Article
සර්වඥ ධාතූ පූජාවට ගැරහීමේ ආදීනව.
බුදුරජාණන් වහන්සේ කුසිනාරා නුවර උපවත්තන සාලවනෝද්‍යානයේ දී පරිනිර්වාණයට පත් වූ පසු උන්වහන්සේගේ ආදාහන චිතකයේ ශේෂ වූ සධාතුක භස්මාවශේෂ විවිධ රජ දරුවන් අතර බෙදා දෙන ලදි. මෙම ධාතු බෙදා දීමේදී අජාසත් රජතුමා තමා ලත් සර්වඥ ධාතූන් වහන්සේලා රැගෙන ගොස් මනහර ස්ථූපයක් කරවා සත් අවුරුදු, සත්මස්, සත් දිනක් බුදුගුණ සිහිකරමින් එයට පුද පූජා පැවැත්වීය. රජුගේ ධාතු පූජාව…
සංස්කාරයන්ගේ සූදු අන්තුවා කවුද?
මීට වසරකට පමණ පෙරාතුව, භික්ෂුව මුණගැසීමට බොහොම කනස්සල්ලෙන් පැමිණි මහත්මයෙක්, භික්ෂුවට ප්‍රකාශ කළා, “ස්වාමින් වහන්ස, අපි බලාපොරොත්තු නැති මොහෙතාක, මගේ බිරිඳගේ කුසේ දරුවෙක් පිළිසිඳ ගත්තා”ය කියලා. එම අවස්ථාවේ, භික්ෂුව එම මහත්මයාට ප්‍රකාශ කළේ, “ඔබලා මේ මොහොතේ, දරුවෙක් බලාපොරොත්තු නොවුණාට, ඔබේ පීතෘත්වය, බිරිඳගේ මාතෘත්වය බලාපොරොත්තුවෙන් මයි, ඔය දරුවා පටිච්චසමුප්පන්නව ඔබේ බිරිඳගේ මවුකුසට පැමිණ තිබෙන්නේ” කියලා. “ඔබ…
වෙසක් සදේ සිරිය මැදින් කළු වලාවේ යථාර්ථයත් දකී නම්.!
අද අසිරිමත් වෙසක් පසළොස්වක පොහොය දවස, මේ ලෝක ධාතුවට ශ්‍රේෂ්ඨතම උත්තමයෙක් ඉපදුණු දවස, බියෙන් තැතිගත් සත්ත්වයන්ට මිථ්‍යාදෘෂ්ටියේ දුකෙන් තැතිගත් සත්ත්වයන්ට බියෙන් මිදෙන්නට, දුකෙන් මිදෙන්නට උතුම් ධර්ම මාර්ගය දේශනා කොට වදාළ දවස. මේ ලෝකධාතුවට ශ්‍රේෂ්ඨම උත්තමයෙක් බිහිකරන්නට හේතු වූ සියලුම සංස්කාර ධර්මයන් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියල තම පිරිනිවීමත් උතුම් මමගල්‍යයක් බවට ම පත්කොට ගත් දවස. ලොව්තුරා…
විභාගයට යන දරුවා නියම ජයග්‍රාහකයෙක් කරන මඟ.!
පහේ ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය ඉදිරියේදී පැවැත්වීමට නියමිතයි. තරග විභාග මානසිකත්වය නිසා තම දරුවන් මෙම විභාගයෙන් සමත් කරවන්නට දෙමවුපියන් නොකරන දෙයක් නොමැති තරම්. නැකත් බලමින්, යන්ත්‍ර මන්ත්‍ර පළඳවමින්, දේවාල ගානේ ගොස් පූජා තබමින් තම දරුවන් විභාගයෙන් සමත් කරවීම සඳහා දෙමවුපියන් කටයුතු කරන බව පෙනෙනවා. මෙවැනි මිථ්‍යාදෘෂ්ටික පිළිවෙත් වෙනුවට මෙම පිරිස වෙත ධර්ම මාර්ගයෙන්…
ලිප ගිනි නිවුවත් ඇවිලෙන දිවි ගිනි.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, “යම් පින්වතෙක් කුසල් සහ අකුසල් සංස්කාරයන් වෙන් වශයෙන් දනී ද, මේ කුසල් සහ අකුසල් සංස්කාරයන්ගේ හටගැනීම වන අවිද්‍යාව දනී ද, මේ සංස්කාරයන්ගේ නිරෝධය දනී ද, මේ සංස්කාරයන් නිරෝධය කිරීමේ මාර්ගය වන ආර්ය අෂ්ඨාංගික මාර්ගය දනී ද, මේ දැක්ම එම පින්වතාගේ මාර්ග ඤාණයයි” කියල. මේ මාර්ග ඤාණය භවය උදෙසා නොව භව නිරෝධය…
රූපනන්දාවගේ කථාව.
පැවදිව සිටිය ද නෛෂ්ක්‍රම්‍යාධ්‍යාශය නැති කාමය ම ගරු කරන කාමාධ්‍යාශය ඇති පුද්ගලයෝ පැවිද්දන් අතර ද ඇත්තාහ. තථාගතයන් වහන්සේ ඔවුන් හඳුනාගන්නාහ. රූපනන්දා භික්ෂුණිය එබඳු තැනත්තියකි. ඇය පැවිදිවූයේ ඥාතීන් පැවිදි වූ නිසා ය.ඕ “මාගේ වැඩිමහලු සහෝදරයා පැවිදි ව ලොව්තුරා බුදු විය.ඔහුගේ පුත් රහල් කුමරු පැවිදි විය .මාගේ සැමියා ද පැවිදි විය.මව ද පැවිදි විය.මෙතෙක් දෙනා පැවිදි වූ…
භික්ෂූන් වහන්සේලාට ගැරහීමේ බරපතල විපාක.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ..! පෙර නිතරම ඊර්ෂ්‍යාවෙන් සිටින, මසුරු බවින් යුතු පාපී භික්ෂුවක් විය. එක් සැදැහැවත් දායකයෙක් එම භික්ෂුවගේ කීම අසා සිල්වත් භික්ෂූන්ට නින්දා කිරීමට පටන් ගත්තේ ය. කාලයකට පසු මොහු මැරී ගොස් ප්‍රේතයෙකු වී උපන්නේ ය. දිනක් මෙම ප්‍රේතයා වැසිකිළි වළකින් මතුවෙනු දුටු මුගලන් තෙරණුවෝ ඔහුගෙන් මෙසේ වීමට හේතුව විමසූහ. එවිට…
භික්ෂුව උතුම් සමාධියෙන් දුටු ප්‍රේත ඇමැතිවරයා.
අප මහා පීඩාවක් ලෙසින් ගත් උතුරේ පැවැති දශක තුනක ත්‍රස්‌තවාදයට වඩා සතර අපායේ කල්ප ගණන් පීඩා විඳින සතර අපායේ ‘ත්‍රස්‌තවාදය’ මොන තරම් භයානක වුවත් මිනිසුන් ඒ අතිභයානක තත්ත්වය ගැන නොසිතීම මහා අවාසනාවක්. සතර අපායෙන් මිදීමේ සැබෑ මග ධර්මය විසින් හොඳින් එළි පෙහෙළි කර පෙන්වා දී තිබියදීත් සතර අපායේ ත්‍රස්‌තවාදයෙන් නොමිදුනු අවාසනාවන්ත මහත්මයෙකුගේ නොපෙනෙන ලෝකයේ කථාවක්…
බොරුව කෙරෙහි වෛර කර කිසිදිනක සත්‍යය දිනවිය නොහැක.
දීර්ඝායුෂ ලබන්න අපි හැමෝම කැමතියි. භික්‍ෂුව අද උදෑසන පිණ්ඩපාතයට නිවසකට වැඩම කළ මොහොතේ, එම නිවසේ වයෝවෘද්ධ අම්මා කෙනෙක් කියනවා “අනේ ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ මගේ ආයුෂත් අරගෙන ජීවත් වේවා” කියල. භික්‍ෂුව එම වයෝවෘද්ධ අම්මාට ප්‍රකාශ කළේ, “එසේම වේවා මෑණියෝ” කියල. භික්‍ෂුව එහෙම ප්‍රකාශ කළේ එම අම්මාගේ ආයුෂ භික්‍ෂුවට ලැබෙන නිසා නොවේ. ඇය මහා සංඝරත්නය කෙරෙහි…
බිය දැනුණු තැන සිහි කරනු මේ බුදු වදන්.
දැන් වේලාව රාත්‍රි අටට විතර ඇති. කුටිය ඉදිරිපිට ලෑලි බංකුවේ වාඩි වෙලා පරිසරය දෙස බලද්දී පොසොන් සඳඑළියෙන් පරිසරය හොඳටෝ ම ආලෝකවත් වෙලා. කුටිය ඉදිරිපිට වැලිමළුව මතට පතිත වී ඇති කොළ සහ අතු වල සෙවණැලි සුළෙඟ් රිද්මයට බොහෝම විරාගී නර්තනයක් ඉදිරිපත් කරනවා වගේ. ස්වාභාවික සතර මහා ධාතුවේ කිපීම් නිසා ප්‍රචණ්ඩ වන පරිසරය තවත් වරෙක පුංචි දරුවෙක්…