Article
ආසිවිස සූත්‍රය.
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අණේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. “මහණෙනි, යම්සේ බලවත් උග්‍රවිෂ ඇත්තාවූ දරුණු විෂ ඇත්තාවූ සර්පයෝ සතර දෙනෙක් වෙත්, ඉක්බිති…
අවිද්‍යාවේ ළදරු භාවය.
මේ දිනවල පාසල් වයසේ පසුවෙන දරුවන්ට කේන්ති යනවා වැඩියි කියලා, සමහර දෙමාපියන්ගෙන් අසන්නට ලැබෙන්වා. දරුවන්ගේ කේන්තිය නිවෙන්න නම්, පිංවත් දෙමාපියන් කේන්ති නොගෙන ඉන්න දක්ෂවෙන්න ඕනේ. උතුම් සම්මා දිට්ඨියේ අර්ථයන් දුර්වලවෙන සමාජයක, සම්මා සංකප්පයන් දුර්වල වෙනවා වැඩියි. මේ දවස්වල සමාජයේ හැමෝටම කේන්ති යන දේවල්, දකින්න, අසන්න ලැබෙනවාත් වැඩියි. උතුම් සම්මා දිට්ඨියේ සිසිල් දියෙන්, පිංවත් ඔබේ ඵස්සය…
අම්රපාලී මහ රහත් තෙරණිය.
භික්ෂු – භික්ෂුණී ,උපාසක – උපාසිකා යන සිව්වනක් පිරිස ම බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ නිවන් සුව අවබෝධ කරගත්හ. යමෙක් ගිහි ව සිටියදී සෝවාන් ආදී මාර්ග ඵලයකට පත් වූ කල්හි පැවිදිව විදසුන් වැඩීම බොහෝ සෙයින් සිදුවන්නකි. ස්තී‍්‍ර – පුරුෂ දෙපක්ෂයටම ප්‍රවෘජ්‍යාව ලබා ගැනීමට හැකිවීම නිසා පුරුෂයන් මෙන්ම ස්තී‍්‍රන් ද බුදුහිමියන් කරා පැමිණ පැවිදිව මාර්ගඵලාවබෝධ කොට ගත්හ.කුල,…
අම්මාගේ කඳුළ.
අම්මා තාත්තාට බැරි අවස්ථාවක් පැමිණියොත්, ඒ දෙමාපියන්ගේ අසූචි මුත්‍රා ටිකක් ඔබේ දෑතේ නොගෑවුණොත්, ඔබ අම්මා තාත්තාට ණය නොවූ දරුවෙක් වෙන්නේ නැහැ. අම්මා තාත්තා නමැති මැණික් ඉල්ලම හඳුනා නොගත් අන්ධයෙක් වෙනවා ඔබ. එවැනි අන්ධ භාවයට පත්වූ දරුවන්ගේ දෙමාපියන් තමයි වැඩිහිටි නිවාසවල සිටින්නේ. අම්මා කෙනෙකුගේ අසූචි මුත්‍රා කියන්නේ ඉතා සුන්දර දෙයක්. ඒ අසූචිවල, මුත්රාවල ඔබව ශක්‍ර දෙවියා…
අභිධර්මයේ මහඟු භාවය.
අති පූජ්‍යය “නා උයනේ අරියධම්ම නා හිමියන්” හා අති පූජ්‍යය “දරණාගම කුසලධම්ම නා හිමියන්” අතර ඇති වූ දහම් සංවාදයක ලිඛිත සටහනකි. නා උයන සේනාසනය විසින් මුද්‍රණය කර නොමිලයේ බෙදාහරින ලද “නිවැරදි දහම දැනගනිමු” කෲතියෙන් උපුටා ගන්නා ලදි. පූජණීය දරණාගම කුසලධම්ම හිමියන්ගේ ප්රශ්නය..? අපේ ස්වාමින් වහන්සේගෙන් දැනගන්න කැමතියි,ස්වාමින් වහන්ස, ප්‍රධාන වශයෙන් බුද්ධ ධර්මය, බුදුරජාණන් වහන්සේගේ දේශනාව…
අපේ සිතේ නිතරම ද්වේශය හට ගන්නවා ද?
සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වන්නේ සියලු සත්වයන් දුකෙන් නිදහස් කිරීම උදෙසායි. උන්වහන්සේ අපට කියාදෙනවා දුකෙන් නිදහස් වන මාර්ගය පිළිබඳව. ඒ මාර්ගයේ ගමන් කරන ආර්ය ශ්‍රාවකයන් සංසාර දුකෙන් නිදහස් වී සැපත ළඟාකර ගනු ලබනවා. ඒ දුකෙන් නිදහස් වන මාර්ගයේ ගමන් කිරීමේදී අපේ ජීවිතවලට පුරුදුකළයුතු බොහෝ ගුණාංග තිබෙනවා. ඒ එක් ගුණාංගයක් සඳහන් සූත්‍ර දේශනාවක් අපි…
අනුන්ව පාලනය කිරීමට යන ඔබ.
පාලකයෙක් වෙන්න අපි මොනතරම් කැමතිද? පංති කාමරයක වේවා, වැඩබිමක, ආයතනයක, පන්සලක, ගමක, නගරයක, රටක පාලකයා, නායකයා වෙන්න අකමැති කෙනෙක් නොමැත. ඔබ ඔබෙන් අහල බලන්නකො නායකයෙක් වෙන්න ඔබ අකමැතිද කියලා. ඔබ දැනටමත් නායකයෙක් වෙන්න පුළුවන්. මිනිසා තරග කරන්නේද, සටන් වදින්නේද, අනුනට කැපිලි කෙටිලි දමන්නේද නායකත්වයට පාර සකස් කර ගැනීමටය. නැතිනම් නායකත්වය ආරක්ෂා කරගැනීමටය. වෛරය, ක්‍රෝධය, සැකය…
අන්නභාර දුගියාගේ කථාව.
පසේ බුදුවරයකුගේ දක්ෂිණාව මහත් ඵල කිරිමේ බලය අග්ගදක්ඛිණෙය්‍ය නාමය දරන මහරහතුන්ගේ දක්ෂිණාව මහත් ඵල කිරිමේ බලයට වඩා සිය ගුණයෙන් වැඩි බව වේලාම සූත්‍රය අනුව කිය යුතුය. පසේ බුදුවරුන්ගේ දක්ෂිණාර්හභාවයට නිදසුනක් වශයෙන් අන්නභාර නමැති දුගියාගේ කථාව දැක්වීම සුදුසු ය. ඒ මෙසේය:- අතිතයේ බරණැස් නුවර සුමන නම් සිටුවරයෙක් විය. ඔහු දිනපතා දුගි මගී යාචකාදීන්ට මහා දානයක් දෙයි….
අතිශයෝක්තිය සක්කාය දිට්ඨියේ ළඟම ඥාතියෙක්.
තෘෂ්ණාව හේතුවෙන් උපාදානය ඇතිවෙනවා. පටිච්ජ සමුප්පන්නව උපාදානයයි ඊළඟ භවය සකස් කර දෙන්නේ. ඉහත කාරණය මැනවින් තේරුම් ගන්න පුළුවන් සිද්ධියක් පහත සඳහන් කරනවා. අපි නිරතුරුවම පටිච්ජසමුපාද ධර්මයේ අර්ථයන්ට පිටින් ගොස් අපේ ජීවිතය දකිනවා. ඔබ සිතා සිටිනවා ඒ දැක්ම ධර්මය එකඟයි කියලා. භික්ෂුව ධර්ම සාකච්ඡාවක් කරන අවස්ථාවක මැදිවියේ කාන්තාවක් බොහොම සතුටින් උදම්ඇනුවා ඇය මැරෙන්න බය නැහැ කියලා….
සියලුම මහා බෝධිසත්වයන් වහන්සේලා ලොවුතුරා බුද්ධත්වයට පැමිණෙන අයුරු.
සියලු ම මහා බෝධිසත්වයන් වහන්සේලා ලොවුතුරා බුදුබවට පැමිණියේද ආනාපාන චතුර්ත්ථ ධ්‍යානයෙන් නැගී සිට ඥානය පටිච්චසමුප්පාදයට යවා පටිච්චසමුප්පාදය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් වටහා ගෙන විදර්ශනා කිරීමෙනි. මහා බෝධිසත්වයන් වහන්සේලා ගේ චාරිත්‍ර ධර්ම වූ පරිදි අප මහා බෝසතාණන් වහන්සේද ශ්‍රී මහා බෝධි මූලයේ වැඩ සිට, ආනාපානස්මෘති භාවනාවේ යෙදී ධ්‍යාන උපදවා චතුර්ත්ථ ධ්‍යානයෙන් නැඟී සිට උන්වහන්සේගේ ඥානය පටිච්චසමුප්පාදයට යැවූහ….