Article
මහ පොළොවත්, ඔය සිරුරත් වෙන්වේවිද හැමදාමත්.
මේ දෑස් දෙක, කන් දෙක….. ඔබට අයිති නැහැ. එය වෙනස්වෙන දෙයක්. යම් දවසක මහපොළොවට පස්වෙන දෙයක්. මහපොළොවේ පස් මිටක් මනසින් දෝතට ගෙන ඔබේ ඇසත්, කනත්….. සමග සංසන්දනයකර දකින්න. කුසල් සංස්කාරයක් නිසා භික්ෂුවට ලැබුණ ඇස, කන, නාසය ගැන භික්ෂුව සතුටුවෙනවා. වර්තමානයේ භික්ෂුවගේ ඇස්දෙක දුර්වලයි. හතලිස් ඇඳිරියෙන් මෝදුකොටදුන් දුර්වලභාවය කාලයත් සමග තව තවත් දුර්වලකරනවා. භික්ෂුව ඇස් දෙක…
මල් පුජාවේ ආනිසංස.
පදුම හිමි පෙර ජීවිතයකදී පදුමුත්තර බුදුරජාණන් වහන්සේ පුමුඛ මහා සංඝරත්නයට එක් පියුමක් ගෙන පූජා කළ පිනෙන් මල්පෙති ගණනට සක්විති රජව ඉපදුනා. හත්සිය වතාවක් පෘථුවි රාජ්‍ය කලා. අවසානයේ නිවන් සුව ලැබීමට ඒ පින හේතු වූ බව පෙන්වා ඇත. (අපදාන පාලි බු:ව: 193 පිට) තිඋප්පලමාලිය හිමි විපස්සී බුදුරජුට උපුල් මල් තුනක් පුදා කල්ප අනූ එකක් දුගතියකට නො…
මල් පහන් පූජා කරලා ලබන පිනෙන් නිවන් අවබෝධ කරගන්න පුලුවම් ද?
ගරු ස්වාමීන් වහන්ස, කෙනෙක් මල් පහන් පූජා කරලා කුසල ශක්තියක් රැස් කර ගන්නවා. ඒ තුළින් ම ඔහුට නිර්වාණය අවබෝධ කරගන්න පුළුවන් ද? බැහැ දරුවෝ. මල් පහන් පූජා කළා කියලා නිවන් සාක්ෂාත් කරගන්න පුළුවන් කියන කාරණයක් ධර්මයේ නැහැ. නමුත් ඕනෑම කෙනෙක් තමුන් ක්‍රියාකාරී වෙන්නේ තමුන්ගේ ඉන්ද්රිය ධර්මයන් වැඩිලා තියෙන ප්‍රමාණය මතයි. ඉන්ද්රිය ධර්මයන් වැඩෙන්න වැඩෙන්න එයා…
මරණයට බිය නොවී මුහුණදෙන්නට නම්…
අප බොහෝ දෙනෙක් සිතා සිටින්නේ මරණයෙන් පසු නැවත මිනිසකු වී හෝ එසේ නැත්නම් දෙවියකු වී හෝ ඉපදේ යන්නයි. බොහෝ කුසල් දහම්හි නිරත වෙමින් ප්‍රාර්ථන කරන අයුරින් ඒවා ඉෂ්ඨ වී ඉතාමත් සැපවත් මිනිස්,දිව්‍ය ආත්මයක් ලැබේ යැයි බහුතරයක් දෙනා සිතයි. “අනෙක් අයට එසේ වූවද මට එසේ නොවෙයි” යනුවෙන් යම්කිසි සුබවාදී සිතිවිල්ලක් සැම කෙනෙක් තුළම තිබේ. නමුත් එය…
මරණ බියෙන් තොර මරණයක් උදෙසා.
වර්තමානයේ කුමක්ද ලෝකය තුළ සිද්ධ වෙන්නේ…? සිදුවෙමින් පවතින අපි අකමැති දේවල් නැවත්විය නොහැකිද..? එසේත් නොමැතිනම් මේ ලෝකධර්මතාවයන්ද…? තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව සකස්කර ගන්න. එතකොට ඔබ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් බැහැරවෙන්නෙ නැහැ. ඔබ ලෝකය දැකල කම්පාවෙන්නෙ නැහැ. ඉපදීම තිබුණ නම් දුක තිබෙනවා. ඒ දුක නේද අපි අත්විඳින්නේ. මනුෂ්‍යයා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් ශීලයෙන් ඒවායේ අර්ථයෙන් ඈත්වෙනවිට ඒ හේතුවෙනුයි ආයුෂය…
මනුෂ්‍යාගේ උපත සහ මරණය අතර කාල පරාසය පිරවෙන්නේ රෝගාබාධවලින්වලින්.
පිංවත් ඔබ දිනය නිමාකරලා, නිදි පැදුරට වැටුනට පස්සේ, නින්ද පැමිණෙන තුරාවට, පසුදවසේ කළ යුතු ගොඩාක් දේවල් සැලසුම් කරනවා. රැකියාව, ව්‍යාපාරය, අධ්‍යාපනය, පවුල, සමාජ සේවය, විනෝදය, හෙට දවසේ මේවා, විඳින හැටි අයිති කොට ගන්නා හැටි, මනසින් චිත්‍ර මවාගන්නවා, විතර්ක ගොඩනගා ගන්නවා. රාත්‍රී කාලයම ජිවිතය නැමැති තුඹස දුම්දැමීම නිසාම, හුඟදෙනෙකුට වර්තමානයේ නින්ද කියන කාරණය ප්‍රශ්නයක් වෙලා තිබෙනවා….
මඟහැර යාමෙන් දුරු කලහැකි ආශ්‍රවයන්.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, නපුරු සතුන් මඟහැර යන්න කියලා. පිංවත් ඔබ සිතන්න. නපුරු බල්ලෙක් සිටිනවා, බුදුරජාණන් වහන්සේ දේශනාකරන්නේ නපුරු බල්ලා මඟහැර යන්න කියලා. ඔබ නපුරු බල්ලා ඉදිරියට ගියොත් ඒ බල්ලා ඔබව සපාකන්න පුළුවන්. සමහර විට ඒ නපුරු බල්ලා ඔබව දැකල දුවන්න පුළුවන්. නපුරු බල්ලා ඔබව දැකල දුවන විට ඔබ තුළ නැති ආශ්‍රවයන් ඇතිවෙනවා. මගේ ශීලය,…
මඟ හැරිය යුතු දේ මඟ නොහැරියොත් ?
බුදුරජාණන් වහන්සේ සබ්බාසව සූත්‍රයට අදාළව මගහැර යෑමෙන් ප්‍රහානය කළ යුතු ආශ්‍රවයන් ගැන දේශනා කරනවා. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා ස්ත්‍රීන් ගැවසෙන තැන්, නපුංසකයන් ගැවසෙන තැන්, කාමච්ජන්දයන් වැඩෙන තැන් මගහැර යන්නය කියලා. නපුරු සතුන් මගහැර යන්නය කියලා. හෙළ, ප්‍රපාත, අසුචි වළවල්, මඩ ගොහොරු, කටුපඳුරු මගහැර යන්නය කියලා. පිංවත් ඔබ අකමැති කථා, අකමැති වචන, අකමැති හැසිරීම් ඇති තැන් මග…
මගේ මළකඳ තුළිනුත් ඔබ දකින්නේ නම්…
පිංවත් ඔබ, දෑස් පියාගෙන අතීතයේ නිතිපතා අකුසල් කඳු නිසා කල්ප විනාශයන්ට මැදිවී, ඔබත් මමත් පිච්චි, පිච්චී මියගිය තැන නුවනින් දකින්න. එදාට සත්ත්වයාගේ ආයුෂය වන්නේ එක සිතිවිල්ලක් සකස්වෙන කාලයයි. සංස්කාරයන් පිංවත් ඔබට කරන මේ තියුණු විනාශය නුවනින් දකිමින් සංස්කාරයෝ අනිත්‍යයි, අනිත්‍යයි… වශයෙන් මෙනෙහි කරන්න. සත්ත්වයාගේ අවිද්‍යාව නිසාම, අනිත්‍ය වූ සංස්කාර විසින් ලෝකය පාලනය කරනවා. සංස්කාර විසින්…
භික්ෂූන් වහන්සේගේ ඥාතීත්වය හඳුනා ගන්න.
මේ දවස්වල භික්ෂුව පිණ්ඩපාතයේ වඩින ප්‍රධාන මාර්ගයේ ප්‍රතිසංස්කරණය කරනවා. මාර්ගය දිගටම ගල් කැබලි සහ ලී කුඩු අතුරලා. භික්ෂුව මාර්ගය දිගේ පිණ්ඩපාතයේ වඩින විට භික්ෂුව පසුකරගෙන බස් රථයක් වේගයෙන් ගමන් කළා. බස් රථයේ වේගයට මුළු මාර්ගයම ගල් කුඩු දුහුවිල්ලෙන් වැසීගියා. භික්ෂුවට සිදුවුණා විනාඩියක් පමණ එකතැන නැවතී දෑස්පියාගෙන සිටින්න. එම බස්රථයේ රියදුරු මහතා තුළ අශ්රද්ධාවට අදාළව සකස්වුණ…