Article
කොහෙද මේ යන්නේ?
හිමිදිරි උදයේ අවදිවෙලා හැමෝම මහ යුද්ධයක. සමහරු දත් මදිනවා මූණ සෝදනවා. සමහරු උයනවා කෑම පිළියල කරනවා. සමහරු වැසිකිලියේ.සමහරු රෙදි මදිනවා. ළමයි ඉස්කොලෙ වැඩ ඉවර කරගන්න බැරුව දගලනවා. වැඩට යන්න ඉස්කෝලෙ යන්න වාහන ඇවිල්ලා නලා නාද කරනවා. කට්ටිය කෑගහගෙන එහෙ දුවනවා මෙහෙ දුවනවා. ඔය අතරෙ ගුවන් විදුලියෙ රූපවාහිනියෙ යන බණ පිරිත් ආදියත් ඇහෙනවා. කඩිමුඩියේ බත් කටක්…
කුරුළු හොටකට කෑලි කැඩෙන කොළ පනුවාගේ අතීත සිල්පද.
කෙටියෙන් කියනවා නම් සම්මා සතිය යනු සම්මා දිට්ඨියේ සිට සම්මා වායාමෝ දක්වා ධර්මයන්ගෙන් පෝෂණය වූ ධර්මානුකූල ඵලයයි. මේ උතුම් සම්මා සතියයි, පංච නීවරණ තුනී වූ සම්මා සමාධිමත් සිතක් ඔබට ඇතිකොට දෙන්නේ. සම්මා සතියේ අර්ථය නොදන්නා මිච්ඡා සතියෙන් යුත් පාලක පිංවතුන්ලා සකස්කොට ගත් සහ ජනතාවට සකස්කොට දුන් අකුසල් සංස්කාරයන් නිසාම, ඒවායේ ඵලයෙන්, මේ වන විට දැඩිසත්කාර…
කාමයන්ට ගිජු වීමේ ආදීනව.
කාමය සිඟා කෑ දෙයක් වැනි ය. නැතිනම් තාවකාලිකව අනුන්ගෙන් ඉල්ලා ගත් දෙයක් බඳු ය. හිතවතකුගේ ඇඳුමක් පැළඳුමක් ඇඟලාගෙන අප ආඩම්බරයෙන් ගමනක් යනවා යැයි සිතමු. එහෙත් නැවත ඉල්ලූ වහාම ඒවා ආපසු දිය යුතු ය. කාමයෙන් ලැබෙන ආශ්වාදය ද එවැනි ය. අධික බැඳීම් සහ අධික ඇලීම් ඇති කරගත්තත් ඒවා අප කෙරෙන් කවර මොහොතක ගිලිහී යා දැයි කිව…
කලක් ධර්ම ශ්‍රවණය කලත්, කිසි ප්‍රතිඵලයක් නොලද තරුණයෙක් හට බුදු හිමියන් දුන් ඔවදන.
බරණැස් නුවර තරුණයෙක් දිනපතා බුදුරදුන්ගෙන් බණ ඇසීමට පුරුදුව සිටියා. එහෙත් කාලයක් තිස්සේ බණ ඇසුවත් ඔහුට සිදු වු සෙතක් නැහැ. එක් දිනක් ඔහු උදේම අනිත් අය බණ ඇසිමට පැමිණිමට පෙර පැමිණ බුදු හාමුදුරුවන් සමඟ කළ සාකච්ඡාවකුයි මේ, “භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්ස අප බොහෝ දෙනෙක් ඔබ වහන්සේගෙන් බණ ඇසීමට පැමිණේ. එයින් කීප දෙනෙක් ඉක්මනින් සෝවාන්, සකෘදාගාමී, අනාගාමි…
ඔබේ ලෝකයෙන් මගේ ලෝකය හිස් කිරීම.
පිංවත, මේ අපි හමුවුණා නොවේ. මේ අපගේ ගෞරවනීය සමුගැනීමයි. රැකවරණයක් නැති ලෝකයක කුමකට නම් යළි හමු වෙන්න ද? ජරා, ව්‍යාධි, මරණයන්ටම යටත් වූ අපේ ජීවිත ගැන තවත් කුමන නම් බලාපොරොත්තුවක් තබන්න ද? පිංවත ඔය දෑස් අග නළියන ගෞරවයේ උණුසුම් කඳුළු බිංදු වලට යළි පණ දෙන්න එපා. ඒ ගෞරවයේ කඳුළු බිංදු වියළිලාම යන්න ඉඩ දෙන්න. ආයෙමත්…
ඔබ රකින ශීලය මෙනෙහිකර කුසල් රැස් කරගන්නේ කෙසේ ද?
(1) රහතන් වහන්සේලා දිවි හිමියෙන් ප්‍රාණඝාතයෙන් වැළකී සියලු සතුන් කෙරෙහි අනුකම්පා සහගත සිතින් වාසය කරන්නාහ. මම ද අද ප්‍රාණඝාතයෙන් වෙන්ව සියලු සතුන් කෙරෙහි අනුකම්පා සහගත සිතින් රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි. (2) රහතන් වහන්සේලා දිවි හිමියෙන් සොරකමින් වෙන්ව ඇද නැති පිරිසිදු සිතින් වාසය කරන්නාහ. මම ද අද සොරකමින් වෙන් ව…
එළදෙන සහ කනුව.
වෙල්යායක් අසල කණුවක කඹයකින් බැඳි එළදෙනක් තණ කමින් සිටින්නීය. තමාට අයත් ගොදුරු බිමෙහි සීමාවන් හරිහැටි නොදත් ඇය, මුලදී විටින් විට ළඟ ඇති සරු ගොයමට ඇදෙන්නීය. එහෙත් ගෙල වටා ඇති කඹය ඇය බැඳී සිටින කණුව සිහිපත් කර දෙයි. අසිහියෙන් ඈතට අදින වාරයක් පාසා කණුවත් කඹයත් මෑතට අදින බැවින් අන්තිමේදි එළදෙන තමාට අයත් ගොදුරු බිම තේරුම් ගන්නීය….
උපාදානය.
“තත්ථ කතමං තණ්හා පච්චයා උපාදානං? කාමූපාදානං, දිට්ඨූපාදානං, සීලබ්බතූපාදානං, අත්තවාදූපාදානං. ඉදං වුච්චති තණ්හා පච්චයා උපාදානං” කාම උපාදානය, දිට්ඨි උපාදානය, සීලබ්බත උපාදානය, අත්තවාද උපාදානය යන සතර තෘෂ්ණාව හේතුවෙන් හට ගන්නා උපාදානය ලෙස දක්වා තිබේ. ආදාන යන වචනයේ තේරුම ගැනීම යනු යි. යමක් ලෙහෙසියෙන් අත් නොහරින පරිද්දෙන්, තදින් ගැනීමට උපාදානය කියනු ලැබේ. මෙහි දී උපාදානය කියනුයේ චිත්ත සන්තානයක…
උකටලී භික්ෂුව පිළිබද කථා පුවත.
අප්පස්සාදා දුඛා කාමා, ඉති විඤ්ඤාය පණ්ඩිතො. කහවණු වැස්සෙනුදු (වස්තු, ක්ලේශ) කාමයන්හි තෘප්තියක් නැත. කාමයෝ ආශ්වාද රහිතයහ. (බොහෝ) දුක් ඇත්තාහ, නුවණැති මහණතෙම මෙසේ දැන අපි දිබ්බෙසු කාමෙසු, රතිං සො නාධිගච්ඡති; තණ්හක්ඛයරතො හොති, සම්මාසම්බුද්ධසාවකො. හෙතෙම දිව්‍යවූ පඤ්චකාමයෙහිදු ඇල්මකට නොපැමිණෙන්නේය. ඒ බුද්ධ ශ්‍රාවකතෙම (තෘෂ්ණාව) ගෙවීමෙහි ඇලුනේ වන්නේය. “න කහාපන වස්සෙන ” යන මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටියදී…
ඇලීම් ගැටීම් හමුවේ සිහිය පවත්වන්නේ කෙසේ ද?
මේ ලෝකයේ ඉපදුන අප සෑම දෙනාම නිරන්තරයෙන් ම කවර හෝ වේදනාවකට යටත්වයි ජීවත් වෙන්නේ. එනිසා වේදනා යනු කුමක්ද කියා විමසා බලමු. මෙහිදී වේදනා කියන්නේ විඳීමට යි. දුක්, සැප සහ මැදහත් වේදනා යනුවෙන් වේදනා කොටස් තුනකට බෙදෙනවා. විඳිනවා කියන අර්ථයෙන් එය සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා වශයෙන් ද කොටස් තුනකට බෙදෙනවා. අදුක්ඛමසුඛ කියන්නේ දුකත්…