Article
ගෙයි ගින්දර පිටටත් එපා.! පිටරටටත් එපා.!
බුදුරජාණන් වහන්සේ රාහුල පුංචි ආයුෂ්මතුන්ගේ භාරකාරත්වය පවරන්නේ සාරිපුත්ත මහ රහතන් වහන්සේට. බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේව හඳුන්වන්නේ සංඝ සමාජයේ කිරි මව කියලයි. නිහතමානිභාවයේ පරතෙරට ගිය අයිතිවාසිකම් මඟහැර තම යුතුකම් පමණක් ම පූර්වාදර්ශයන් ගෙන්ම සංඝ සමාජයට ඉටුකළ සාරිපුත්ත මහෝත්තමයන් වහන්සේගේ අයෝමය සංඝ ගුණයන් භික්ෂුවට මේ හිමිදිරි උදෑසන සිහියට නැඟෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සාරිපුත්ත මහෝත්තමයන්…
ගුරුකමේ රඟ.
කලෙක භික්ෂුව මනුෂ්ය වාසයෙන් මදක් ඈතින් වැසි වනාන්තර ලක්ෂණ සහිත වූ කුඩා ආරණ්යයක වැඩ සිටියා. මෙම කුඩා ආරණ්යයේ මාස 15 කින් කිසිවෙක් වැඩ ඉදල නැහැ. පාළුවට ගිහින් තිබුණ ස්ථානයක්. ඉහත කාලය තුළ එක ස්වාමීන්වහන්සේ නමක් සති දෙකක් පමණ වැඩ ඉඳලා ඉවත්ව ගිහින් තිබෙනවා. මීට මාස පහළවකට පෙරාතුව මෙහි තනිවම වැඩසිටි වයෝවෘද්ධ ස්වාමීන් වහන්සේ අපවත්වීම නිසයි…
කොවිඩ් නිවාඩුව කියා දෙන අකුසල් සංස්කාරය ගැන පාඩමක්.!
අවිද්යාවෙන් උපන් ජීවිතයක්, ජීවත් කරගන්න, පිංවත් මනුෂ්යයෙක් විඳින දුකක් දැක්කම, භික්ෂුවගේ සිත නවතින්නේ උතුම් ආර්ය අශ්ඨාංගික මාර්ගය තුළමයි. පංචනීවරණ තුනී වූ සම්මා සමාධිමත් සිත, දුක විනිවිද දකින්න උපකාර කරන කැඩපතක් වගේමයි. ජාති, ජරා, ව්යාධි, මරණ, දුක අපිට දෙවියෙක් දුන්න දෙයක්ද, බ්රහ්මයෙක්, මනුෂ්යයෙක්, අමනුෂ්යයෙක් දුන්න දෙයක්ද. එසේත් නැතිනම් දුක අතීත සංස්කාරයෝ විසින් දුන්න දෙයක්ද. පිංවත දුක…
කඨින චීවර පූජාව මහත්ඵල මහානිසංස වන්නේ ඇයි ස්වාමීන් වහන්ස?
මෙහෙමයි දරුවෝ. කඨින පින්කමක් කියන්නේ, වස් සමාදන් වීමක් කියන්නේ අමතර වූ ශික්ෂාවක් සමාදන් වීමක්නේ. සාමාන්ය භික්ෂුවක් නෙමෙයි එදාට ඉන්නෙ. එතකොට අපි අමතර වූ ශික්ෂාවක් සමාදන් වෙනව වස් තුන් මාසය තුළ. ඒ තුන් මාසය තුළ අපිට සතියකට වඩා කුටියෙන් පිටව යන්නත් බැහැ. දැන් අපට ඕනෙ නම් අද කුටියෙන් යනවා කියලා කුටියෙන් පිටව ගිහින් මාසයක් විතර ඉදලා…
ඔබේ ඇලීම ගැටීමටත් මිලක් දෙන සමාජයක, ඔබ වෙනුවෙන් ඉස් මස් පවා කැපකළ සරණක්.!
සැබෑ ක්රිස්තියානි භක්තිකයෙක්, කවදාකවත් බුදුරජාණන් වහන්සේට අගෞරවයක් කරන්න පෙළඹෙන්නේ නැහැ. නමුත් තෘෂ්ණාවෙන් ඔද්දල් වුණු විඳීමේ විවිධත්වයන් සොයා ගෙන යන රස්තියාදුකාර සිතකට පුළුවන් තමා තමාට ම අවීචි මහා නිරයට ඇද දමන්නට. අසත්පුරුෂ භාවයෙන් පෝෂණය වුණ රස්තියාදුකාර සිතුවිල්ලකින්, මතුවෙන මුහුණේ සිනාරැල්ල ගිනි ජාලාවකින් මතු වෙන ගිනි දැල්ලක් මයි කියලයි ධර්මයේ සඳහන් වෙන්නේ. විවිධත්වයෙන් යුත් විඳීම් සොයා ගෙන…
උතුම් ධර්ම මාර්ගය…
ධර්ම මාර්ගය කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට. සාරා සංඛ්ය කල්ප ලක්ෂ ගණනාවක් බෝධිසත්වවරයෙක් දස පාරමී ධර්ම පූර්ණ කරලා, උතුම් සම්මා සම්බුද්ධත්වයට පත්වන්නේ, මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෝකයාට මතුකොට දෙන්න. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සීල, සමාධි, ප්රඥා කියලා කොටස් තුනකට බෙදනවා. සීලයට අදාළව බුදුරජාණන්වහන්හසේ දේශනා කරනවා, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන කාරණා තුන….
ඇලීම් ගැටීම් ඇති ජීවිතේ සංවර බවක් නැත.
පරිසරය මළානික කළ නිදිබර අහස්කුස, මේ ළදරු රාත්රියේ භික්ෂුවටත් ඇය සේම නිදන්නට යැයි ඉඟි කරද්දී, භික්ෂුව ඇයට නොඅවනතව ධර්මයේ ඇසින් නිදිබර ඇය දෙස බලද්දී භික්ෂුව තුළින් සතර මහා ධාතුවේ අනිත්යභාවය හෙවත් ධාතුමනසිකාරය හිමිදිරි උදෑසනක් සේ අවදි වූයේ පංච නීවරණයන්ට සහ නින්දට සිත් සේ අවනත වන ඇයට සංසාරය තව කොතෙක් නම් දුර වෙයි ද යැයි භික්ෂුව…
අවිද්යාව අමනාප කරගන්නට ඇති අකමැත්ත.
පිංවත, බලාපොරොත්තු කඩවීම් දෝරෙගලා යද්දී, අපේ ජීවිත ඇලීම් සහ ගැටීම් අතර සිරවෙලා. මොකක්ද මේ ලෝකයට සිද්ධවෙන්නේ. මේ සිදුවන සිදුවීම් අරුමයක්ද, පුදුමයක්ද, එසේත් නැතිනම් ලෝකයේ සැබෑම අර්ථයද. පිංවත් ඔබගේ සිතට විවේකයක් අවශ්යයි, ඉහත ප්රශ්නයට සාධාරණ පිළිතුරක් ලබාගන්නට. අපි අපේ මස් ඇසින් දකින ලෝකයට වඩා, අපි සද්ධර්මයේ ඇසෙන් දකින ලෝකය, අහසයි පොළවයි වගේ වෙනසක් තිබෙනවා. භික්ෂුව ලෝකය…
අපායෙන් ගැලවී විත් මහණ දම් පිරූ තරුණයෙක්.
මිනිස් සිතේ ස්වභාවය සිතුවිලි ගොඩ නැඟීමයි. මිනිසා අවදිව සිටින සෑම මොහොතක් පාසාම අතීතය හෝ අනාගතය සම්බන්ධ කැරගෙන සිතේ සිතුවිලි ගොඩනඟයි. අතීතයේ පංචේන්ද්රියයන් පින වූ අවස්ථාවන්ට සම්බන්ධ ආශාව, තණ්හාව මුසු ඇලීමේ සිතුවිලි ද තරහව, ද්වේෂය මුසු ගැටීමේ සිතුවිලි ද මොහොතක් පාසා සිතේ ගොඩනැඟේ. එසේ ම ඇලීම හා ගැටීම මුසු සිතුවිලි අනාගතය සඳහා ද සිතේ ගොඩ නැඟේ….
අතීත විඤ්ඤාණය, වර්තමාන විඤ්ඤාණය අනිත්යවී ගියා නම්, අනාගත විඤ්ඤාණය අනිත්යයි.
අතීතයේ ඔබ පටිච්චසමුප්පන්නව සක්විති රජවෙලා සිටියදී රාජ භෝජන නිසා, රාජ්ය සම්පත්, රාජ්ය බලය නිසා, දිව්යාංගනාවන්, ස්ත්රී රත්නය නිසා ලෝකයම දිග්විජය කරන පුතුන් දහසක් නිසා, සෘද්ධියෙන් යන අජානේය අශ්වයා නිසා, මොනතරම් විශේෂ වූ දැනීම් ඇතිකොටගන්න ඇතිද? සශ්රීක දිව්යතලවල ඉපදෙන වෙලාවේ, සශ්රීක දිව්ය සැප නිසා, දිව්ය භෝජන, දිව්ය අප්සරාවන්, දිව්ය විමාන නිසා මොනතරම් විශේෂ වූ දැනීම් ඇතිකොට…