ඔබ ඔය ද්වේශ කරන්නේ ඔබගේම මෝහයට නොවේ ද ?

පිංවතියක්‌ භික්‍ෂුවට ප්‍රකාශ කළා “ස්‌වාමීන්වහන්ස, මම දිනකට සිය වතාවක්‌ ඉතිපිසෝ භගවා පාඨය සිහිපත් කරනවා. දැනට සිහිපත්කොට ඇති වාර ගණන පනස්‌ දහසකට වැඩියි” යෑයි ප්‍රකාශ කළා. එවිට භික්‍ෂුව ප්‍රකාශ කළේ “එය බොහොම වටිනවා. ඔබ මෙනෙහි කරන්නේ බුදුරජානන් වහන්සේගේ උතුම් ගුණයක්‌. බුදුරජාණන්වහන්සේගේ උතුම් ගුණයක්‌ යමෙක්‌ එක මොහොතක්‌ නමුත් සිහිපත් කරනවා නම්, එය තමාගේ සැපය සඳහාමයි හේතුවෙන්නේ. නමුත්…

Read More

මේ උතුම් මව්බිම පූජනීය බිම්කඩක්. සම්මා දිට්ඨියේ අර්ථයන් පෝෂණය වන බිම්කඩක්.

මේ උතුම් මවුබිම, පූජනීය බිම්කඩක්. සම්මා දිට්ඨියේ අර්ථයන් පෝෂණය වෙන බිම් කඩක්. උතුම් ධර්ම විනය ජීවමානව වැඩ සිටින බිම්කඩක්. ජීවමාන බුදුරජාණන් වහන්සේ වශයෙන් වැඳුම් පිදුම් ලබන, රුවන්වැලි මහා සමිඳුන්, ජයශී‍්‍ර මහා බෝ සමිඳුන්, ශී‍්‍ර දන්ත ධාතූන් වහන්සේ, ශී‍්‍රපාද පද්ම වහන්සේ වැඩ සිටින, බිම්කඩක්. සම්මා දිට්ඨියට පත් දෙවියන්. බ‍්‍රහ්මයන් දස දහස් ගණනක්, නිතිපතා වන්දනා කරන බිම්කඩක්….

Read More

සතර සෘද්ධිපාද ධර්මයන්.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් ඔබට නිරෝගීභාවය ආයුෂ, වර්ණය, සැපය, බලය අවශ්‍ය නම් සතර සෘද්ධිපාද ධර්මයන් වඩන්නය කියලා. යම් පින්වතෙක් සතර සෘද්ධිපාද ධර්මයන් වැඩීමෙන් ඔහුට කල්පයක් ආයුෂ ජීවත්වෙන්න පුළුවන් ය කියලා. වර්තමානයේ කල්පයක් ආයුෂ කියන්නේ පරමායුෂ වන අවුරුදු 90ක් වැනි කාලයක්. සතර සෘද්ධිපාද ධර්මයන් පින්වත් ඔබගේ නිරෝගීභාවයටත්, දීර්ඝායුෂයටත් හොඳ ඔසුවක් වනවා. සතර සෘද්ධිපාද ධර්මයන් යනු…

Read More

විඤ්ඤාණයේ මායාවට නොරැවටෙන්න.

පින්වත, උතුම් ප්‍රාතිමෝක්‍ෂ ශීලයේ අර්ථයන් නොසලකා හරිමින් සමාජ මාධ්‍යය නමැති මාර ධර්මය භාවිතයට ගැනීමෙන්, පැවිදි අපේ භව භෝග සම්පත් වන උතුම් සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචිපටිපන්න ගුණයන් පිරිහීමට පත් වෙන්න පුළුවන්. පින්වත, පැවිදි අපි සමාජ මාධ්‍ය ජාලා පරිහරණය කළ යුත්තේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ සමාජගත කිරීමට මිස, සංඝ සමාජයට ම හානි කරන මිච්ඡා වාචාවන් උදෙසා නම්…

Read More

මිනිසා හඳුනා ගනිමු..

සීලාචාර බවක් පෙන්වන මිනිසා තවත් වරෙක අසීලාචාර ලෙස හැසිරෙයි. මිතුරු ස්වභාවයක් පෙන්වමින් පරම හතුරෙකු ලෙස කටයුතු කරයි. එබැවින් මිනිසා විශ්වාසය තැබිය හැකි කෙනෙකු නොවන බව ඔහු කියයි. බුදුරජාණන් වහන්සේ පෙස්සගේ අදහස අනුමත කරති. කෙනෙකු සීලාචාරදැ යි හඳුනා ගතයුතු නම් කළයුත්තේ දිගු කලක් ඉතා සමීපව ඇසුරු කළයුතු බවයි පසේනදී කොසොල් රජතුමා දිනක් රාජකාරි ගමනක් යාමට සැරැසුණි….

Read More

ගින්දර අයිති විනාශයටමය.

පිංවත, අපි අතීතයේ කවදත් වැටි වැටී නැගී සිටි ජාතියක්. අපි වැටුණා කියලා කියන්නේ අකුසලය බලවත් වුණාය කියන කාරණයයි. අපි යළි නැගී සිටියාය කියලා කියන්නේ කුසලය බලවත් වුණාය කියන කාරණයයි. පිංවත, ඔබට මතක ද පසුගිය වසරේ පැවති මුළු රටම අරාජිකභාවයට පත්කළ ගෝල්ෆේස් අරගලය. ජනපති නිල නිවස, අගමැති නිල නිවස, ජනපති ලේකම් කාර්යාලය පවා අරගලකරුවන් සියතට ගත්…

Read More

ආර්‍ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තියෙන් සිංහල අවුරුද්ද අලුත් කර ගන්න.

තවත් සිංහල අලූත් අවුරුද්දක් උදාවෙනවා. සිංහල අලූත් අවුරුද්දක් උදාවෙන්නේ අපේ සිංහලකම, බෞද්ධකම අලූත් කරගන්න. සිංහලකම, බෞද්ධකම අලූත් වෙන්නේ තීන්ත ආලේප කරලා, අලූත් ඇඳුම් අන්දවල, කැවුම් කිරිබත් හදලා පමණක් නොවේ සිංහලකම, බෞද්ධකම අලූත් වෙන්නේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය ජීවිතවලට එකතුකොට ගැනීමෙන් පමණක්මයි. සිංහල අලූත් අවුරුද්ද සමරන්න ලක ලැහැස්තිවෙන පිංවත් ඔබ මොහොතක්වත් සිතුවාද සිංහලකම, බෞද්ධකම අලූත් කරගන්න…

Read More

ඔබ කවරාකාරයේ පිංවතෙක් ද?

පිංවත, ව්‍යාපාරික මහත්මයෙක් භික්ෂුවට කියනවා, ස්වාමීන් වහන්ස, මට මේ සහල් කිලෝ එක රුපියල් එකසිය පනහකට විකුණන්න පුළුවන්. ඒත් මම විකුණන්නේ රුපියල් එකසිය විසිපහටයි කියලා. පිංවත, ලෞකික ප්‍රඥාවෙන් යුත් දක්ෂයා රුපියල් විසිපහේ (25) අමතර ලාභයක් උදෙසා මනුෂ්‍ය හිංසනයක් සිදුකොට ගන්නේ නැහැ. ලෞකික ප්‍රඥාවෙන් දෑස් අන්ධ වර්තමාන ව්‍යාපාරික ලෝකය තුළ බලවත් ආකාරයෙන් මනුෂ්‍ය හිංසනයන් සිද්ධ වෙනවා. ඒ…

Read More

‘මම’ කියන සංඥාව ගලවා ඉවත් කරන්න..

සම්මා සම්බුද්ධ ශාසනයේ දීර්ඝායුෂ උදෙසා භික්ෂු, භික්ෂුණි, උපාසක, උපාසිකා සිව්වනක් පිරිසගේ චතුරාර්ය සත්‍ය දැක්ම, විවේකීභාවයෙන් යුතුව වර්ධනය කොටගැනීම උදෙසා, බුදුරජාණන් වහන්සේ පැනවූ තවත් සුන්දර වස්සානයක් උදාවෙලා. භික්ෂුව වැඩ සිටින දුර බැහැර ගම්මානයේ වස්සානය අර්ථවත් කරන වැස්ස ආගිය අතක් නැති වුවත්, භික්ෂුව වැඩ සිටින කුටියේ, පොල් අතු වහලයේ පොල් අතු, ඉහළට එසවී යන තරමට තද සුළඟක්…

Read More

ජීවිතය යන ප්‍රශ්නාවලියට පූර්ණ පිළිතුර.

උතුම් පැවිදි ජීවිතය ගතකරන අපි, පාංශකූල චීවරය, පිණ්‌ඩපාතයෙන් යෑපීම, කැළයේම හුදෙකලාව ජීවත්වීම, එකවේලක්‌ යෑපීම කියන කාරනා නිවන් මාර්ගය මෝදුකොටගැනීමට, සත්තිස්‌ බෝධිපාර්ශ්වික ධර්මයන් වැඩීමට උපකාරක ධර්මයන් බවටයි පත්කොට ගතයුත්තේ. එසේ නැතිව එම උපකාරක ධර්මයන් නිවන් මාර්ගයේ ඵලයක්‌ හැටියට ගැනීමට නොවෙයි. මොකද භික්‍ෂුව දැකලා තිබෙනවා, සමහර පිංවත් ස්‌වාමීන්වහන්සේලා එකවේලක්‌ පිණ්‌ඩපාතයෙන් යෑපීම නිසා තමාගේ පැවිදි දිවියේ අරමුණු ඉටුවුණාය…

Read More