ධර්ම මාර්ගය කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට. සාරා සංඛ්‍ය කල්ප ලක්ෂ ගණනාවක් බෝධිසත්වවරයෙක් දස පාරමී ධර්ම පූර්ණ කරලා, උතුම් සම්මා සම්බුද්ධත්වයට පත්වන්නේ, මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෝකයාට මතුකොට දෙන්න. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සීල, සමාධි, ප්‍රඥා කියලා කොටස් තුනකට බෙදනවා. සීලයට අදාළව බුදුරජාණන්වහන්හසේ දේශනා කරනවා, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන කාරණා තුන. සමාධියට අදාළව සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන කාරණා තුන. ප්‍රඥාවට අදාළව සම්මා දිට්ඨි සහ සම්මා සංකප්ප දේශනා කරනවා. මේ කාරණා අටේ එකතුවයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ. ධර්ම මාර්ගයේ ගමන් කරන පින්වතා, පින්වතිය අනිවාර්යයෙන්ම මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැස ගත යුතුයි. බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දේශනා කොට තිබෙන්නේ අනුපිළිවෙලකට. එක මාර්ග අංගයක් වැඩීමේ හේතුවෙන් සකස්වන ඵලයක් වශයෙන් තමයි දෙවැනි මාර්ග අංගය වැඩෙන්නේ. උදාහරණයක් කියනවා නම් සම්මා දිට්ඨිය වැඩුවොත් තමයි, සම්මා සංකප්පය වැඩෙන්නේ, සම්මා සංකප්පය වැඩුවොත් තමයි, සම්මා වාචාව වැඩෙන්නේ. හේතුඵල ධර්මයන් මත දේශනා කළ ධර්මයක්.
මේ උතුම් ධර්ම මාර්ගයට අවතීර්ණ වන පින්වතා, අනිවාර්යයෙන්ම සම්මා දිට්ඨිය කියන දොරටුවෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඇතුල් විය යුතුයි. සම්මා දිට්ඨිය නැමැති ප්‍රධාන දොරටුවෙන් බැහැරව, කෙටි මාර්ග, පහසූ මාර්ග, සැප මාර්ග ඔස්සේ අතුරු දොරටුවලින් ආර්ය අෂ්ටාංගික මාර්ගයට අවතීර්ණ වුහණොන් අනිවාර්යයෙන්ම ඔබ තුල වැඩෙන්නේ මිච්ජා ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. පින්වත් ඔබට ඉහත කාරණය පැහැදිලි කොට දෙන්න උදාහරණයක් කියන්නම්.
දවසක් මහත්මයෙක් භික්ෂූව මුණගැහසන්න කුටියට පැමිණියා. ඒ මහත්මයා කියන විදියට එම මහත්මයා ජීවිතයෙන් වැඩි කාලයක් යොමු කරන්නේ භාවනාවට. ඒ මහත්මයා භාවනාවේ දියුණුව ගැන භික්ෂුවට කියමින් සිටියදී, භික්ෂුව වැඩසිටින ප්‍රදේශයේ නිතර සැරිසරන වඳුරු රංචූව ගස් වල අතු සොලවමින් කුටිය සමීපයට පැමිණියා. ඒ වෙලාවේ එම භාවනා කරන මහත්මයා කියනවා, වඳුරෝ කියන්නේ අපේ මුතුන් මිත්තෝ කියලා. එතකොට භික්ෂූව එම මහත්මයගෙන් ඇසුවා, වඳුරෝ කොහොමද අපේ මුතුන් මිත්තෝ වෙන්නේ කියලා. එතකොට එම භාවනා කරන මහත්මයා කියනවා අපි පැවතෙන්නේ වානරයාගෙන්ය කියලා. භික්ෂූව ඒ මහත්මයාහගන් ඇසුවා, ලෝකය හට ගැනීමට අදාළව බුදුරජාණන්වහන්සේ දේශනා කොට වදාළ අග්ගඤ්ඥ සූත්‍රය මහත්මයා කියවලා නැතිද කියලා. ඒ වෙලාවේ ඒ මහත්මයා කියනවා අදාළ සූත්‍රය කියවලා තිබෙනවා, නමුත් එම සූත්‍රයේ ඇති කරුණු තමා පිළිගන් නැහැයි කියලා. බලන්න බුදුරජාණන්වහන්සේ දේශනා කොට වදාළ ධර්මයක් පිළිගන්න සූදානම් නැහැ. නමුත් ජීවිතතේ ප්‍රධානම කාර්යය භාවනාව. සම්මා දිට්ඨියෙන් තොරව සම්මා සතියක්, සම්මා සමාධියක් සොයනවා. සමහර විද්‍යා අංශයන් අධ්‍යාපනය ලබන පින්වතුන්ලා සිටිනවා. එම පින්වතුන් ඕපපාතිකව සත්ත්වයන් උපදිනවාය කියලා විශ්වාසයක් නැහැ. මේ දැක්ම අනතුරුදායකයි. සම්මා දිට්ඨිය නැමැති දොරටුවෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඇතුල් නොවීමේ විපාකයයි ඔබ මේ දකින්නේ. වර්තමාන සමාජය තුළ භාවනාවේ නාමයෙන් සම්මා දිට්ඨියේ ප්‍රධාන දොරටුවෙන් බැහැරව සම්මා සතියත්, සම්මා සමාධියත් සෙවීමේ නිරර්ථක ව්‍යායාමයක හැඩරුව පෙනෙන්නට තිබෙනවා.
____________________________________
මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.