Article
‘ඵස්ස පච්චයා වේදනා. ඵස්ස නිරෝධා වේදනා නිරෝධා’
ආධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත්, විඤ්ඤාණයත් මුසුවීමෙන් ‘ඵස්සය’ (ස්පර්ශය) කියන ධර්මතාව සකස් වුණා. ඵස්සය හේතුවෙන් සකස්වෙන ඵලය තමයි වේදනාව. ‘ඵස්ස පච්චයා වේදනා. ඵස්ස නිරෝධා වේදනා නිරෝධා’ ඵස්සය තෘෂ්ණාවෙන් තෙත්කිරීම නිසා සකස්වෙන ඵලය තමයි, වේදනාව. නැතිනම් විඳීම කියන්නේ. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, සැප වේදනාව, දුක් වේදනාව, උපේක්ෂාසහගත වේදනාව කියලා තුන් ආකාරයක වේදනාවක්. සැප, දුක්, උපේක්ෂා කියන විඳීම් තුනම…
හිංසාවෙන් විමුක්තිය සොයන මිනිස්සු, සුගතියෙන් ඈතට යනවා.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දිනක් මහා සංඝරත්නය පිරිවරාගෙන මගධ ජනපදයේ චාරිකාවේ වඩිනවා. මගධ ජනපදයේ බොහෝම මහේශාක්‍ය ලෙස ජීවත්වෙන කූටදන්ත බ්‍රාහ්මණයා මේ දිනවල විශාල යාගයකට සූදානම් වෙමිනුයි හිටියේ. මෙම කූටදන්ත බ්‍රාහ්මණයාට අයත් උයනේ ලොකු ගවයන් 700ක්, ගොන් නාම්බන් 700ක්, තරුණ වැස්සියන් 700ක් එළුවන් 700ක් බැටළුවන් 700ක් යාගය සඳහා කණුවල ගැටගසා තිබුණා. ඒ කියන්නේ සතුන් 3500ක් යාගය සඳහා…
සුන්දර තාරුණ්‍යය.
නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස… ජීවිතයට ලොබ බඳින සතුට, සැනසීම සොයා යන ජීවිතේ, අපූර්ව කාල පරිච්ඡේදය යෞවනත්වයයි. කවුරුත් ලෝකයට අත්පොත තියන ස්වාධීනත්වය අගයන කාලයක් තාරුණ්‍යය. එය අසීමාන්තිකව වින්දනය පසුපස හඹා යන, අලුත් අත්හදා බැලීම් කරන සුන්දර කාලයක්. ඇතැම් විටෙක කෙනෙක් ඒ තරුණ බවින් මත් වෙන්නටත් පුළුවන්. අද තාරුණ්‍යය බොහෝවිට ඒ යොවුන් මදයෙන් මත්ව ඇති…
සිහින මැකී යන ලෝකය මිරිගුවකි.
සුන්දර වස්සානයේ තවත් සතියක් ගෙවී ගිහිල්ලා. වස්සානය දවසින් දවස ගෙවී යද්දී, අපේ උපසම්පදා භික්ෂු ජීවිතවල සුපටිපන්න ගුණය, උජුපටිපන්න ගුණය, ඥායපටිපන්න ගුණය තව තව දලූ, අතු රිකිලි දමා වැඩෙන්න ඕනේ. එවිටයි සුවසේ විදර්ශනා අරටුව ශක්තිමත් වෙන්නේ. මේ සියල්ලම ශක්තිමත් වුණොත් තමයි, සංඝ සමාජයේ ආයුෂය, වර්ණය, සැපය, බලය වැඩිවෙන්නේ. උතුම් සංඝ සමාජයේ ආයුෂය, වර්ණය, සැපය, බලය කියන්නේ…
සියළු සංස්කාරයෝ අනිත්‍යය, අප්රමාදී වෙන්න.
ලොව්තුරා බුදුරජාණන්වහන්සේ පිරිනිවන් පෑමට මොහොතකට පෙරාතුව, භික්ෂූන් වහන්සේලා අමතා ප්‍රකාශ කරනවා, “මහණෙනි, පින්වත් ඔබලාට ධර්ම මාර්ගය සම්බන්ධයෙන් යම් ගැටළුවක් ඇතොත්, එම ගැටළු බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටින අවසාන මොහොතේදී, අසා දැන ගන්නය කියලා. නමුත් ස්වාමීන්වහන්සේලා නිහඬව සිටිය මිසක් කිසිදු ප්‍රශ්නයක් බුදුරජාණන්වහන්සේගෙන් විමසුවේ නැහැ. එවිට බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා භග්‍යවතුන්වහන්සේ වෙහෙසට පත්වෙනවාය කියලා. ඔබට, ඇති ප්‍රශ්න නොවිමසා සිටින්න…
සිංහල බෞද්ධ ජාතිය උපන්නේ, සද්ධර්මයේ ලේ උරුමයෙන්.
ප්රශ්නය: පින්වත් ස්වාමින් වහන්ස, පසුගිය කාලය පුරාම ගෞරවනීය මහා සංඝරත්නය සහ රණවිරුවන් තරම් නින්දා අපහාස, අවලාද දඬුවම් විඳින ලද පිරිසක් නැතැයි කිව හැකියි. ස්වාමින් වහන්සේලා ගණනාවක් පසුගිය කාලයේ බන්ධනාගාර ගත කළා. මේ සියලූ කරුණු වලින් පෙනී යන්නේ මේ එළඹ තිබෙන්නේ, ධර්ම පරිහානි කාලයක් බවද…? පිළිතුර: ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වරක් අතුල කියන, උපාසක තුමාට දේශනා කරනවා,…
සමාජ විකෘතිය තම අවබෝධය උදෙසා යොදාගන්න සැබෑම ජයග්‍රහනය ලබයි.
දිවයින පුවත්පත විසින් යොමු කරලා තිබෙන ප්රශ්නය, ගිහි පින්වතුන්ලාට උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කොට ගැනීම උදෙසා සුදුසු භාවනාවක් සටහන් තබන්නය කියලා. උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කොට ගැනීමට භාවනා කිරීමට පෙරාතුව තව හු`ගාක් දේවල් ජීවිතයට එකතු කොට ගත යුතුව තිබෙනවා. උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කොට ගැනීමට අවංකව වීර්යය වඩන පින්වතා, අනිවාර්යයෙන් ම ශ්රද්ධානුසාරි හෝ ධම්මානුසාරි කියන…
සතිපට්ඨාන ධර්මයට අදාළව වේදනානුපස්සනාව වඩමු.
භික්ෂුවගේ ගිහි ජීවිතයේදී මම සැප, දුක්, වේදනාවන් සල්ලි දීලා ගත්ත කෙනෙක්. අනුන්ගේ සැප දුක් බලෙන් ගත්ත කෙනෙක්. පිංවතුන්ලා සැප වේදනාවන් සොයමින්, දුක් වේදනාවන් ප්‍රතික්ෂේප කරමින් යනවිට, භික්ෂුව සැප දුක් වේදනා සොයාගිය කෙනෙක්. භික්ෂුව සැප ගිහි ජීවිතයේ එක තත්ත්පරයකදීවත් එරමිණියා ගොතාගෙන වේදනානුපස්සනාව පුහුණුකරලා නැහැ. මම ගිහි ජීවිතයේදී වේදනාවේ අනිත්‍යභාවය දැක්කේ, රූපය ඇසුරින් දුක් සැප වේදනාවන් තුළට…
සංසාර බිය නොදකින සිත, සංසාර දුක දකින්නේ නැත.
පිංවත් ඔබගෙන් භික්ෂුව ඇසුවොත් තෘෂ්ණාවට කියන තවත් නමක් කියන්න කියලා සමහරවිට ඔබ කියාවි, සැපය යැයි කියලා. මොකද අපි හැමෝම ජීවිත කාලය පුරාම, තෘෂ්ණාවෙන් සොයන්නේ සැපයම නිසා, පිංවත් ඔබ තෘෂ්ණාවෙන් මොහොතක් මිදිලා, තෘෂ්ණාවේ මිත්රද්රෝහීභාවය ධර්මානුකූලව නුවණින් දකින්න. එවිට ඔබට වැටහේවි තෘෂ්ණාව කියලා කියන්නේ, දුකට කියන, අඳුරට කියන, කෙටි ආශ්වාදය පසුපස තිබෙන දීර්ඝ ආදීනවයටය කියලා. බුදුරජාණන් වහන්සේ…
සංස්කාර යනු පංචඋපාදානස්කන්ධ මාරයාගේ තවත් නිෂ්පාදනයක්මය.
උතුම් සම්මා දිට්ඨියට පත්වූ පිංවතා, තමන් බියට පත් නොවන වගේම අනුන්ව බියට පත් නොකරන පිංවතෙක්. ඔහු තුළ ඇති කර්මය, කර්මඵල විශ්වාසය නිසා සියලු ජාතිකයන්, සියලු ආගමිකයන්, රකින පෝෂණය කරන පිංවතෙක්. තමන් මැරෙනවාය, මැරිලා පටිච්චසමුප්පන්නව උපදිනවාය කියල හිතන්න දක්ෂ පුද්ගලයෙක්. ඔහු හැම ආගමකටම, හැම ජාතියකටම අයත් සෑම පිංවතෙක්ම සංසාරයේ තමන්ට අම්මා තාත්තා වෙලා තිබෙනවාය, අතීත භවයන්හිදී…