සංස්කාර – 04.
අවිද්‍යා නිරෝධෝ සංකාර නිරෝධෝ…! සංස්‌කාර නිරෝධයෙන් භවයෙන් නිවීගිය ලොව්තුරා බුදුරජාණන් වහන්සේලා, මහ රහතුන් වහන්සේලා ආදී උතුමන්, ගිනි ගොඩක දර අහවර වීමෙන් ගිනිගොඩ යම්සේ නිවී යන්නේද, සංස්‌කාර නිරෝධයෙන් එම උතුමන්ගේ විඤ්ඤාණය තමා තුළින්ම නිවීගිය හැටි නුවණින් දකිමින්, සංස්‌කාර නිරෝධය කෙරෙහි ඡන්දය ඇතිකරගන්න. අකුසල් සංස්‌කාරයන්ගෙන් මිදී කුසල් සංස්‌කාරයන් රැස් කරගනිමින්, කුසල් අකුසල් සංස්‌කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් ජීවත්වෙන්න. විවේකීව…