එක රූපයක්, දීර්ඝ වූ කටුක වූ ලෝකයක් නිර්මාණය කොට දෙන බව දැකීම.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ‘මහණෙනි, සාරිපුත්ත ඔබලාගේ කිරිමවය කියලා. සංඝ සමාජයේ හැමෝගේම දුක සැප සොයා බලනවා. සිව්පසය ලැබීම, නොලැබීම සොයා බලනවා. හැමෝටම ආදර්ශයෙන් ගුරුහරුකම් දෙනවා. කුසලය තුළ සැවොම ශක්තිමත් කරනවා. රාහුල ස්වාමීන් වහන්සේ යම් වරදක් පෙන්වා දුන්නත් නිහතමානීව එම වරද නිවරුදිකර ගන්නවා. මෙවන් උතුම් ගුණයන් දෑසින් දකින්න නොහැකිවීම අපි සැමගේම අවාසනාවක් වෙනවා. පිංවත් ඔබට පුළුවන්,…