මෝර පරිත්තය.

• මෙය සොර සතුරන්ට හසු නොවී විසීම සඳහා භාවිතයට සුදුසු පිරිතකි.

මිල මුදල් වටිනා බඩු ඇතිව වෙළඳාම් ආදිය පිණිස පිට පලාත්වල හැසිරෙන අයට ආරක්ෂාව සඳහා භාවිතයට මෙය යෝග්‍ය ය.

“බෝසතාණන් වහන්සේ රණමොනරව සිටි කාලයේ සතුරන්ට අසු නො වීම සඳහා මේ පිරිත භාවිත කළ බවත්, පිරිත කියන්නට අමතක වූ දිනයේ සතුරාගේ උගුලට අසු වූ බවත් කියා තිබේ.”

විස්තර කතාව ජාතක අටුවාවෙන් හෝ සිංහල පන්සිය පනස් ජාතක පොතෙන් හෝ දත හැකිය.

මෝරපරිත්තය කොටස් දෙකකින් යුක්තය. ඉන් එක් කොටසක් උදයට කීම පිණිස ය. අනිත් කොටස සවසට කීම පිණිස ය.

උදයට කියන කොටස මෙසේ ය.

උදෙතයං චක්ඛුමා ඒකරාජා, හරිස්සවණ්ණෝ පඨවිප්පභාසෝ, තං තං නමස්සාමි හරිස්සවණ්ණං පඨවිප්පභාසං, තයජ්ජගුත්තා විහරේමු දිවසං

යේ බ්‍රාහ්මණා වේදගු සබ්බධම්මේ, තේ මේ නමෝ තේ ච මං පාලයන්තු, නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා, නමෝ විමුත්තානං නමෝ විමුත්තියා

සවසට කියන කොටස මෙසේ ය.

අපේතයං චක්ඛුමා ඒකරාජා, හරිස්සවණ්ණෝ පඨවිප්පභාසෝ, තං තං නමස්සාමි සරිස්සවණ්ණං පඨවිප්පභාසං, තයජ්ජගුත්තා විහරේමු රත්තිං

යේ බ්‍රාහ්මණා වේදගු සබ්බධම්මේ, තේ මේ නමෝ තේච මං පාලයන්තු, නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා, නමෝ විමුත්තානං නමෝ විමුත්තියා

උදයෙහි නින්දෙන් අවදි වූ වහාම අසුනෙන් නොනැගිටම පළමු වන කොටස කියන්න. රාත්‍රියේ නින්දට යන විට දෙවන කොටස කියන්න.

– අතිපූජ්‍ය රේනුකානේ චන්ද්‍රවිමල මහනායක ස්වාමින්වහන්සේ –

සියල්ලන්ටම තෙරුවන් සරණින් යහපතක්ම වේවා..!

නමෝ බුද්ධාය..!