Article
මියගිය ඤාතීන් සඳහා පිං අනමෝදම් කලයුත්තේ ඇයි.
තෙරුවන් සරණයි ..! බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වීමෙන් පසු උරුවෙල දනව්ව බලා වැඩම කළහ. තුන්බෑජටිල පිරිස දමනය කොට පැවිදිකිරීම සිදු වූයේ එහි දී ය. අනතුරුව බුදුරදුන් වැඩම කළේ රජගහනුවරට ය. කිංසච්චගවේසී ව සිටි සමයේ බිම්බිසාර මහරජු කළ ඉල්ලීම ඉටු කිරීම එහි වැඩමවීමට හේතුවයි. ඉක්බිති ව බුදුරදුන් රජු ප්රමුඛ පිරිසට ධර්මය දේශනා කළ සේක. බිම්බිසාර…
මිනිස් ලොවදී විපාක දුන් පූර්ව කර්ම රහත් වූ වේද පිරිනිවෙන තුරු කුස පිරෙන්න ආහාරයක් නො ලද ලෝසක හිමි.
සිඟමනින් ජීවත් වූ කුඩා දරුවෙක් සැරියුත් ස්වාමීන් වහන්සේ කරුණාවෙන් පැවිදි කල අතර මොහු නමින් ලෝසක හිමි විය. ඒ හිමිට කිසි දිනක කුස පිරෙන්නට ආහාරයක් ලැබුණේ නැත. ඒ හිමියන් සමඟ වැඩියොත් සැරියුත් හිමියන්ටවත් දානය ලැබෙන්නේ නැත. එතරම් අවාසනාවන්ත වුවත් පෙර පිරූ පාරමී තිබූ පින් බලයෙන් රහත් විය. නමුත් දානය බෙදන්න මිනිසුන් ගෙනෙන විට පාත්‍රය පිරී දානය…
මිතුරන් උදෙසා නිරයට වැටෙන අදක්ෂයෙක් නොවන්න.
ඔබට වටින්නේ ඔබව දුකින් මුදවාගැනීම උදෙසා ඒ සා කැපකිරීම් කළ බුදුරජාණන්වහන්සේද, නැතිනම් මිතුරන්ද? හිතවතාටත්, ඥාතියාටත් වඩා පහළ තැනක ඔබ බුදුරජාණන්වහන්සේව තැබුවහොත්, ඒ මොහොතේම ඔබේ සිත පිහිටන්නේ සතර අපායේයි. මිතුරන් උදෙසා නිරයට වැටෙන අදක්ෂයෙක් වෙන්න එපා. ඔබ සැබෑ ලෙසින්ම තෙරුවන් සරණගිය පිංවතෙක් නම්, ඔබ තුළ ආත්ම ශක්තියක් සකස්වෙන්න ඕනේ සමාජය තුළ දුස්ශීලභාවය ඉදිරියේ සිල්වත්ව නැගී සිටින්න….
මිත්‍ර ප්‍රතිරූපකයෝ.
අඤ්ඤදත්ථුහරය, වචීපරමය, අනුප්පියභාණිය, අපාය සහායය යි මිත්‍ර ප්‍රතිරූපකයෝ (මිත්‍රයන් වැනි සතුරෝ) සතර දෙනෙක් වෙති. අනුන්ට යහපතක් වනු පිණිස නොව අනුන්ගෙන් ගැනීම පිණිස මිතුරු වන තැනැත්තේ අඤ්ඤදත්ථුහර නම් වූ මිත්‍ර‍්‍රප්‍රතිරූපකයා ය. තමා ගෙන් කිසිවක් නො දී අනුන්ගෙන් ම ගැනීමය, ස්වල්ප උපකාරයක් කොට මහත් දෙයක් ගන්නට බලාපොරොත්තු වීමය, තමාට බයක් පැමිණි කල්හි පමණක් සතුටු කරවීම පිණිස පක්ෂ…
මැරෙන මොහොතේ මොකද වෙන්නේ?
ධර්ම සාකච්ඡාවක් වෙලාවේදී මහත්මයෙක් ප්‍රශ්නයක් විමසුවා හාමුදුරුවනේ මැරෙන මොහොතේ කුමක්ද වෙන්නේ කියලා. මැරෙන මොහොතේ වෙන දෙය කවුරුද තීරණය කරන්නේ කියලා. මැරෙන මොහොතේ වෙන්නේ මොකක්ද කියන කාරණය අපිට ධර්මානුකූලව හොඳට පැහැදිලියි. අපි කවුරුන් හෝ මියයන මොහොතේ අවසාන චුති සිත ඇතිවෙන විට චුති සිත කියන්නේ මේ රූපය උපයොගීකරගෙන සකස්වෙන අවසාන පංච උපාදානස්කන්ධයට. චුතිසිත සකස්වෙන්නේ මනෝවිඤ්ඤාණයක් හැටියට. කුමක්…
මාර්ගඵල උතුමන් හැර අන් සියල්ලො පෙලෙන්නාවූ මානසික ව්‍යාධිය…
කෑලි කපන අවිද්‍යා ඝන අඳුරේ, අතරමං වුණ මනුෂ්‍යයෝ, කලාමැදිරි එළියටත්, පසළොස්වක සඳ යැයි රැවටෙද්දී, ප්‍රඥාවේ ආලෝකයෙන්, ලෝකය දකින මනුෂ්‍යයෝ, පසළොස්වක සඳට, පසළොස්වක සඳ යැයි, නොකියා, කුමක් නම් කියන්නද පාට පාට, වෛවර්ණ මෝස්තර සිහින ලෝකවල අතරමංවුණ මනුෂ්‍යයෝ සුන්දර හිරු බැස යන මුහුදු වෙරළේ පිනුම් ගසද්දී, ප්‍රඥාවේ ආලෝකය මෝදුකොටගත්, නුවණැති මනුෂ්‍යයෝ, සයුරෙන් එතෙරවීමට ඔරු පාරු හැදීම හැර…
මාර්ගඵල අවබෝධය පිණිස දියුණු කරගතයුතු සත්තිස් (37) බෝධිපාක්ෂික ධර්ම.
සතර සතිපට්ඨානය කායානුපස්සනා සතිපට්ඨානය. වේදනානුපස්සනා සතිපට්ඨානය. චිත්තානුපස්සනා සතිපට්ඨානය. ධම්මානුපස්සනා සතිපට්ඨානය. සතර සම්මප්පධාන වීර්යය නූපන් අකුසල් නූපදවීම පිනිස කරන වීර්යය. උපන් අකුසල් දුරු කිරීම පිනිස කරන වීර්යය. නූපන් කුසල් උපදවා ගැනීම පිනිස කරන වීර්යය. උපන් කුසල් වැඩි දියුණු කර ගැනීම පිනිස කරන වීර්යය. සතර ඉද්ධිපාද ඡන්ද ඉද්ධිපාදය. චිත්ත ඉද්ධිපාදය. වීර්යය ඉද්ධිපාදය. වීමන්සා ඉද්ධිපාදය. පංච ඉන්ද්රිය ශ්‍රද්ධා…
මාරයාට ඇස් දන්දීම.
රාත්‍රිය උදාවෙන්න හොඳටෝම ළඟයි. තවත් ටිකකින් කුටියේ ලන්තෑරුම පත්තු කරන්න ඕනේ. පින්වත් ඔබත් හිරු අවරට ගොස් උදාවෙන මේ රාත්‍රියේ දී, තම නිවසේ තිබෙන විදුලි බල්බ සියල්ලක්ම ආලෝකමත් කරාවි. ලන්තෑරුම් එළියෙන් කුටිය ආලෝකමත් වුණත්, විදුලි බුබුලූ වලින් පිංවත් ඔබගේ නිවස ආලෝකමත් වුණත්, මේ ආලෝකයන්ට පුලූවන්ද අපේ ජීවිත ආලෝකමත් කරන්න. රාත්‍රියට දැල්විලා උදෑසනට නිවීයන ආලෝකය හරියට, අපේ…
මාර ධර්මයන්ට පහර දීම…
භික්ෂුවක් උතුම් සමාධියෙන් පසුවෙනකොට උන්වහන්සේ දකිනවා, කාම අපරාධයක් සිද්ධ කරපු අසත්පුරුෂ මනුෂ්‍යයෙක්, මරණාසන්න මොහොතේදී, අකුසලය හේතුවෙන්ම, ඒ මනුෂ්‍යයා තුළ සකස් වෙන අවසාන චුති සිත. පිංවත් ඔබ සිතන්න මනුෂ්‍යයෙක් ශරීරයේ පෙට්‍රල් තවරාගෙන ගිනිගොඩක් අසලින් ගමන් කරනවා. එතකොට මොකද වෙන්නේ. එක් ක්ෂණයකින් මේ මනුෂ්‍යයාගේ මුළු ශරීරයම ගිනිගන්නවා. ඉහත කාම අපරාධයන් සිදුකළ, මරණාසන්න මොහොතේ පසුවන ඔහුගේ අවසන් සිතිවිලි…
මාපියන්ගේ යුතුකම්.
දරුවන් යහපත් අය වීමට ඔවුනට තමන් විසින් ඉටු කළ යුතු යුතුකම් මාපියන් දැනගෙන ඒවා ඉටු කළ යුතු ය. මාපියන්ගේ යුතුකම් තථාගතයන් වහන්සේ “සිගාල” ගෘහපති පුත්‍රයා හට “පාපා නිවාරෙන්ති, කල්‍යාණෙ නිවෙසසෙන්ති, සිප්පං සික්ඛාපෙන්ති, පතිරූපෙන දාරෙන සංයොජෙන්ති, සමයෙ දායජ්ජං නීය්‍යාදෙන්ති” යනුවෙන් වදාළ සේක. පාපයෙන් වළක්වා ලීම ය, යහපතෙහි යෙදවීම ය, ශිල්ප උගැන්වීම ය, සුදුසු භාර්යාවක් හා යෙදවීම…