Article
අපි මේ මුළු රටම ශීලයේ යාග භූමියක් බවට පත් කරමු.
ගිහි බෞද්ධ පිංවතුන්ලාත් ශීලය නැමැති යාග භූමියේ කොටස්කරුවන් වෙන්න. නිතිපතා පංචශීලය සමාදන්වෙලා එම ශිල්පද ආරක්ෂා කර ගන්න. නායක පිංවතුන්ලා බොරුකීවාට, ඔබලා බොරු කියන්න එපා. නායක පිංවතුන්ලා සොරකම් කළාට ඔබලා සොරකම් කරන්න එපා. තම බිරිඳගෙන් සැමියාගෙන් පමණක් සතුටු වන ශිල්වතෙක් වෙන්න. සවසට අරක්කු කඩ ඉදිරියේ පෝළිම් ගැසෙන්න යන්න එපා. පිංවත් ගිහි ඔබ ශීලය නමැති යාගභූමියේ ශක්තිමත්…
අපි නිවීමේ මාර්ගයේ ගමන් කිරීමෙ දී, එම ගමන සාර්ථක කර ගැනීමට සුදුසු ස්ථානයක් තිබිය යුතු ද?
ස්වාමින් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇසුවා. අපි නිවීමේ මාර්ගයේ ගමන් කිරීමේදී එම ගමන සාර්ථක කර ගැනීමට සුදුසු ස්ථානයක් තිබිය යුතුද කියලා. අතීතයේ රහතන් වහන්සේලා දහස් ගණනින් වැඩ සිටි පැරණි ගල්ලෙන් සහිත ආරණ්‍යය ගල්කුටි නිවන් මාර්ගය වැඩීමේදී අපිට හුඟාක් උපකාරී වෙනවා. මෙවැනි පරිසරයන් තුළ නිවිච්ච ස්වභාවයක් කැටිව තිබෙනවා. ඒ වගේම හුදකලා වනවාසී කුටි අපේ ගමනට ශක්තියක් වෙනවා. එම…
අපාය තිබෙන්නේ මනුෂ්‍ය ලෝකයේ ද?
මනුෂ්‍යයා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් දුර්වල වනවිට, මනුෂ්‍යයා තුළ අකුසල මූලයන් ශක්තිමත් වෙන විට සුගතිය, දුගතිය පටලවා ගන්නවා. එම පිංවතුන් තමන් ඉපදුණු මනුෂ්‍ය ලෝකය නමැති සුගතියත්, දුගතියක් වශයෙනුයි දකින්නේ. සුගතිය දුගතියක් කර දකින පිංවතා නිරතුරුව ම සුගතිය අහිමි කරගන්නවා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පිංවත් ඔබ යම්හෙයකින් මැරෙන මොහොතේ “උපාදාන පච්චයා භවය” කියන ධර්මතාව හේතුවෙන් සතර…
අප්‍රේල් 1 වන දා මාරයා ඔබව මෝඩයා කරන දිනයක් නොවන්න..
ඔබ බොරුවක් කියා යම් කිසිවකු රවටා ඔහු හෝ ඇය මෝඩයා වූ බව සිතුවත් සැබෑම මෝඩකම සිදු කරගෙන ඇත්තේ මුසාවාද ශික්ශා පදය බිඳගත් ඔබමය. අනුන් මුලාකරවන අදහසින් ඇති දෙය නැත යයිද, නැති දෙය ඇත යයිද, වූ දෙය නොවූයේය යිද, නොවූ දෙව වූයේය යිද වචනයෙන් හෝ ලිවීමෙන් හෝ හස්ත විකාරාදියෙන් හෝ අනුන්ට පැවසීම මුසාවාදය නම් වේ. මුසාවාද…
අනුන් තුළ පමණක් නොව තමා තුළද සිටින මාරයා හඳුනා ගන්න.
සමහර පින්වතුන්ලා භික්ෂුව මුණ ගැහෙන්න ඇවිල්ල ධර්මකාරණා සම්බන්ධයෙන් කථා කරනවා. එම ධර්ම කාරණයන්ට එම පින්වතුන් සූත්රගත අර්ථය නොවෙයි දෙන්නේ, තම තමන්ගේ දෘෂ්ඨි මතවාදයි ප්‍රකාශ කරන්නේ. භික්ෂුව දැන් එවැනි පින්වතුන්ලාට කරුණු දක්වන්න යන්නේ නැහැ. සිනාවෙලා රටතොටේ විස්තර අහල සතුටු සිතින්ම පිටත් කර හරිනවා. එම පින්වතුන්ලාට නැති අකුසල් රැස්කරදෙන්නේ නැහැ. භික්ෂුව කරුණු දැක්වුවාය කියලා එම පින්වතුන් නිවැරැුදි…
අනුන් ඔබව මුරුංගා අත්තෙ තැබුවත්, ඔබ ගහෙන් බහින්න දක්ෂ වෙන්නෙ.
භික්ෂුව දන්න එක මහත්මයෙක් සිටියා. ඔහු බොහෝම උත්සහයෙන් සද්ධර්මය ශ්‍රවණය කරමින් දන් පූජා කරමින් ජිවිතය ධර්මය දෙට හොඳින් යොමු කොට ගත්තා. මේ මහත්මයා කිහිප වතාවක්ම භික්ෂුවට ප්‍රකාශ කොට තිබෙනවා තමා සද්ධර්මය මුණ ගැසීමට පෙර නරක යහළුවන් ඇසුර නිසා හුඟාක් වැරදි සිදුකරගත්තා කියලා. මොහුගේ යහපත් ක්‍රියාවන් දැකලා භික්ෂූවද මොහුට තව තව පිං සිදුකර ගැනීමට අවස්ථාවක් ලබා…
අනිත්‍යයි කියන සංඥාව මා තුළින් මා බැලුවේ ඔය ආකාරයටයි.
ප්රශ්නය :- අවසරයි ගෞරවණීය ස්වාමීන් වහන්ස, අනිත්‍ය සංඥාව වඩන හැටි විස්තර ටිකක් කියලා දෙන්න ස්වාමීන් වහන්ස. සාමාන්‍යයෙන් අපි අනිත්‍යතාවය කිව්වහම දැන් අපි ඉර නැගල, ඉර බැහැල යනවා දකිනවා. නමුත් කිසිම කළකිරීමක් ඇති වෙන්නේ නැහැනේ. මලක් ගත්තොත් පරවෙනවා දකිනවා. නමුත් ජීවිතාවබෝධයක් ඇති වෙන්නේ නෑ. මේ ගැඹුරට වඩා ගැඹුරු අනිත්‍ය තාවයක් දැකිය යුතුයි නේ ස්වාමීන් වහන්ස. ඒක…
අනාගතයේ ප්‍රණීත ආහාරයන් ලෝකයෙන් අතුරුදන් වන්නේ ඇයි?
මේ ලෝක ධාතුවේ සැපය කියන්නේ හරිම දුර්ලභ දෙයක්. සැපය දුර්ලභ නිසාම, අපි සැප විඳිනකොට, සැපය දුර්ලභ ධර්මතාවයක්ය කියලා අපිට සිතෙන්නේම නැහැ. සැපය භුක්ති විඳිද්දි අපි ළඟ සිටින්නේ කාමයේ සහ රූපයේ ආශ්වාදය පමණක්මයි. පින්වත් ඔබ ආහාරයට අදාළව ඔබ තුළ සකස්වෙන සැපය ගැන මොහොතක් හිතන්නකෝ. ප්‍රණීත ආහාරයන්ගෙන් පිරිච්ච තරු පංතියේ හෝටලයක කෑම මේසය, ප්‍රණීත ආහාරයන්ගෙන් පිරී ගිය…
අධර්මයේ කාලය අති දීර්ඝයී.
රූපය කෙරෙහි තිබෙන තෘෂ්ණාව, රූපය ඇසුරු කරමින්ම, ක්‍රමානුකූලව හීන කරගන්න. රූපයට රූපයේ ස්වභාවයෙන්ම තිබෙන්නට හැර, රූපය කෙරෙහි ඇති තෘෂ්ණාව අතහරින්න. ඔබ අතහරින දෙය අල්ලාගන්න ඕනෑතරම් ලෝකයා සිටිනවා. ඔබ ලෝකයෙන් හිස් වුණාය කියලා ලෝකයට පාඩුවක් නැහැ. ලෝකයට හැමදාමත් පෙරහැරවල් දෙකක් තිබෙනවා. එක පෙරහැරක් තමයි ධර්මයේ පෙරහැර. අනෙක් එක තමයි අධර්මයේ පෙරහැර. ලෝකයේ හැමදාමත් අධර්මයේ පෙරහැර දිග…
අද ගිලනුන් වන පිරිස් වැඩියි. ඒ අයගෙනුත් සුව කළ නොහැකි දරුණු පිළිකා රෝගීන් වගේම වෙනත් රෝගීන් බොහෝයි. මෙහෙම වෙන්නෙ ඇයි ?
කෙනෙකුට නීරෝගීභාවය ලැබෙනවා කියන්නේ ඉතාම වාසනා ගුණයක්. එහෙත් නිරෝගී මදයෙනුත් මත්වන්නට සුදුසු නොවේ. ඒ මක්නිසාද යත් ඕනෑම අවස්ථාවක මේ ජීවිතය වෙනස් වන්නට පුළුවන් නිසයි. ගරු ස්වාමීන් වහන්ස…, අද ගිලනුන් වන පිරිස් වැඩියි. ඒ අයගෙනුත් සුව කළ නොහැකි දරුණු පිළිකා රෝගීන් වගේම වෙනත් රෝගීන් බොහෝයි. මෙහෙම වෙන්නෙ ඇයි…? සීලය දිවිහිමියෙන් රකින, අනෙක් අය ගැන හිතන, නිතර…