දුවීමේ මාර්ගය පමණි.

භික්‍ෂුවට මතකයි, භික්‍ෂුව උතුම් පැවිද්ද ලබන වෙලාවේ, ප්‍රාතිමෝක්‍ෂ ශීලය ගැන එක වචනයක්‌වත් කියවලා දැනගෙන හිටියේ නෑ. සතර පාරාජිකා, සංඝාධිශේෂ ආදිය දැනගෙන හිටියේ නැහැ. ධුතාංග ශීලය ගැන දැනගෙන සිටියේ නැහැ. පැවිදිභාවයට පත්වී වසරක්‌ ගෙවුණු තැන මාගේ උතුම් උපසම්පදාවට මාස දෙකකට පෙරාතුවයි මම උතුම් භික්‍ෂු ප්‍රාතිමෝක්‍ෂ ශීලයේ ශිල්පද 227 ගැන දැනගත්තේ. භික්‍ෂුව මේ ප්‍රාතිමෝක්‍ෂ ශීලය හදාරල දැනගත්තට…

Read More

ශාක්‍යය වංශයේ විනාශය.

පසේනදී කොසොල් මහ රජතුමා ඉතා ශ්‍රද්ධාවන්ත රජ කෙනෙකි. දිනක් මාළිගාවෙන් ඉවත බැලූ ඒතුමන්ට දහස් ගණනින් භික්ෂූන් වහන්සේලා අනේපිඩු සිටු මාළිගයට වැඩම කරන අාකාරය දුටුවේය. සිය මාළිගාවටත් භික්ෂූන් වහන්සේලා වඩමවා දන් පිළිගැන්වීමට සිතූ රජු දිනපතා දනට වඩින ලෙස බුදුරදුන්ට දන්වා සිටියේය. බුදු රදුන් රජුගේ අාරාධනාව පිළිගත් අතර ඒය අානන්ද හිමියන්ට පැවරුවේ ය. අානන්ද හිමියන් භික්ෂූන් වහන්සේලා…

Read More

විතර්කයේ සිරකරුවෙක් නොවෙන්න.

භික්ෂුව උදෑසන පිණ්ඩපාතයේ වඩින ගුරු පාර අද්දර තිබෙන සුසානභූමිය, අද වෙනදාට වඩා එළිපෙහෙළි කරලා. සුසාන භූමියේ අඩක් දිරාගිය ගේට්ටු කණු දෙකේ ළපටි කෙසෙල් කැන් දෙකක් සහිත කෙසෙල් ගස් දෙකක් බැඳලා. අපේම බෞද්ධ පින්වතුන්ගේ ළපටි ඉන්ද්‍රිය ධර්මයන්ට ඔච්චම් කරන්නට වගේ, ගේට්ටු කණු දෙකේ බැඳ දමා තිබූ කෙසෙල් ගස් දෙකේ තිබෙන කෙසෙල් කැන් දෙක පාළු ගුරුපාර දෙස…

Read More

වැස්‌ස වලාහක දෙවිවරු.

වේලාව සවස 5.00ට විතර ඇති. භික්‍ෂුව වැඩසිටින කඳුකර ප්‍රදේශයට වේගයෙන් සුළඟ හමනවා. කඩින් කඩ වැසිත් ඇතිවෙනවා. පරිසරය අඳුරු කරලා තිබෙන්නේ. ලොකු වැස්‌සක පෙරනිමිති පේනවා. මේ වැස්‌සට ගම්වැසියෝ කියන්නේ මහියංගන පෙරහැර වැස්‌ස කියලා. අතුරුභෝග කුඹුරුවල වගාකරලා තිබෙන, ගමේ ගොවි මහත්වරුන්ට මේ වැස්‌ස බලාපොරොත්තු ඉහළ නංවනවා. වැස්‌ස ගැන කථාකරනකොට මතකයට එන්නේ වැස්‌සවලාහක දෙවියන්ව. වැස්‌සවලාහක දෙවියන්ට ලස්‌සන දූවරු…

Read More

වස්තු විනාශයේ හේතු සය.

“සුරාමේරය මජ්ජපමාදට්ඨානානුයොගො ඛො ගහපතිපුත්ත, භොගානං අපාය මුඛං, විකාලවිසිඛා චරියානුයොගො භොගානං අපාය මුඛං, සමජ්ජාභිචරණං භොගානා අපාය මුඛං, ජුත පමාදට්ඨානානුයොගො භොගානං අපාය මුඛං, පාපමිත්තානුයොගො භොගානං අපාය මුඛං, ආලස්සානුයොගො භොගානං අපාය මුඛං. මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් “සිගාල” ගෘහපති පුත්‍ර‍යාට දේශයනය කරන ලද්දකි. එහි තේරුම මෙසේ ය. ගෘහපති පුත්‍ර‍ය, මදයට ප්‍ර‍මාදයට හේතු වන සුරාමේරය පානයෙහි නැවත නැවත යෙදීම වස්තු…

Read More

වර්තමානයේ නිවරදිව ජීවත්වෙන්න දක්ෂවෙන්න.

චේතනාවයි කර්මයට මුල්වෙන්නේ. අතීත අකුසල් කර්මය, වර්තමාන කුසල් කර්මයෙන් යටපත් කළාය කියනා චේතනාව ඇතිකරගැනීමට ඔබ දක්‍ෂ වෙන්න කියලා. එම නිසා අතීත අකුසල්, වර්තමාන කුසල් ධර්මයන්ගෙන් යටපත්කොට නැගී සිටීමට ඔබ දක්‍ෂ විය යුතුයි. සෑම විටම චේතනාවේ හැඩරුව අනුවයි විඤ්ඤාණය සකස්‌වෙන්නේ කියන කාරණය පැහැදිලි කරදෙන්නයි ඉහත කාරණය සඳහන් කළේ. සමහර පිංවතුන් සිටිනවා අතීතයේ තමන් අතින් සිදුවූ වැරදි…

Read More

ලෝකය විනිවිද දැකිය හැකි සමාධිමත් සිත.

අද කළුවර පොහොය දවස, ගිම්හාන සෘතුවේ පණ්ණරසි පොහොය. මේ සඳ නැති කලුවර රාත‍්‍රියේ, භික්ෂුව කුටියේ සිට තනිවම අධිෂ්ඨාන පොහොය සිදුකරලා, පිරිසිදු භික්ෂු ජීවිතයක හෘදසාක්ෂියෙන් උපන්, විදර්ශනාමය ප‍්‍රීතිය සහ ඵස්සද්ධිය තුළ සිටිමිනුයි, පිංවත් ඔබට මේ සටහන තබන්නේ. සඳ නැති කළුවර රාත‍්‍රිය, මුළු කැලෑ පරිසරයම ඝණ අන්ධකාරයෙන් ගිලගත්තත්, ඒ ඝන අඳුරේ භික්ෂුවගේ සිත, සප්තබොජ්ඣංගයන්ගෙන් ආලෝකමත්වයි තිබෙන්නේ. අද…

Read More

ලොව්තුරා බුදුරාජාණන් වහන්සගේ සරණ, පිංවත් ඔබේ ජිවිතයේ සැබෑම සරණ කොට ගන්න.

බුදුරජාණන් වහන්සේ සියලු සත්වයන්ගේ යහපත උදෙසා, දුක තුනීකිරීම උදෙසා, දුකෙන් මිදීම උදෙසා ධර්මයෙන් අනුශාසනා කරනවා. පූර්වේනිවාසානුස්‌සති ඥානයෙන්, චුතූපපාත ඥානයෙන් සත්වයා සංසාරිකව විඳි දුකත්, විඳින දුකත්, අනාගතයට උරුම දුකත් බුදුරජාණන් වහන්සේ තතුසේ දකිනවා. බුදුරජාණන් වහන්සේ යමකුගේ ඇස දකිද්දී, බුදුරජාණන් වහන්සේට එම ඇස පෙනෙන්නේ මහා සාගරයක්‌ වගේ. කන, නාසය, දිව, ශරීරය, මනස පෙනෙන්නේ මහා සාගරයක්‌සේ. ඇස කෙරෙහි…

Read More

ලොව සුන්දරම මරණයට ඔබට හිමිකමක් ඇත.

ධර්මය තුළ ජීවත්වන පිංවත් ඔබට, ඔබගේම ජීවිතය දෙසට හොඳින් සිත යොමුකරලා බැලුවහොත්, වැරැද්ද, නිවැරැද්ද හොඳින්ම පෙනෙනවා. ධර්මය කියලා කියන්නේ අනිත්‍යයට. යමක්‌ අනිත්‍ය යෑයි අපි නුවනින් දකින කොට, ඒ කෙරෙහි බිය සකස්‌ වෙනවා. මොකද ඒ වෙනස්‌ වන දෙයක්‌. මේ වෙනස්‌වීම නොදන්නා කෙනා, ස්‌වභාවයෙන්ම වෙනස්‌ වන දෙයක්‌ වෙනස්‌ නොවී පවත්වා ගැනීමට වෙහෙස ගන්නවා. එතැනදියි දුක සකස්‌ වෙන්නේ….

Read More