Article
සිත දුරගමන් යන විට, සිහිය නැමති දොරටුවට සෙමින් තට්ටු කරන්න.
මීළඟට බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, සතර සතිපට්ඨාන ධර්මයන්ට අනුව චිත්තානු පස්සනාවට අදාළව සිතේ අනිත්‍යභාවය දකින්නය කියලා. සිත කියලා ගත්තත්, විඤ්ඤාණය කියලා ගත්තත්, පංච උපාදානස්කන්ධය කියලා ගත්තත්, දුක කියලා ගත්තත්, එකම අර්ථයයි ධර්මය තුළදී අපි දකින්නේ. ඵස්සය තෘෂ්ණාවෙන් තෙත් කරලා, වේදනාව සකස් කොටගත් සැණින්ම, පංච උපාදානස්කන්ධයට අදාළ ධර්මතාවන් සකස් වෙනවා. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, ඔබ බැඳුණොත් බැඳෙන්නේ රූප,…
සිත තැන්පත් නොවීමත් භාවනාවට ආයෝජනයක් කරගන්න.
ආනාපාන සති භාවනාව කරන්න සුදුසු ඉරියව්වකින් වාඩිවුනාට පස්සේ පිංවතුන් විශාල පිරිසකට තිබෙන ප්‍රශ්නයක් තමයි ආශ්වාස ප්රශ්වාසයේ සිත නොපිහිටා භාහිර අරමුණක් ඔස්සේ සිත දිවයැම. මෙතැනදී ඔබ නොසන්සුන් වෙන්න පුළුවන්. අලසවෙන්න පුළුවන්. භාවනාව කෙරෙහි උදාසීන වෙන්න පුළුවන්. මේ සියල්ල ඔබ තුළ සකස්වෙන්නේ පංච නීවරණ වශයෙන්. අරමුණු වේගයෙන් සකස් වෙනවාය කියන්නේ, ඔබ තුළ ඇලීම් ගැටීම්වල ස්වභාවය වැඩිය කියන…
සිඅහවත්, කඳුලත්, උපේක්ෂාවත් වේදනාවේ අනිත්‍යභාවයෙන්ම දකින්න.
භික්ෂුවගේ ගිහි ජීවිතයේදී මම සැප, දුක්, වේදනාවන් සල්ලි දීලා ගත්ත කෙනෙක්. අනුන්ගේ සැප දුක් බලෙන් ගත්ත කෙනෙක්. පිංවතුන්ලා සැප වේදනාවන් සොයමින්, දුක් වේදනාවන් ප්‍රතික්ෂේප කරමින් යනවිට, භික්ෂුව සැප දුක් වේදනා සොයාගිය කෙනෙක්. භික්ෂුව සැප ගිහි ජීවිතයේ එක තත්ත්පරයකදීවත් එරමිණියා ගොතාගෙන වේදනානුපස්සනාව පුහුණුකරලා නැහැ. මම ගිහි ජීවිතයේදී වේදනාවේ අනිත්‍යභාවය දැක්කේ, රූපය ඇසුරින් දුක් සැප වේදනාවන් තුළට…
සිංහල තේරුම සහිත රතන සූත්‍රය.
යානීධ භූතානි සමාගතානි භුම්මානි වා යානි ව අන්තිලික්ඛෙ සබ්බේව භූතා සුමනා භවන්තු අථෝපි සක්කච්ච සුණන්තු භාසිතං. තස්මා හි භූතා නිසාමේථ සබ්බේ මෙත්තං කරෝථ මානුසියා පජාය දිවා ච රත්තෝ ච හරන්ති යේ බලිං තස්මා හි නේ රක්ඛත අප්පමත්තා. මේ දේවාරාධනාවයි. යං කිඤ්චි විත්තං ඉධ වා හුරං වා සග්ගේසු වා යං රතනං පණීතං න නෝ සමං අත්ථි…
සැබෑම ආදරවන්තයා.
සමාජය අනතුරුදායක නම්, ශිල්පද ඔබ ඔබේ සැබෑ මිතුරා බවට පත්කරගන්න. එවිට සිතේ සංසිඳීමක් ඇතිවේවි. එම සංසිඳුන සිත ඔබ ඉදිරියේ ඇති බියකරු යථාර්ථය හොඳින් ග්‍රහණය කරදේවි. එවිටයි ඔබට පුළුවන් ලෝකයට ආදරය කරන සැබෑම ආදරවන්තයෙක් වන්න. ආදරය කියන වචනයට සමාජය ගොඩාක් අර්ථයන් දෙනවා. ලෝකය කියන කාරණය ගනිද්දිත්, ‘ලෝකය දුකය’ කියන කාරණය ගනිද්දිත් සමාජය ආදරයට දෙන අර්ථකථන වැරදි…
සැබෑ මිහිර විඳිනු පිණිස තිත්ත ඇත්ත දැකිය යුතුය.
ආහාරයෙන් පෝෂණය වුණ තාත්තා කෙනෙකුගේ ශුක්රාණුවකුත්, ආහාරයෙන් පෝෂණය වුණ අම්මා කෙනෙකුගේ ඩිම්බයකුත් එකතුව, ආහාරයෙන්ම හැදී, ආහාරයෙන්ම පෝෂණය වී, හේතුඵල ධර්මයන්ට අනුව හැදුණු කයක් මේක. භික්ෂුව මේ මොහොතේ තම දෙතිස් කුණපය දෙස බලන විට, අම්මාගේ මව්කුසේ පැලෝපීය නාලය තුළ නලියන ඉස්ගෙඩියෙක්වන් කලලයි දකින්නේ. මේ රූපය අයිති තාත්තා කෙනෙකුගේ ශුක්‍රාණුවකට. අම්මා කෙනෙකුගේ ඩිම්බයකට. භික්ෂුව මේ මොහොතේ නුවනින්…
සැපයන් සොයමින්.
භික්ෂුවගේ ගිහි ජීවිතයේදී මම සැප, දුක්, වේදනාවන් සල්ලි දීලා ගත්ත කෙනෙක්. අනුන්ගේ සැප දුක් බලෙන් ගත්ත කෙනෙක්. පිංවතුන්ලා සැප වේදනාවන් සොයමින්, දුක් වේදනාවන් ප්‍රතික්ෂේප කරමින් යනවිට, භික්ෂුව සැප දුක් වේදනා සොයාගිය කෙනෙක්. භික්ෂුව සැප ගිහි ජීවිතයේ එක තත්ත්පරයකදීවත් එරමිණියා ගොතාගෙන වේදනානුපස්සනාව පුහුණුකරලා නැහැ. මම ගිහි ජීවිතයේදී වේදනාවේ අනිත්‍යභාවය දැක්කේ, රූපය ඇසුරින් දුක් සැප වේදනාවන් තුළට…
සැකය.
සැකය ඇතිවත් බැරි, නැතිවත් බැරි දෙයක්. නමුත් ශිල්වතුන් සැකකිරීම සංසාරයේ අන්ධභාවය, ගොළුභාවය, බිහිරිභාවය, ලැබීමට හේතු වන්න පුළුවන්. ඒ වගෙමයි ශිල්වතුන් සැකකිරීමෙන් යම් දවසක සංසාර භවයේදී දෙතිස්මහාපුරුෂ ලක්ෂණයන්ගෙන් පරිපුර්ණ වූ බුදුරජානන්වහන්සේ මුණගැසුනද උන්වහන්සේව සැක කරන තැනට අපිව පත් කරන්න පුළුවන්. ඒ නිසා සැකය ඉදිරියේ හොදින් පරික්ෂාකරිවෙන්න. බුදුරජාණන්වහන්සේගේ උපස්ථායක වශයෙන් කටයුතුකල සුනක්ඛත්ත හාමුදුරුවෝ බුදුරජාණන්වහන්සේව සැක කලා. කෝකාලිත…
ස්ථාවර සාමයක් උදෙසා.
සඳට යන්නට, අඟහරු ලෝකයට යන්නට ඒවා අයිතිකර ගැනීමට, සුපිරි මධ්‍යස්ථාන පිහිටුවාගෙන අතිනවීන රොකට් නිපදවන, දියුණු යෑයි සම්මත ලෝකයාට ඒවාට ගොස් කංකුං මුගුණුවැන්න සිටුවීම පිණිස ගෙම්බන් වඳුරන් ඇති කිරීම පිණිස පර්යේෂණ කරන ලෝකයාට, සඳත් හිරුත් ග්රහලෝකත්, මේ නාමරූප ධර්මයන් තුළින් අර්ථවත්කොට පෙන්වා වදාළ ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය කෙසේ නම් හඳුනාගන්නද? දියුණුවේ නාමයෙන් විනාශය සොයාගෙන යන ලෝකයක්,…
සහස්සී, දසසහස්සී ලෝක ධාතුවල වෙසෙන ජිවීන් සම්‍යදෘෂ්ටික ද?
ප්රශ්නය :- ගෞරවණීය ස්වාමින්වහන්ස, වෙනත් ග්‍රහලෝකවල ජීවින් සිටින බවට සාක්ෂි තිබෙනවාද, ඒක සත්‍යයක්ද, ඒවගේම ඒ අයගෙන් මනුලොව මිනිස්සුන්ට තර්ජනයක් තියෙනවද, මේ ග්‍රහලෝකවල ජීවත්වෙනවායයි කියන ජීවින් බුදුරජාණන් වහන්සේ සරණ ගිය අයද….? පිළිතුර :- බුදුරජාණන් වහන්සේ සරණ ගිය ජීවින් ඉන්නවා කියලා නම් කියන්න මම දන්නේ නැහැ. දිව්‍යතල බ්‍රහ්මතලවල හැරුණුකොට, වෙනයම් තියෙන්නාවූ ග්‍රහලෝක හරි, කොහේ හරි, බුදුරජාණන් වහන්සේ…