මාරපාක්ෂික ධර්මයන් අප තුළින් ක්රියාත්මක වෙන්නේ පංච උපාදානස්කන්ධයට අදාළව ඇතිකර ගන්නා ලෝභ, ද්වේශ, මෝහ ධර්මයන් නිසාමද?
පිංවත් මහත්මයෙක් භික්ෂුවගෙන් විමසුවා ‘ස්වාමීන්වහන්ස, මාරපාක්ෂික ධර්මයන් අප තුළින් ක්රියාත්මක වෙන්නේ පංච උපාදානස්කන්ධයට අදාළව ඇතිකර ගන්නා ලෝභ, ද්වේශ, මෝහ ධර්මයන් නිසාමද?’ කියලා. මාරපාර්ශ්වික ධර්මයන් අප තුළින් ක්රියාත්මක වන්නේ අනිවාර්යයෙන්ම පංච උපාදානස්කන්ධයට අදාළව ඇතිකොට ගන්නා තෘෂ්ණාව නිසාමය. සක්කාය දිට්ඨියෙන් පෝෂණය වුණු පංච උපාදානස්කන්ධය නිරතුරුවම තමා තුළින් සිල් පද බිඳිමින්, අකුසල මූලයන් තව තවත් තීව්ර කරමින්, සුදුසු…