ආදරයේ නාමයෙන් ඉදිවු ටජ්මහල් නමැති කොන්ක්‍රීට් ගොඩ…

දුක සහ සැප ධර්මානුකූලව විග‍්‍රහකොටගන්නා බැරි, දුක සහ සැප දෙකේ නිරෝධය සිතා ගැනීමටවත් බැරි මිථ්‍යාදෘෂ්ටික මනුෂ්‍යයෝ සැබෑ ආදරය කියලා වර්ණනා කරන්නේ ආදරයේ නාමයෙන් ටජ්මහල් නමැති කොන්ක්‍රීට් ගොඩක් බැඳපු අපේ කාලයේ පෙම්වතුන්වයි.

ටජ්මහල් නාමයෙන් කොන්ක්‍රීට් ගොඩක් තිබුණත් අදාළ පෙම්වතුන් දෙදෙනාගේ ආදරය නම් කැඩී, බිඳී විසිර ගිහිල්ල ඇති.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආදරවන්තයන් දෙපළකට තම ආදරය භවයෙන් භවයට පටිච්ච සමුප්පන්නව රැගෙන යන්න අවශ්‍ය නම් සම සද්ධා, සම ශීල, සම ත්‍යාග, සම ප‍්‍රඥා මෙම ධර්මතාවයන් සමව වඩන්නය කියලා. ඉහත ධර්මය ටජ්මහල් සිහිවටනය ඉදිකළ ආදරවන්තයන් දෙදෙනා දැනගෙන සිටියේ නැහැ. එම නිසාම ටජ්මහල් ආදරයේ සිහිවටනය මේ මොහොතේ ජීවමානව තිබුණත් එම ආදරවන්තයන් දෙපළගේ ආදරය නම් ප‍්‍රශ්නාර්ථයක්මයි.

අපි හැමෝගේම ආදර බැඳීම් ඉහත ධර්මතාවන් සමග ගලපා බලන්න අපි දක්‍ෂ වෙන්න ඕනේ. එසේ නොවුණොත් ඔබගේ මේ ජීවිතයේ ඔය සුන්දර ආදරය, පටිච්චසමුප්පන්න ඔබේ ඊළඟ ජීවිතයේදී තවත් ආදරවන්තයෙක් හෝ ආදරවන්තියක් ලබන්න තවත් සංස්කාරයක්ම වේවි.

උතුම් සම්මාදිට්ඨියේ අර්ථයන්ගෙන් පෝෂණය නොවූ ඔබගේ ආදරය පින්වත් ඔබට භවයෙන් භවය එකිනෙකට වෙනස් ආදරවන්තයන් සහ ආදරවන්තියන් සොයා දෙනවා.