ඡත්‍ර දායක හිමි පෙර ජීවිතයක තම පුතා පැවිදිව රහත්ව පිරිනිවී ය. සෑය දැක වැඳ සුදු රෙදි කෑල්ලකින් සෑයට කුඩයක් කොට නැංවූ පිනින් කල්ප අනූ හතරක් සැප විපාක ලැබුණු අතර ඒ පිනින් තෙවරක් සක්විති රජ විය.
(අපදාන පාලි 293 වන අපදානය)
ඒක ඡත්ත හිමි පෙර ජීවිතයක අත්ථදස්සී බුදු හිමිට සුදු කුඩයක් දරා සිටි පිනින් කල්ප හැත්තෑ හතක් සැප ලැබී ඇත. එසේම කුසල බලයෙන් හැත්තෑ හත් වතාවක් සක් දෙවිඳු වූ අතර දහස් වතාවක් සක්විති රජ විය.
(අපදාන පාලි 412 වන අපදානය)
පිළින්‍දිවච්ඡ හිමියන්ට මුතුකුඩ පුජාවේ අනුසස් අටක් ලැබී ඇත.
ශීතලෙන් පීඩා නො ලැබේ.
තම ශරීරයෙහි කුණු නො ඇලෙයි.
උපද්‍රව නැත්තෙක් වේ.
අන්‍යයන් ගේ ගෞරවයට පත් වේ.
සියුම් වූ සමක් ඇත්තෙක් වේ.
සිත පිරිසිදු වේ.
ඌෂ්ණයෙන් පීඩා නො ලැබේ.
බොහෝ විචිත්‍ර කුඩ ලැබේ.
*මුතුකුඩ පුජාව යනු මහා පිංකමකි. පිරිසිදු සිතින් තමන්ට හැකි අයුරින් පුංචි වූ පිංකමක් කලද එහි වටිනාකම කියා නිම කල නොහැක. නිවන් දක්නා ජාති දක්වාම සැප විපාක ගෙනදෙන්නකි.*
තෙරුවන් සරණයි !!!
(උපුටාගැනීම – dhamma_chakku instagram පිටුවෙන්)