සියලුම මහා බෝධිසත්වයන් වහන්සේලා ලොවුතුරා බුද්ධත්වයට පැමිණෙන අයුරු.
සියලු ම මහා බෝධිසත්වයන් වහන්සේලා ලොවුතුරා බුදුබවට පැමිණියේද ආනාපාන චතුර්ත්ථ ධ්‍යානයෙන් නැගී සිට ඥානය පටිච්චසමුප්පාදයට යවා පටිච්චසමුප්පාදය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් වටහා ගෙන විදර්ශනා කිරීමෙනි. මහා බෝධිසත්වයන් වහන්සේලා ගේ චාරිත්‍ර ධර්ම වූ පරිදි අප මහා බෝසතාණන් වහන්සේද ශ්‍රී මහා බෝධි මූලයේ වැඩ සිට, ආනාපානස්මෘති භාවනාවේ යෙදී ධ්‍යාන උපදවා චතුර්ත්ථ ධ්‍යානයෙන් නැඟී සිට උන්වහන්සේගේ ඥානය පටිච්චසමුප්පාදයට යැවූහ….