ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අවිය, ශීලයේ පළිහ දරාගත් දේශයේ සැබෑ රැකවලා වන්න.
මීට සති දෙකකට පෙරාතුව, රන් තැඹිලි පැහැයෙන් ප්රභාෂ්වරව ආලෝකවත් වූ, නව යොවුන් වෙසක් සඳ, රූපයේ, වේදනාවේ, හඳුනා ගැනීමේ, අනිත්යභාවය මොනවට කියා පාමින්, ආකාශයෙන් අතුරුදන්ව ගිහිල්ලා. කැලෑ පරිසරය තිත්ත කළුවරයි. තොරතෝංචියක් නැතිව කෑගසන, මුහුණ රවුම්, ලා දුඹුරු පැහැති කුඩා බස්සාගේ ගොරෝසු කට හඬ කැලය දෙසින් ඇසෙනවා. අපි හැමෝම කැමතියි, මිහිරි වචන, ප්රිය වචන, සත්ය වචන අහන්න….