Article
තෘෂ්ණාව යම් තැනක ද, දුක ද එතැනය.
පිංවත උපාධි දහයක් ගන්නවාට වඩා, මේ පුංචි අර්ථය ජීවිතයට එකතුකොට ගත්තොත්, ජීවිතයට මොනතරම් නම් නිදහසක් ද? ඒ පුංචි අර්ථය තමයි තෘෂ්ණාව යම් තැනක ද, දුක එතැන තිබෙනවාය කියන අර්ථය. පිංවත ඇලීම් සහ ගැටීම් වලින් පංච උපාදානස්කන්ධ ලෝකය නටවන්නේ තෘෂ්ණාව විසින්මයි. පිංවත ඔබට ඇසෙනවා ද ලෝකය නටන හඬ? පිංවත ඔබට පෙනෙනවා ද ලෝකය නටන රිද්මය? පිංවත…
මනුෂ්‍ය ලෝකයේ දුක්ඛය.
මිනිසත් බව හෙවත් මනුෂ්‍ය ස්කන්ධ පඤ්චකය ද දාන ශීලාදි පින්වලින් ම ලැබිය යුත්තකි. නිකම් ම ලැබෙන දෙයක් නො වේ. පින් කොට උපදවා ගත යුතු බව ලබා ගත යුතු බව මනුෂ්‍ය ස්කන්ධ පඤ්චකයේ සංඛත ස්වභාවයයි. ඒ මනුෂ්‍ය ස්කන්ධ පඤ්චකය මඳ පිනකිනුදු ලැබිය හැකි බැවින් ලබා ගැනීම පිළිබඳ සංස්කාර දුඃඛය, දිව්‍ය බ්‍රහ්ම ස්කන්ධ සම්බන්ධයෙන් වන සංස්කාර දුඃඛය…
ඇලීම්, ගැටීම්, විඳීම් ඉදිරියේ සැඟවීම.
පිංවත මේ ලෝක ධාතුවේ උත්කෘෂ්ට ම සීලය උතුම් උපසම්පදා සීලයයි. උතුම් උපසම්පදා සීලයට නිවැරදිව, අර්ථවත්ව ධූතාංග සීලයන් එකතු වුණොත්, එය උත්තරීතර සීලයක් ම වෙනවා. පිංවත මේ උත්තරීතර සීලය සතර සතිපට්ඨාන ධර්මයන්ගෙන් පෝෂණය වුණොත්, සීලය විනිවිද, අපි ඥාන දර්ශනයෝ මතුකොට ගන්නවා. පිංවත උපසම්පදා භික්ෂුවකගේ ප්රාතිමෝක්ෂ සීලය අයිති වෙන්නේ සුපටිපන්න ගුණයෙන් පෝෂණය වූ උජුපටිපන්න ගුණයටයි. උපසම්පදා භික්ෂුවක්…
තිසරණයෙන් ඇති පිහිට.
අපගේ මා පිය නෑ මිතුරෝ දුකක් පැමිණි කල්හි ඉන් අප මුදා ගැනීම සඳහා ක්‍රියා කරති. එසේ ම අපට නො ලැබූ සැප සම්පත් බා දීමට ද ක්‍රියා කරති. අපට රෝගාදි දුකක් පැමිණි කල්හි අප සුවපත් කරනු පිණිස තථාගතයන් වහන්සේ නො පැමිණෙති. අපට අන් උපකාරයක් කිරීමට ද උන් වහන්සේ නො පැමිණෙති. ධර්ම, සංඝ යන රත්න දෙක ද…
උපන් රටේ උත්තම පුරුෂයකු වන්න.
පිංවත පංච නීවරණයන්ගෙන් වැසී ගිය ඔබේ සතිය සිහිය සප්ත බොජ්ඣංගයන්ගෙන් අවදිකොට ගන්න. පිංවත මේ ඔබේ ම සංස්කාර ලෝකයයි. පිංවත මේ ඔබ ම අසිහියෙන් පටිච්චසමුප්පන්නව තනාගත් සංස්කාර ලෝකයයි. පිංවත මේ ඔබ ම යළි යළිත් අසිහියෙන් ම ජීවත් කරවන සංස්කාර ලෝකයයි. අවිද්‍යාවේ මුදුන් මුලෙන් උනන සංස්කාර ඕජාවෝ, විඤ්ඤාණය වාජීකරණයකොට පංච උපාදානස්කන්ධ දුකට පණ දෙන සංස්කාර ලෝකයයි. පිංවත්…
සෝවාන් මාර්ගඵලයට පත් වන මොහොතේ සහ පසුව සිතේ ස්වභාවය කෙබඳු ද?
සෝවාන් මාර්ග ඵලයට පත් වන විටත්, එසේ වීමෙන් පසුවත් සිත හැසිරෙන ආකාරය කියා දෙන්න යැයි බොහෝ දෙනා අපෙන් ඉල්ලන්නට විය. මේ ඒ පිළිබඳව කරන පැහැදිලි කිරීමයි. (නමුත් අපගේ වෙනත් ලිපි මෙන් මෙම ලිපිය සරළ ලිපියක් නොවන අතර, මෙම ලිපියේ ඇති කරුණු තේරුම් ගන්නට ස්ඛන්ධ, ධාතු, ආයතනාදිය ගැන යම් තරමක අවබෝධයක් තිබිය යුතු ය. අනිවාර්ය්යෙන්ම ලිපිය…
තෘෂ්ණාව ජීවිතයෙන් බිම තබන්න.
පිංවත පින්බර වෙසක් සතිය උදාවෙලා. කුටියේ ජනෙල් කවුළුවෙන් ආකාසය දිහා බලත්දි, වෙසක් සඳවතිය තකහනියේ සූදානම් වෙනවා, උතුම් තෙමඟුල සිදු වූ වෙසක් පුරපසළොස්වක දවසේ ප්රභාෂ්වරව කැළුම් දිදී, නවයොවුන් වියේ ආශ්වාදයෙන් ආකාසයේ පායන්න. පිංවත සියලු සංස්කාරයෝ අනිත්‍ය වුවත්, වෙසක් සඳවතිය තාමත් අතීතයේ වගේමයි. ඇය තාමත් වෙනස් වෙලා නැහැ. ඇය අතීතයේ වගේ ම ප්රභාෂ්වරව පායලා උතුම් තෙමඟුලේ පණිවිඩය…
සිල්වත් කෙනාගේ සිල්වත් බව නිසා ලැබෙන ආනිසංස පහක්.
පින්වත් ගෘහපතිවරුනි, සිල්වත් කෙනාගේ සිල්වත් බව නිසා, ආනිසංස පහක් ලැබෙනවා. මොනවද ඒ පහ? පින්වත් ගෘහපතිවරුනි, සිල්වත් කෙනා ඒ සිල්වත් බව නිසා අප්රමාදී කෙනෙක් බවට පත්වෙනවා. ඒ නිසා එයාට සැප සම්පත් ගොඩක් ලැබෙනවා. මේක තමයි සිල්වත් කෙනාට එයාගේ සිල්වත් බව නිසා ලැබෙන පළවෙනි ආනිශංසය. පින්වත් ගෘහපතිවරුනි, ඒ ගැන තවදුරටත් කියනවා නම් මෙන්න මෙහෙමයි. සිල්වත් බව තියෙන…
මෛත්‍රිය වඩමු.
මිත්‍ර භාවය- අනුන්ට විරුද්ධ නැති බව – අනුකූල බව – අනුන්ගේ යහපත කැමති බව මෛත්‍රී නමි. මෛත්‍රී සහගත චිත්තය නැවත නැවත පැවැත්වීම මෛත්‍රී භාවනාව ය. ධ්‍යාන ලැබීම සඳහා මෛත්‍රී භාවනාව කිරීම ය, භාවනාමය කුශලය ලබා ගැනීම සඳහා සාමාන්‍යයෙන් මෙත් වැඩීමය කියා මෛත්‍රී භාවනාව කිරීමේ ක්‍රම දෙකක් ඇත්තේ ය. කවර ආකාරයකට වුව ද මෛත්‍රී භාවනාව කරන්නට…
සංකීර්ණ වූ ලෝකයට ඉඩ දෙන්න ලෝකයේ ස්වභාවයෙන්ම පවතින්න.
පිංවත සත්‍යකින්ම ඔබ කැමතියි නේද, අපි ජීවත්වෙන සමාජය, අපි ජීවත්වෙන රට, අපි ජීවත්වෙන ලෝකය මනුෂ්‍ය ධර්මයන් රජ කරන, අවංක, සත්‍යවාදී, සමානාත්මතාවයට ගරුකරන සමාජයක්, රටක්, ලෝකයක් වෙනවා දකින්නට. පිංවත එම සත්පුරුෂ සිතුවිල්ල කවදාකවත් යථාර්ථයක් වෙන්නේ නැහැ. ඒ ඇයි කියලා සිතලා ඔබ වෙහෙසට පත්වෙන්න එපා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, කර්මය විපාකදෙන හැටි සිතන්න එපාය කියලා. කර්මය විපාකදෙන…