Article
මොකක්ද මේ වැසි සළු පූජාව?
උතුම් වස්සාන කාලය තව සතියකින් උදාවෙනවා. සෑම වසරකම උදාවෙන වස් කාලය බෞද්ධ ඔබට මට ඉතාමත්ම පින්බර කාලවකවානුවක් වෙනවා. වස් කාලයේ ආරම්භය සනිටුහන් වන්නේ ගිහි අප විසින් මහා සංඝරත්නය උදෙසා පෙර වස් සමාදන්වීමට සිදුකරනා ආරාධනාවත් සමඟින්. මෙහිදී ගිහි අප විසින් මහා සංඝරත්නයට වැසි සළුවක් පූජා කිරීම සිදුකරමින් වස් සමාදන්ව අදාල ස්ථානයේ වස් තුන් මාසය වැඩ වසන…
මෛත්රී භාවනාව කියන්නේද අතහැරීමකි.
භාවනා කරන බොහෝ දෙනෙක් උපාදානය කියන කාරණයේ බරපතළ බව නොසිතන බව පෙනෙනවා. උපාදානයේ තිබෙන අනතුර තේරුම් ගැනීමට පිංවත් ඔබ සියුම්ව ඔබේ ජීවිතය දෙස බැලිය යුතුවෙනවා. ඔබ පසළොස්වක පොහොය දවස ගැන සිතන්නකෝ. ලක්ෂ කීයක් පිංවතුන් එදාට සිල්සමාදන් වෙනවාද? විහාරස්ථානවල. නමුත් මේ පිරිසෙන් කීයෙන් කීදෙනාටද පුළුවන් පසුදා උදෑසන දක්වා සිල් පවාරනය නොකොට විහාරස්ථානයේම නවතින්න. සවස හතර වනවිට…
මෛත්රියත් පරෙස්සමින්…
පිංවත් ඔබට ලෝකය සුන්දර ලෙස චමත්කාරජනක ලෙස පෙනුන ද ලෝකය තුළ ක්රෝධය, ද්වේශය, ව්යාපාදය අති බහුලය. ලෝකය තුළ ක්රෝධය, ද්වේශය, ව්යාපාදය බහුලයි යනු මනුෂ්යයා තුළ සකස්වන්නාවූ අවිද්යාසහගත සිත ක්රෝධය, ද්වේශය, ව්යපාදය තුළින් අපවිත්රයි යන්නය. ලෝකය යනු සිතයි. සිතක් යනු දුකයි. මේ දුක වැඩිවශයෙන් ඔබට සකස්කර දෙන්නේ ද්වේශයෙන් අපවිත්ර වූ ඔබගේ සිතමය. එහෙයින් ලෝකය තුළ ද්වේශය,…
මෛත්රිය වැඩුවහම අපිට ලැබෙන ආනිශංස මොනවද?
මෙහෙමයි. මෛත්රිය කියන කාරණය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ… දැන් අපි මේ ජීවිතයේ ප්රසන්න සිරුරක්, ශරීරයක් ලබලා තිබෙනවා නම්, ඒ ප්රසන්න ශරීරය ලබන්න අපිට හේතු වුණේ ගිය ජීවිතයේ අපි වඩපු මෛත්රී චිත්තයන්මයි. තේරුණාද? දැන් කාටහරි මේ ජීවිතයේ ලස්සන, ප්රසන්න පිරිමි හෝ වේවා කාන්තා හෝ වේවා රූපයක් ලබලා තියෙනවා නම් ඒ රූපය ලැබුණේ අම්මා, තාත්තා නිසා නෙවෙයි….
මේ දුකදැයි සිහියෙන් බලන්න…
වනගත ආරණ්යවල හුදකලා වනවාසී කුටිවල වැඩසිටින ස්වාමීන් වහන්සේලා ගත කරන්නේ සමහරවිට දුෂ්කර ජීවිතයකි. මෙය සටහන් තබන වේලාවේ භික්ෂුව වැඩසිටින්නේ රුහුණු ප්රදේශයේ වනගත ආරණ්යයකය. මේ වන විට මාස කිහිපයකින් මෙහෙට වැසි නැහැ. පරිභෝජනයට ගන්න තිබෙන වැව් දෙකම හිඳිලා. ඒ හිඳීගිය වැවේ ඇති සුළු වතුර ප්රමාණයේ අලින් නානවා, සත්තු වතුර බොනවා, කිඹුල්ලුත් බැසගෙන ඉන්නවා. ලුණු ගතිය වැඩිනිසා…
මේ තරම් ලස්සන, සුන්දර, තාරුණ්යයෙන් පිරුණු ජිවිතය දෙස ඇයි අපි අසුභවාදීව බලන්නේ?
මේ සටහන කියවන ධර්මය කෙරෙහි උනන්දුව අඩු, ජීවිතය ආශ්වාදයක් කරගත් පිංවතෙකුට, පිංවතියකට ‘මේ තරම් ලස්සන, සුන්දර, තාරුණ්යයෙන් පිරුණු ජීවිතය දෙස ඇයි අපි අසුබවාදීව බලන්නේ ‘ කියලා සිතෙන්න පුළුවන්. බාහිරින් ඔය ‘පවුඩර් සාප්පුව’ දිහා බැලුවහමනම් ලස්සන තමයි. නමුත් පිංවත් ඔබම සිතන්න, සුවඳ විලවුන්, පවුඩර්, ඇඳුම් පැලදුම්, දත් මැදීම්, නෑම, ඇඟ සේදීම් නැති වුණොත් රූපයේ මොන ලස්සනක්ද?…
මේ ජීවිතය වටිනවාද? නැද්ද?
බොහෝ දේවල් වල වටිනාකම අපට දැනෙන්නේ ඒවා අහිමිව යද්දීය. නිරතුරුව පවතිද්දී අගය ආශාව නොදැණුන බොහෝමයක් දේවල් වලට අමුතු ආශාවක්, අගයක්, වටිනාකමක් ඒවා නැතිවී යන බව වැටහෙද්දී , නැතහොත් නැතිව ගිය පසු සිතට දැනෙයි. නිවැසියන් හා එක්ව සිටින තාක් කල් නොදැනුණු අගය, ආදරය , ඔවුන්ගෙන් ඈත්වද්දී දැනෙයි. ළඟ සිටින තාක් කල් අගයක් නොමැතිව තිබු පුද්ගල සබඳතා…
මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේදී පහළවෙච්ච ශේෂ්ඨතම පෙම්වතුන් යුවළ…
ඔබ ආදරයට ආදරය කරන්න, ඔබ ලබන අවංක ආදරයට ඔබ වංචා කළොත්, ඔබ ගරු නොකළොත්, අනාගත භව ගමනේ, ආදරය ඔබට, සෙනෙහසක් නැති කාන්තාරයක්ම වේවි. ආදරය කියන්නේ බොරුවක්ය කියලයි, භික්ෂුව, අත්දැකීම් තුළින් සටහන් තබන්නේ. නමුත් මේ බොරුව, පින්වත් ඔබේ පින විසින් ඔබට සඟවලයි තිබෙන්නේ. ඔබේ පටිච්චසමුප්පන්න පින, ආදරය බොරුවක්ය කියලා, කවදාකවත් ඔබට හඳුනාගන්න දෙන්නේ නැහැ. නමුත් භික්ෂුවගේ…
මුලාවෙන් මිදෙන්න.
( අතිශයින්ම නිර්මල දහම් මග ගවේශනය කරන ප්රඥාවන්තයින් සඳහා මිස දැනුම මිනුම සඳහා හෝ විවාද තරඟයක් සඳහා නොවන බව කරුණාවෙන් සළකන්න.) වර්තමානය තුළ ධර්මය පිළිබඳ බොහෝ විපරීත දෘෂ්ටි ඇතව තිබෙනු සුලබව දැකිය හැකිය. කොතරම් දෘෂ්ටිගතිකද යත් අපටද අධර්මවාදයෙන් වාද කරති. කෙසේවුවත් බුද්ධ වචනය තුළින් නිවන් මග ගවේශනය කරන සැදැහැවතුන්ගේ ප්රඥාව වෙනුවෙන් තව දුරටත් මෙසේ බුද්ධ…
මුණින්ද්රයාණන් වහන්සේගේ මහා කරුණාව.
කරුණාව යනු අනුන් ගේ දුකෙහි දී හදවත කම්පා වීම යි. මෙකී කරුණාව ලෝකයෙහි බොහෝ දෙනෙකු තුළ ඇත්තේ ය. ඔවුහු දුකට පත් වූවන් දැක කම්පා වෙති. කඳුළු වගුරුවති. ඒ දුකට පත් වූවන් නඟා සිටුවීමට නන් අයුරින් පිහිට වෙති. තමා පිහිට වූ පුද්ගලයන් ගෙන් පෙරළා කිසිවක් බලාපොරොත්තු නොවෙති. සැබැවින් ම මෙය කරුණාවකි. එහෙත් මෙයට අප “මහා කරුණාව”…