Article
ලෝකය යනු කුමක්දැයි ධර්මානුකූලව දැනගන්න.
මේ දිනවල මේ ප්‍රදේශයට හමන අකීකරු සුළඟ හරිම දඩබ්බරයි. සෑම දෙයක්ම ස්පර්ශ කොටගෙන එයා හමාගෙන යනවා. අජීවී වුණත් සුළඟ හරිම වාසනාවන්තයි. එයා හැමෝගේම ශරීරවල දැවටී ආශ්වාදය ලබනවා. සුළෙඟ් ආශ්වාදයට වශීවී, පිංවත් ඔබටත් සිතුනොත් අනේ මටත් සුළඟක් වෙන්න ඇත්නම් කියලා. පිංවත් ඔබලා ආදරය කරන කොට කියනවා නේද, සැබැවින්ම බැරිනම් සුළඟක් වී හෝ ඔබේ ගතේ දැවටෙන්නම් කියලා….
ලෝකය නිවන්න යාම පැත්තකින් තියලා ඔබේ ගින්න ඔබ නිවා ගන්න.
ගිනි ගන්නා වූ ලෝකයට සුවසේ ගිනි ගන්න දෙන්න. ඒ ගින්න වළක්වන්න මේ ලෝක ධාතුවේ සමතෙක් නෑ නෝනා. ඒ ගින්න වළක්වන්න පුළුවන් එකම එක සමතයි ඉන්නේ. ඒ ගින්න වළක්වන්න පුළුවන් එකම එක සමතා තමයි උතුම් ශ්‍රී සද්ධර්මය, ජීවමානව ශාස්තෘන් වහන්සේ. එහෙම ඒ ගින්න නිවා ගන්න ඔබට අවශ්‍ය නම් ඔබ මේ ඇවිළෙන්නා වූ දුකට තව තව තෘෂ්ණාවේ…
ලෝකය අයිති දෙවියන්ට ද, බ්රභ්මයාට ද?
භික්ෂුවක් දකුණු ප්‍රදේශයේ ආරණ්‍යයක වැඩසිටින විට වන්දනාවේ පැමිණි මැදිවියේ දායක මහත්මයෙක් ප්‍රශ්නයක් ඇසුවා ‘හාමුදුරුවනේ ලෝකය අයිති දෙවියන්ටද? බ්‍රහ්මයාටද?’ කියලා. එවිට භික්ෂුව ඔහුගෙන් විමසුවා ‘මහත්මයා මොකද මේ ලෝකයේ මැවුම්කරු සොයන්නේ?’ කියලා. එතකොට ඒ මහත්මයා කියනවා ‘හාමුදුරුවනේ, ජීවිතේ මතක තිබෙන දවසේ පටන්ම මම ප්‍රශ්නයක් සමගයි ජීවත් වුණේ. සෑම දේවාලයකටම ගියා, සෑම පන්සලකටම ගියා. ප්‍රශ්න වැඩිවුණා මිසක් අඩුවක්…
ලෝකය අයිති කාට ද?
භික්ෂුවක් දකුණු ප්‍රදේශයේ ආරණ්‍යයක වැඩසිටින විට වන්දනාවේ පැමිණි මැදිවියේ දායක මහත්මයෙක් ප්‍රශ්නයක් ඇසුවා ‘හාමුදුරුවනේ ලෝකය අයිති දෙවියන්ටද…? බ්‍රහ්මයාටද…?’ කියලා. එවිට භික්ෂුව ඔහුගෙන් විමසුවා ‘මහත්මයා මොකද මේ ලෝකයේ මැවුම්කරු සොයන්නේ…?’ කියලා. එතකොට ඒ මහත්මයා කියනවා ‘හාමුදුරුවනේ, ජීවිතේ මතක තිබෙන දවසේ පටන්ම මම ප්‍රශ්නයක් සමගයි ජීවත් වුණේ. සෑම දේවාලයකටම ගියා, සෑම පන්සලකටම ගියා. ප්‍රශ්න වැඩිවුණා මිසක් අඩුවක්…
ලිහා ගතයුතු පළමුවැනි ගැටය, සම්මා දිට්ඨිය යි…!
භික්ෂුව වැඩ සිටින ගමේ ඇඳිරි වැටෙනකොට හරියට මදුරුවෝ කරදර කරනවා. ලේ සුවඳට වහ වැටිලා, ඵස්සය තෘෂ්ණාවෙන් තෙත්කොටගෙන, මදුරුවෝ ශීලයක් ආරක්ෂා කොටගෙන ජීවත්වෙන මනුෂ්‍යයන්ගේ ලේ උරාබොනකොට, මනුෂ්‍ය හිංසනයට අදාළව එම මදුරුවන් සිදුකොට ගන්නා අකුසල් නම් සුළුපටු නැහැ. මදුරුවොත් ඵස්ස පච්චයා වේදනා කියන ධර්මතාවය හේතුවෙන් නිරතුරුවම ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ට අදාළව සංස්කාරයන් රැස්කොට ගන්නවා. භවයේ තිබෙන අනතුරුදායක…
රූපයම විදර්ශනාවට ලක් කරන්න.
ප්රශ්නය :- අවසර ස්වාමීන් වහන්ස, නිවන් මඟ අපි වඩාගෙන යද්දී අද වෙනකොට ප්‍රතිපත්ති පුරන ස්වාමීන් වහන්සේලා අතර ප්‍රශ්නයක් තියෙනවා, මේ පූර්ව ප්‍රතිපදාව ප්‍රතිපදාව කියලා බෙදනවා. එහෙම නැත්නම් අධි බ්‍රහ්ම චරියාව බ්‍රහ්ම චරියාව කියලා බෙදනවා. මෙන්න මෙතන වෙනස කොහොමද කියලා….? (සසර දුකින් එතෙර වීම පිණිස ගුණ පිළිවෙත් පුරන භාවනානුයෝගී ස්වාමීන් වහන්සේලා විසින් පූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමීන්…
රූපය කෙරෙහි ඔබ ඇතිකරගන්නා වූ තෘෂ්ණාව, විඤ්ඤාණයේ පෝෂණයට තිබෙන හොඳම උපකාර ධර්මය යි.
භික්ෂුව දිනක් කුටියක වැඩසිටිනකොට පිංවත් මහත්මයෙක් කුටියේ කැපකරු මහත්මයා හරහා දැනුම් දුන්නා, හෙට උදේට පිණ්ඩපාත දානය බෙදාගන්න කුටියේ පිණ්ඩපාත මඩුවට එනවාය කියලා. භික්ෂුව උදෑසන පිණ්ඩපාත මඩුවට වැඩම කරලා විනාඩි කිහිපයකට පසුව, ලොකු බෑගයක් අරගෙන එම පිංවතුන් පැමිණියා. ගමේ පිණ්ඩපාතය බෙදන්න පැමිණි දායක පින්වතුන් දැන් බලාගෙන සිටිනවා. මේ මහත්වරුන් තම බෑගයෙන් රූපවාහිනී කැමරාවකුත්, කැමරා රඳවනයකුත් එළියට…
රීකන්ඩිෂන් කරනු වෙනුවට අවබෝධයෙන් දකිමු මේ කය.
ඔබ රටේ තොටේ සංචාරය කළොත් ඔබට හැමතැනකම දකින්න ලැබෙන දෙයක් තමයි රූපලාවන්‍ය ආයතන. අතීතයේ අපි ගමක නගරයක ඇති බාබර් සාප්පුවක් මිස මෙවැනි ආයතන දැක නැහැ. රූපය වර්ණවත් කරන රූපලාවන්‍ය ආයතන, ගුවන් විදුලි ආයතනවල, රූපවාහිනී සේවාවල රූපලාවන්‍ය වැඩසටහන් ඔබගේ රූපය වර්ණවත් කිරීම සඳහා, ප්‍රභාශ්වර කිරීම සඳහා මොනතරම් වැඩසටහන් කරනවාද. මේවා මෙහෙයවන හැඩකාර පිංවත් නෝනාමහත්වරුන් මොනතරම් ආත්ම…
රාත්‍රියට නින්ද නොයාමේ ප්‍රශ්නයට සැබෑම විසදුම.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනුෂ්‍යයා රාත්‍රියට දුම් දමනවා කියලා. ඒ කියන්නේ නිදි පැදුරට ගියාට පස්සේ නින්ද යන්නේ නැහැ ගොඩාක් සිතුවිලි සිතට ගලාගෙන එනවා. හෙට දවසේ රාජකාරි සැලසුම් කරනවා. සිතුවිලි සිතට නැගෙන තරමට නින්ද ඈතට යනවා. විදීම සකස් වන තැනදී ඔබට හමුවන්නේ තෘෂ්ණාව, ඔබ තුල රූපයන් කෙරෙහි ඇතිවන තෘෂ්ණාව නිසාම ලෝභ, දේෂ, මෝහ, අකුසල මූලයන් සකස්…
රාග සිතකින් උපදින කල්පාන්තරයක දුක එක විදර්ශනා සිතකින් නිවා දමන්න…
භික්ෂුව එක ආරණ්‍යයක වැඩසිටිනකොට එහි ලොකු මල්පෝච්චිවල සිටවපු මල්ගස් පහළොවක් පමණ තිබුණා. ඉඩෝර කාලය පැමිණි නිසා ඒවාට වතුර දැමීමට අවශ්‍ය වුණා. ආරණ්‍යයේ කැපකරු එම කටයුත්ත භික්ෂුවට පැවරීමට උත්සාහ ගත්තා. භික්ෂුව එයට අකමැති වුණා. අකමැත්ත ප්‍රකාශ කළ මොහොතේ පටන්, එම කැපකරුවා භික්ෂුව සමග ගැටෙන ස්වභාවයට පැමිණියා. පසුදින භික්ෂුව දානශාලාවේදී කැපකරු මහතාට යම් ආහාරයක් පිළිගන්වන්න යැයි කියා…