Article
පෝතලිය සූත්‍රය.
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන්වහන්සේ අංගුත්තරාප නම් ජනපදයෙහි අංගුත්තරාප නම් දනව් වැස්සන්ගේ ආපණ නම් නියම් ගමෙහි වැඩ වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු වේලෙහි හැඳපෙරවා පාසිවුරු ගෙන ආපන නම් නියම් ගමට පිඩු පිණිස වැඩියහ. ආපණ නම් නියම් ගමෙහි පිඩු පිණිස හැසිර බතින් පසු කාලයෙහි පිණ්ඩපාතයෙන් වැලකුනේ එක්තරා වන ලැහැබක් යම් තැනෙක්හිද එතැනට…
පිරිනිවියා වූ බුදුරජාණන් වහන්සේට ගරුබුහුමන් වැඳුම් පිදුම් කරන්නේ කෙසේ ද?
පරලෝසැපත් ගුණවත් පුද්ගලයන්ට ගරු කිරීමේ ක්‍රමයක් ශිෂ්ට මනුෂ්‍යයන් අතර ඇත්තේ ය. සොහොන් කොත් පිහිටවීම-පිළිරූ පිහිටවීම – ස්මාරක පිහිටවීම – ඒවාට අභිවාදනය කිරීම – මල්වඩම් ආදියෙන් පිදීම යනාදිය මිය ගිය උත්තමයන්ට ගරු කිරීම් වශයෙන් ශිෂ්ට මනුෂ්‍යයන් කරන වැඩ ය. පිරිනිවියා වූ බුදුරජාණන් වහන්සේට ගරුබුහුමන් කිරීම් වශයෙන් සැදැහැවතුන් අනුගමනය කරන්නේ ද ඒ ක්‍රමය ම ය. බුද්ධාදි ආර්‍ය්‍යයන්…
ප්‍රිය විප්‍රයෝග දුක්ඛය.
ආදරයෙන් රැස් කොට ආරක්ෂා කරගෙන සිටින ධනයෙන් හා පුත්‍ර භාර්‍ය්‍යාදි පුද්ගලයන්ගෙන් ද වෙන් වීම ප්‍රිය විප්‍රයෝග දුක්ඛය යි. ධනය වනාහි වියදම් වීමෙන් ද සොරුන් විසින් රජුන් විසින් පැහැර ගැනීමෙන් ද ගිනි දිය ආදියට අසුවීමෙන් ද හිමියාගෙන් වෙන් වෙන දෙයකි. හිමියා වෙත යම් ධනයක් ඉතිරි වුව ද මරණයට පැමිණීමෙන් ඔහු එයින් ඒකාන්තයෙන් වෙන් වන්නේය. පුත්‍ර කලාත්‍රාදි…
ප්‍රණීතභාවය යනු සුන්දර හේතුඵල ධර්මයකි.
භික්ෂුව අද උදෑසන පිණ්ඩපාතයේ වැඩම කිරීමට කැලයෙන් මහපාරට අවතීරණය වෙද්දී, පාරේ අයිනේ තිබෙන ගස් සෙවණේ, තැන් තැන්වල බත් ඔතාගෙන පැමිණි පත්තර කොල, තැඹිලි කෝම්බ, වරකා ගෙඩියක් අනුභවකොට ඉතිරි අපද්‍රව්‍ය තැන් තැන්වල දමලා. පාසල් නිවාඩුව නිසා වන්දනාවේ යන, විනෝද ගමන් යන වාහන මේ දිනවල පාරේ හුඟාක් වැඩියි. එම පින්වතුන්ලා කෑම කන්න කැලය අයිනේ වාහනය නවත්වලා, ආහාරයෙන්…
පටිච්ච සමුප්පාදය.
තත්ථ කතමං නාමරූප පච්චයා සළායතනං? චක්ඛායතනං, සෝතායතනං, ඝාණායතනං, ජිව්හායතනං, කායාතනං, මනායතනං ඉදං වුච්චති නාම රූප පච්චයා සළායතනං යනුවෙන් විභංගලාළියෙහි චක්ඛායතනය, සෝතායතනය, ඝාණායතනය, ජිව්හායතනය, කායාතනය හා මනායතනය යනාදිය නාමරූපයන් නිසා හට ගන්නා වූ ආයතන ලෙස විභංග පාළියෙහි දක්වන ලදි. එහි චක්ෂුර්විඥානය යි කියනු ලබන රූප දක්නා සිතට උත්පත්තිස්ථානය වූ ඇසෙහි පිහිටි ඔපයට චක්ඛායතනයයි. ශ්‍රෝත්‍රවිඥානය යි කියනු…
පංච උපාදානස්කන්ධ ලෝකය බියකරුයි.
පිංවත, භික්ෂුව මේ දිනවල වැඩසිටින්නේ, විදුලි ආලෝකය තිබෙන කුටියක. පැය දෙකක් පමණ විදුලිය විසන්ධි වෙලා තිබිලා, දැන් තමයි ආලෝකය ලැබුණේ. පිංවත් ඔබටත් මේ විදුලි කප්පාදුවේ අත්දැකීම නිතරම ලැබෙනවා නේද? පිංවත, විදුලිය නැති වෙලාවට තමයි ප්‍රඥාවේ ආලෝකයේ අගය දැනෙන්නේ. පිංවත් ඔබ ළඟ ප්‍රඥාවේ ආලෝකය නැති වුණොත්, විදුලිය කැපිල්ල ඔබේ සංස්කාර ගිණුමට අකුසලයේ ආලෝකයක්ම වෙනවා. පිංවත, බලවත්…
නොදුටු කළණ මිතුරු ඇසුර.
බුද්ධ ශාසනයේ වෘද්ධිය දුෂ්කරය. යමෙක් මේ බුද්ධ ශාසනයෙහි වෘද්ධියක් ලබන්නේද ඒ සඳහා බලවත්ම උපනිශ්‍රය ලබනුයේ කළ්‍යාණ මිත්‍රයන්ගෙනි. බුදුරජාණන්වහන්සේ වදාලේ මේ බුද්ධශාසනයම පවතිනුයේ එකී සම්පත්තිය පදනම් කරගෙනය යනුවෙනි. මූලික වශයෙන් යමෙක් අකුසලයෙන් මුදවා කුසලයෙහි සමාදන් කරවනුයේ කළ්‍යාණ මිත්‍රයා විසින්ය. ඉන් අනතුරුව අනුපිළිවෙලින් අර්හත්වය දක්වාම හික්මවනුයේ උන්වහන්සේලා විසින්මය. ධර්මය සොයා තමන් වෙත පැමිණෙන පුද්ගලයන් හට කළ්‍යාණ මිත්‍රයෙකු…
නීවරණ ධර්මයන්.
කාමච්ඡන්ද නීවරණය, ව්‍යාපාද නීවරණය, ථීනමිද්ධ නීවරණය, උද්ධච්ච කුක්කුච්ච නීවරණය, විචිකිච්ඡා නීවරණය, අවිජ්ජා නීවරණය කියා නීවරණ සයෙකි. සත්ත්ව සන්තානයෙහි ඇති නොවූ කුශලයන් ඇති නොවන ලෙසත්, ඇති වූ කුශලය නො පවත්නා ලෙසත් ආවරණය කරන, කුශලයට බාධා කරන ධර්මයෝ නීවරණ නම් වෙති. බලවත් ලෝභය කාමච්ඡන්ද නීවරණය ය. ද්වේෂය ව්‍යාපාද නීවරණය ය. ථීනමිද්ධ නීවරණාදිය ඒ නම් වලින් දැක්වෙන චෛතසිකයෝ…
නීතියට බයේ සැඟවෙන, අකුසලය ඉදිරියේ චන්ඩිවෙන නිවටකම.
මෙය සටහන් තබන භික්ෂුවගේ භික්ෂු ජීවිතයේ දොළොස්වැනි වස් කාලය ගෙවී යන්න තවත් හරියටම සතියක කාලයක් ඉතිරිවී තිබෙනවා. භික්ෂුව මොහොතක් දෑස් දෙක පියාගෙන ගෙවීගිය දොළොස් වසරක උපසම්පදා දිවියේ අතීතය දෙස හැරී බලනවා. ඒ අතීතය තුළ භික්ෂුවට පිංවත් ඔබට සටහන් තබන්න ඉතිරිවෙලා තිබෙන්නේ සියලූ සංස්කාරයෝ අනිත්‍යයි කියා පමණක්මයි. පිංවත් ඔබගේ සිත ඇලීම්, ගැටීම් සහ උපේක්ෂාවන්ගෙන් හිස්වුණ තැන…
නිර්වාණය.
බෞද්ධයන් විසින් නිර්වාණය යි කියා පතන්නා වූ ලැබීමට උත්සාහ කරන්නා වූ යමක් වේ නම් එද අනිකක් නො ව මේ දුඃඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය ම ය. දුඃඛ නිරෝධාර්‍ය්‍ය සත්‍ය සංඛ්‍යාත නිර්වාණය වනාහි ඇතමුන්, සිතන හැටියට කිසි වටිනාකමක් නැති සැපයකුත් නො වන, නො පැතිය යුතු, බිය විය යුතු හිස් බවක් නො ව අති ප්‍රණීත සැපයකි. වටිනාකම පමණ කළ…