උඩු සුළගේ හමනා සත්පුරුෂ ගුණ.
සාමාන්‍යයෙන් ලෝකයේ සුවඳ හමන්නේ සුළං හමන දිශාවටමයි. නමුත් මේ ලෝකයේ සත්පුරුෂයන්ගේ ගුණ සුවඳ සුළං හමන දිශාවටත් ප්‍රතිවිරුද්ධ දිශාවටත් හමනවා. මේ ගැන එදා භාග්‍යවතුන් වහන්සේගෙන් විමසා සිටියේ අපගේ ආනන්ද ස්වාමීන් වහන්සේයි. අපගේ ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණ වන්දනා කොට පසෙකින් වැඩ සිටියා. ඉන්පසු ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් මෙසේ විමසා සිටියා. ස්වාමීනී, සුවඳ උපදවන…