Article
නිරයේ සිටින යමපල්ලන් කියන්නේ කවුරුන් ද?
යමපල්ලන් කියන්නේ නිරයේ උපත ලබා ඇති ආයුෂ, වර්ණය, බලය වැඩි නිරිසතුන් පිරිසක් ම යි. යමපල්ලන් නිරයේ උපත ලබන්නේ අතීත බලවත් අකුසල විපාකයන් නිසා. පිංවත් ඔබ මෙහෙම සිතන්නකෝ: දුප්පත් කම්කරු මහත්මයෙකුත්, රටේ පාලක පිංවතෙකුත් සිහියට නඟාගන්නකෝ. දෙදෙනා ම මනුෂ්‍යයෝ, නමුත් දෙදෙනාගේ ආයුෂ, වර්ණය, සැපය, බලය වෙනස්. සිරගෙදර අලුගෝසු මහත්මයෙක්, මරණ දඬුවමට නියම වූ සිරකරුවන් සිහියට නඟාගන්නකෝ….
නික්ලේෂී වෙසක් අසිරියේ සතුට ඔබෙන් සහ මගෙන් උදුරා ගත්තේ කවුද?
සුන්දර සාමකාමී වෙසක් මාසයේ පින්වත් ඔබ හැමෝම කථා කරන්නේ ශීල ව්‍යාපාරයන් ගැන. භක්ති ගීත, තොරණ, දන්සල්, වෙසක් සැරසිලි ගැන. නමුත් මෙවර උදාවුණ වෙසක් පුර පසළොස්වක පොහොය දිනයේදී අපි හැමෝගෙන් ම මේ උතුම් දේවල් උදුරාගෙන තිබෙනවා. කවුද මේ නික්ලේෂී වෙසක් අසිරියේ සතුට ඔබෙන් සහ මගෙන් උදුරා ගත්තේ? දෙවියෙක්ද? යක්ෂයෙක්ද? බ්‍රහ්මයෙක්ද? එසේත් නැත්නම් අපිම පටිච්චසමුප්පන්නව සිදු කළ…
දුක් වේදනාව පිසදා ගන්නට…
ප්රශ්නය : – යමෙක් තමාට චෝදනාවක් කරන විටදී, තමාට දොස් කියන විටදී, අපහාස කරන විටදී, ඉබේ හට ගන්නා දුක් වේදනාව පිසදා ගන්නට අමාරු ස්වභාවයක් ඇති වෙනවා. එයින් මිදීමට බොහෝ වේලාවක් ගත වෙනවා. ඉන් මිදෙන්නේ කොහොමද ස්වාමීන් වහන්ස…? පිළිතුර : – ඒක මිදෙන්න නම් දරුවෝ තමන් කවදා හරි තෙරුවන් කෙරෙහි අචල ශ්රද්ධාවට එන්න ඕනේ. ධර්මය කෙරෙහි…
තොරණින් එහා වෙසක් අදහසක්.
අද වෙසක් පුරපසළොස්වක පොහොය දවස. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය අවබෝධකර වසර දෙදහස් හයසියයක් සපිරෙන ප්‍රවෘත්තියක් ඇසෙනවා. භික්ෂුව මේ මොහොතේ වැඩසිටින්නේ මිනිස් වාසයෙන් දුරස්වූ හුදකලා කුටියක නිසා බාහිර සමාජයේ ක්‍රියාවන් ගැන දන්නෙ නැහැ. අද වැනි දවසක ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සම්මාසම්බුද්ධ ඥානයෙන් පරිපූර්ණවූ චතුරාර්ය සත්‍ය ධර්මයයි අවබෝධ කොට වදාළේ එවන් අර්ථවත් දිනයක ධර්මයේ අර්ථය හොඳින් ජීවිතයට…
ගෞරවණීය ස්වාමීන් වහන්ස, අනිකුත් ආගමිකයන්ට සුගතිගාමී වීමට ඉඩක් නැද්ද?
නෑ, අනිවාර්යයෙන් ම තියෙනවා. දිව්‍යතලවල මිථ්‍යාදෘෂ්ටික, සම්‍යක්දෘෂ්ටික දෙවිවරු කියලා කොට්ඨාශ 2ක් ඉන්නවා. දැන් මිථ්‍යාදෘෂ්ටික කියන්නේ වැරදි වචනයක් නෙවෙයි. මිථ්‍යාදෘෂ්ටික කිව්වහම සමහරු ඒක වැරදි හැටියට තේරුම් ගන්නවා, අපි කෙනෙකුට චෝදනාවක් කරනවා කියලා. සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද? 1. තෙරුවන් කෙරෙහි වූ ශ්‍රද්ධාව 2. කර්මය, කර්මඵල කෙරෙහි විශ්වාසය 3. මැරිලා හේතුඵල ධර්මයන් අනුව උපදිනවාය කියන විශ්වාසය 4. සිල්…
කටු ඉඹුල.
පිංවතුන්ලා කියනවානේ, නිරයට වැටුණහම කටුඉඹුලේ නග්ගනවා ය කියලා. නිරයේ තිබෙන්නේ එක කටුඉඹුලක් නො වේ. නිරිසතුන් කෝටිගණනින් අකුසලයේ දඬුවම් ලබන නිරයට එක කටුඉඹුලකින් කුමක් කරන්න ද? මේ කටුඉඹුල කියන්නේ, අපේ රටේ සිරගෙදර තිබෙන කෘත්‍රිමව හදපු එල්ලුම් ගසක් වගේ ගසක් නො වේ. නිරයේ ඉඹුල් වනයේ ඇති ඉතාමත් උසට වැඩුණු ස්වාභාවික ශාක පද්ධතිය තමයි කටුඉඹුල් ගස් කියන්නේ. නිරයේ…
උතුම් සෝවාන් ඵලයට පත්වීම සදහා අත්‍යාවශ්‍ය භාවනාවක් ?
පින සහ පව මෙන්ම නොහඳුනන ලෝකය තුළ පිංවත් ඔබ, පින සහ පව හඳුනා ගන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නිසාමයි. පිංවත් ඔබේ සුන්දර ජීවිතය පිනේ ඵලයක්. ඒ කියන්නෙ පෙර ජීවිතයේ දානයේ, ශීලයේ, මෛත්‍රියේ ඵලයක්. එම නිසා පිංවත් ඔබ පිනෙන්මයි, ඔබේ ජීවිතය පෝෂණය කොටගත යුත්තේ. පවුඩර්, සුවඳ විලවුන්, මෝස්තර වැනි කෘති‍්‍රම පොහොරවලින් නොවේ. පිංවත් ඔබ අසිහියෙන් ඔබේ පිංවත්…
අවිද්‍යාවෙන් නිදහස් වූ දින, කොරෝනාවෙන් නිදහස්.
පිංවතුන්ලා නිදහසට ගොඩාක් කැමතියි. නිදහසේ ගමන් බිමන් යන්න, නිදහසේ ජීවත්වෙන්න, නිදහසේ සතුටුවෙන්න, නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න, අපි දක්වන්නේ ලොකු කැමැත්තක්. වර්තමානයේ අපේ නිදහසට මොකද වෙලා තිබෙන්නේ. අපේ නිදහස කොරෝනා අකුසලය විසින් උදුරාගෙන. අකුසලයකට පුළුවන් නම්, අපේ නිදහස උදුරාගන්න, සැබවින්ම අපි මෙතෙක් අත්වින්දාවූ නිදහස සැබෑ නිදහසක්ද..? නිදහසේ නාමයෙන් බන්ධනාගාරගත වීමක්ද..? පිංවත් ඔබේ ජීවිතය දෙස, ඔබේ අසල්වැසියාගේ…
“මම බණ කියන්නේ පුතේ..මේක නිවැරදි කරන්න නෙවෙයි. දක්ෂයාට මේකෙන් ගැලවිලා යන්නයි..”
“බුදු රජාණන්වහන්සේගේ ශ්‍රාවකයෙක් හැටියට මගේ මුවින් වචනයක් පිට වෙනවා නම් ඒ වචනය ස්වභාව ධර්මයට, ජීවිතය දමලා ලැබුවා වූ දැක්මක් තුලින් කියන්නාවූ ධර්මයක්මයි. ඒ නිසා මට ඒ ගැන සැකයක් නෑ. නමුත් තව කෙනෙකුට සැකයක් තියෙන්න පුළුවන්. ඒ නිසයි ගිහි පිංවතුන්ලා, සමහර පැවිදි පිංවතුන්ලා අප්‍රමාණව මාව විවේචනය කරන්නේ…” “මම නැවතිලා ඉන්නේ…!!! ඒ නැවතිලා ඉන්න මම දකිනවා මම…
‘ඔබ වහන්සේ අතහැරීම ගැන දේශනා කරනවා. ඔබ වහන්සේ කියන විදිහට අතහැරීමට ගියොත් රට, ජාතිය, ආගමට කුමක් වේවිද’
එක් මහත්මයෙක් භික්ෂුවගෙන් ප්‍රශ්නයක් ඇසුවා ‘ඔබ වහන්සේ අතහැරීම ගැන දේශනා කරනවා. ඔබ වහන්සේ කියන විදිහට අතහැරීමට ගියොත් රට, ජාතිය, ආගමට කුමක් වේවිද’ කියලා. ඒ වෙලාවේ එම පිංවතාට භික්ෂුව දුන් පිළිතුර වුයේ ‘මහත්තයෝ මගධ රාජ්‍යයේ රජකම් කරපු බිම්බිසාර රජතුමා සෝවාන් ඵලය අවබෝධ කරගත් රජකෙනෙක්. බිම්බිසාර රජතුමා සෝවාන් ඵලයට පත්වුණාය කියලා, මගධ රාජ්‍යය අනතුරට පත්වුණේ නැහැ. මගධ…