Article
රූපයට වහලෙකු නොවන්න.
වර්තමාන සමාජයේ සූපවේදයේ දියුණුභාවය හේතුවෙන් සකස්වෙන විවිධ රසයෙන්, ගුණයෙන්, පැහැයෙන්, හැඩයෙන් යුත් ආහාරයන් නිසා පිංවතුන් එම ආහාරයන් ඇසෙන් දැක, දිවෙන් රසවිඳ අප්‍රමාණ ආස්‍රවයන් ඇතිකරගන්නවා. එම ආහාරයන් නොලැබුණ තැනදී ගැටෙන සිත් ඇතිකරගෙන නැති ආස්‍රවයන් ඇතිකරගන්නවා. එම ආහාරයන්ට ඇල්ම නිසා රෝගාබාධ ඇති කරගන්නවා. එම නිසා පිංවත් ඔබ රසය ඉදිරියේ ඇස, දිව, මනස සංවර කරගන්න. එසේ නොවුණහොත් ආහාරය…
මෛත්‍රිය වැඩීමට පුහුණු වෙමු.
සිතට මහත් වෙහෙසක්, කරදරයක් දැනෙයි.. කෙතරම් උත්සාහ කළත් සිතට එන තරහ පාලනය කර ගත නොහැකිය. මා කෙතරම් නිවැරදිව, හොදින් ඉන්නට උත්සාහ කළඳ අනෙක් අයගේ වචන මගේ සිත පාසාරු කරගෙන යයි. ඔවුන්ගේ ඇතැම් ක්‍රියා කලාප මට නොරිස්සුම ගෙන දෙයි. ඇතැමුන් මට ඉරිසියා කරයි. මුහුණට හොඳින් කතා බස් කරන, සිනහ වෙන අය මා නැති තැන මට දොස්…
මේඝිය සූත්‍රය.
දිනක් මේඝිය තෙරුන් බුදුන් වහන්සේ වැඳ ජන්තුග්‍රාමයට පිණ්ඩපාතය සඳහා වැඩමකරවීමට අවසර ඉල්ලීය. බුදුරදුන් මේඝිය තෙරුන්ට අවසර දෙයි. ඡන්තු ග්‍රාමයට පිඬුසිඟා වැඩිය මේඝිය තෙරුන් දවල් දානයෙන් පසු කිමිකාලා නම් නදිය අසල සක්මන් කරමින් සිටියේය. මේ අවස්ථාවේ රමණීය වූ අඹවනයක් උන්වහන්සේට දක්නට ලැබුණි. මෙම රමණීය අඹ වනය දුටු මේඝිය හිමියන්ට මෙසේ අදහසක් ඇති වුණි. මේ අඹවනය ප්‍රසාද…
මාර්ගඵල ලාභී උතුමන්ගේ පින්බර ජීවිත.
සෝවාන් ඵලයට පත් වූ අයෙක් නැවත උප්පත්තිය ලබන්නේ උපරිම වශයෙන් ආත්ම හතක් තුළ බව බුදුපියාණන් වහන්සේ වදාළා. ඒ ආත්ම හත තුළ උපත ලබන පුද්ගලයන් මෙලොව දී අපේ ඤාති, හිත මිතුරන් ඉපදී අපට ඇසුරු කරන්නට ලැබෙනවා ද? එවන් අය හඳුනා ගන්නේ කොහොම ද? ඔවුන්ගේ ගති ලක්ෂණ කෙසේද? කියා ඔබට සිතෙනවා ඇති. සෝවාන් වූ කෙනෙක් අප අතරේ…
මාගන්දිය සූත්‍රය.
මා විසින් (මේ සූත්‍රය) මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කුරුජනපදයෙහි කම්මාස්සදම්ම නම්වූ කුරුවැස්සන්ගේ නියම් ගමෙහි භාරද්වාජගොත්ත නම්වූ බ්‍රාහ්මණයාගේ ගිනිපුදන ශාලාවෙහි තණ ඇතිරියෙක්හි වාසය කළහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ උදය කාලයෙහි හැඳ පොරවා පාත්‍රා සිව්රු රැගෙන කම්මාස්සදම්ම නම් ගමට පිණ්ඩපාතය පිණිස පැමිණියෝය. කම්මාස්සදම්ම නම් ගමෙහි පිඬු පිණිස හැසිර බතින් පසු කාලයෙහි පිණ්ඩපාතයෙන් වැලකුනේ එක්තරා වන…
මහා මිත්‍ර තෙරුන් වහන්සේ.
මහාමිත්‍ර තෙරණුවෝ කස්සක නම් ලෙනක වාසය කෙරෙති. එක් උපාසිකාවක් උන් වහන්සේ දරුවකු ලෙස සළකා පෝෂණය කරන්නී ය. ඕ යම් දිනක යම් කිසිවක් පිණිස වනයට යන්නට සුදානම් වී දුව අමතා ‘දුව, අසවල් තැන පරණ සහල් ඇත, අසවල් තැන කිරි ඇත, ගිතෙල් ඇත, අසවල් තැන පැණි ඇත, තිගේ සොහොයුරා වන මිත්‍ර තෙරණුවන් වැඩි කල්හි බත් පිස කිරි…
මරණසතිය නිවනේ අමෘතයයි.
මරණානුස්සති භාවනාව ‘අමෘත’ නම් වූ නිවන් සුවය දක්වාම ගෙනයන භාවනා කමටහනකි. මරණ සතිය වැඩීමේ ඉතාම හොඳ ක්‍රමය නම්, එය අපේ ආශ්වාස – ප්‍රශ්වාස ක්‍රියාවලියේ රිද්මය අනුව පුරුදු පුහුණු කිරීම බව බුදුපියාණන් වහන්සේ වදාළහ. ‘ආශ්වාස – ප්‍රශ්වාස’ දෙකක් අතර මාගේ මරණය සිදුවිය හැකිය’ යනුවෙන් නිතර ගැඹුරින් මෙනෙහි කරන්නා අමා මහ නිවනට වහ වහා ළංවන බව බුදුපියාණෝ…
මරණය ඉදිරියේ අසරණ නොවුණු අම්මා.
“අනේ මගෙ දුවේ, මට ධර්මය ටිකක් කියලා දෙන්නකෝ. මට මොකුත් ම මතක නෑනේ. මොනවා වුණා ද දන්නෙ නෑ. කිසිම දෙයක් මතක නෑනේ මට.” ඒ, රෝගාතුර ව,රෝහලේ ඇඳක් මත සිටින, වයස අවුරුදු 83 ක් වූ, කායික ව ඉතා පීඩාවෙන් සිටින මවක් විසින් තමාගේ උපකාරයට තමා ළඟ නතර වන්නට පැමිණි තම පුතාගෙ බිරිඳ දුටු ගමන් පැවසූ වදන්…
මතකභත්ත ජාතකය.
සම්මා සම්බුදු අසිරිය සැවැත්නුවර පුරා පැතිර තිබුණේය. උන්වහන්සේගේ මහා කරුණාවෙන් බොහෝ අයගේ සිත්වල තිබූ දුක්ගිනි දැල් නිවී ගියේය. ඒ තිලොවග මිනිඳු ගුණ අසිරිසිරි සරයෙන් සිත් සතන් සනස්වා ගත් මිනිසුන් ඒ සැවැත්නුවර ඡේතවනාරාමය වෙත පිය මැන්නේ සැඳෑ කාලයේය. ඉරමඬල හෙමි හෙමින් බැස යද්දී සැඳෑවෙහි අහස් කුස රන්වන් පැහැය හා මුසුවූ සුරත් පැහැයෙන් බබළන්නට විය. මහා කරුණ…
බොහෝ බල ඇති මෛත්‍රිය පුරුදු කරන කඳ පිරිත.
මෙත් සිතට සීමා මායිම් නැත.එකිනෙකා කෙරෙහි මෙත් සිත පැතිරවීමේ අනිශංස බොහෝ බුද්ධ දේශනාවලදී අවධාරණය කර ඇත. ඒ අතර කඳ සූත්‍රය හෙවත් ඛන්ධ පිරිතෙන් පෙන්වා දෙනුයේ උරග ප්‍රජාව විෂයෙහි මෙත් සිත් පතුරුවන්නන්ට විසකුරු සතුන්ගෙන් හානි නොපැමිණෙන බවයි. සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායට අයත් මෙම සූත්‍රදේශනාව ආශිර්වාදාත්මක සූත්‍රයක් ලෙස පිරිත් පොත් වහන්සේගේ පළමු බණවරට ඇතුළත් කර ඇත. පිරිත…