Article
රාත්‍රියට නින්ද නොයාමේ ප්‍රශ්නයට සැබෑම විසදුම.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනුෂ්‍යයා රාත්‍රියට දුම් දමනවා කියලා. ඒ කියන්නේ නිදි පැදුරට ගියාට පස්සේ නින්ද යන්නේ නැහැ ගොඩාක් සිතුවිලි සිතට ගලාගෙන එනවා. හෙට දවසේ රාජකාරි සැලසුම් කරනවා. සිතුවිලි සිතට නැගෙන තරමට නින්ද ඈතට යනවා. විදීම සකස් වන තැනදී ඔබට හමුවන්නේ තෘෂ්ණාව, ඔබ තුල රූපයන් කෙරෙහි ඇතිවන තෘෂ්ණාව නිසාම ලෝභ, දේෂ, මෝහ, අකුසල මූලයන් සකස්…
රාග සිතකින් උපදින කල්පාන්තරයක දුක එක විදර්ශනා සිතකින් නිවා දමන්න…
භික්ෂුව එක ආරණ්‍යයක වැඩසිටිනකොට එහි ලොකු මල්පෝච්චිවල සිටවපු මල්ගස් පහළොවක් පමණ තිබුණා. ඉඩෝර කාලය පැමිණි නිසා ඒවාට වතුර දැමීමට අවශ්‍ය වුණා. ආරණ්‍යයේ කැපකරු එම කටයුත්ත භික්ෂුවට පැවරීමට උත්සාහ ගත්තා. භික්ෂුව එයට අකමැති වුණා. අකමැත්ත ප්‍රකාශ කළ මොහොතේ පටන්, එම කැපකරුවා භික්ෂුව සමග ගැටෙන ස්වභාවයට පැමිණියා. පසුදින භික්ෂුව දානශාලාවේදී කැපකරු මහතාට යම් ආහාරයක් පිළිගන්වන්න යැයි කියා…
රහතන් වහන්සේලා, රහත් මෙහෙණින් වහන්සේලා සමඟම කාලය ගත කළෙමි.
භික්ෂුව භික්ෂුත්වය ලැබූ මුල් කාලයේ, සැම විටම අතීතයේ වැඩ සිටි, පිරිනිවී ගිය උතුම් රහතන් වහන්සේලාගේ ගුණයන් සිහිපත් කරමින් ජීවත්වුණා. උන්වහන්සේලා පිළිබඳ ආත්මීය සංඥාවක් ගන්න ගියේ නැහැ. තවමත් නොනැසී පවතින සංඝරත්නයේ උතුම් ගුණයනුයි මම මගේ ශක්තිය කොටගත්තේ. භික්ෂුව පැවිදිවීමට පෙර ථෙර ථේරී ගාථා පොත කිහිප වරක්ම කියවා තිබුණා. මේ පොත ගොඩක් උපකාරී වුණා මේ උතුම් මනෝභාවයන්…
රහතන් වහන්සේ යනු දුවන ලෝකය තුළ නොදුවන චරිතයකි. !
කාලය නැවතිලා තිබෙන්නේ. ඉර, හඳ, තාරකා දුවන පස්සේ, මනුෂ්‍යයා අතීත, අනාගත, වර්තමාන වශයෙන් බෙදාගෙන දුවනවා. නමුත් රහතන් වහන්සේ නැවතිලයි සිටින්නේ. ඒ නිසා උන්වහන්සේට මේ වේගය හොඳින් දැනෙනවා. දුවන ලෝකය තුළ නොදුවන චරිතයක් බවට රහතන් වහන්සේ පත්වෙන්නේ එහෙමයි. රූපය කෙරෙහි ඇති තෘෂ්ණාවයි අපිව මේ දිවීමේ තරගයට ඇද දමන්නේ. අවිද්‍යාව කියන ජවය, හඹායැමේ ශක්තිය අපට ලබාදෙනවා. දැන්…
රතිඤ්ඤා පත්තුකිරීමෙන් සතුනට මරණීය දුක, හිංසනය සිදුවෙනවාය.
පරිසරය ඝෝෂාකාරී වෙන්න වෙන්න තමන්ගේ සිතේ නිහඬභාවය හොදින් දැනෙනවා, පෙනෙනවා. පුපුරන රතිඤ්ඤා හඬින් දෙදරුම්කන පරිසරය, නිහඬ සිතින් අත්දකිද්දි අවිද්‍යාවේ ඝෝෂාවත්, විද්‍යාවේ නිහඬතාවයත් සක්සුදක් සේ පැහැදිලි වෙනවා. අර්ථවත් වෙනවා. එවිට දුකක්, සැපක් නොවේ සිතට දැනෙන්නේ. අවදානමෙන් මිදුණාවූ නිදහසේ සුවයයි. මෙවන් අසිරිමත් මාර්ගයක් පිංවත් ඔබේ ඇස්පනාපිට තිබියදී ශිලයේ, සමාධියේ, ප්‍රඥාවේ උතුම් නිහඬතාවයේ අර්ථය රතිඤ්ඤාවේ හඬින් විනාශකොට දමනවා….
යහපත් සුව නින්දක් උදෙසා…
යහපත් රාති‍්‍රයක ලබන යහපත් නින්ද නිරෝගි ජීවිතයකට ගොඩාක් වටිනවා. මුගලන් මහ රහතන් වහන්සේටත් උතුම් පැවිදිභාවයට පත් වූ අලුත අරහත් ඵල අවබෝධයට ලැබීමට පෙරාතුව නිරතුරුවම නිදි කිරාවැටීමේ පුරුද්දක් තිබුනා. වරක් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ තම අනාගත අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ ගැන දිවැසින් විමසා බලන කොට මුගලන් ස්වාමීන් වහන්සේ කැලයේ ගසක් මුල භාවනා ඉරියව්වකින් නිදි කිරා වැටෙනවා. රාති‍්‍ර නින්දත්,…
මෛත්‍රී භාවනාවේ ආනිසංස අනිත්‍යය වශයෙන් දකින්න.
භික්ෂුවගෙන් පිංවත් මහත්මයෙක් ප්‍රශ්නයක් විමසුවා. මෛත්‍රිය කොහොමද මාර ධර්මයක් වෙන්නේ කියලා. ඉහත කාරණ සිහිනුවණින් පිංවතුන්ලා තේරුම් ගන්න අවශ්‍යයි. එසේ නොවුනහොත් වැරදි අන්තයකුයි පිංවතුන්ලා අල්ලා ගන්නේ. බුදුරජාණන් වහන්සේ මෛත්‍රී භාවනාව වැඩිම නිසා ලැබෙන ආනිශංස එකොළහක් ගැන දේශනා කරනවා. එම ආනිශංස නම්, සුවසේ නින්ද යනවා, සුවසේ පිඹීදෙනවා, සිහිනෙන් බිය නොවෙනවා, මනුෂ්‍යයින්ට, අමනුෂ්‍යයින්, දෙවියන්ට ප්‍රිය වෙනවා. ශරීරය ප්‍රසන්න…
මෛත්‍රිය වැඩීමෙන් සක්කාය දිට්ඨිය සිඳ දැමීම.
පිංවත් ඔබට ලෝකය සුන්දර ලෙස චමත්කාරජනක ලෙස පෙනුන ද ලෝකය තුළ ක්‍රෝධය, ද්වේශය, ව්‍යාපාදය අති බහුලය. ලෝකය තුළ ක්‍රෝධය, ද්වේශය, ව්‍යාපාදය බහුලයි යනු මනුෂ්‍යයා තුළ සකස්වන්නාවූ අවිද්‍යාසහගත සිත ක්‍රෝධය, ද්වේශය, ව්‍යපාදය තුළින් අපවිත්‍රයි යන්නය. ලෝකය යනු සිතයි. සිතක් යනු දුකයි. මේ දුක වැඩිවශයෙන් ඔබට සකස්කර දෙන්නේ ද්වේශයෙන් අපවිත්‍ර වූ ඔබගේ සිතමය. එහෙයින් ලෝකය තුළ ද්වේශය,…
මේවා පටිච්චසමුප්පන්න සංස්කාරයන්ගේ ඇස්බැන්දුම්.
භික්ෂුව වැඩසිටින කැලෑ පරිසරයට ඉබිගමනින් අඳුර ගලාගෙන එනවා. සීතල සමග මුසුවුන සිහින් වැහිපොද වරින්වර කන්කෙඳිරි ගානවා, දොර වසාගෙන භික්ෂුවට කුටිය තුළට යන්නය කියලා. සිහින් වැහි පොදත් දන්නවා, භික්ෂුව ශීතලට එතරම් ප්‍රියමනාප නැහැය කියලා. පරිසරයේ ශීතල, ශරීරයේ සෙම් රෝග අවුස්සන්නේ, හරියට කපුටෙක් කසළ ගොඩක් අවුස්සනවා වගේමයි. පරිසරයේ අව්ව, වැස්ස, පින්න, ශීතල මනුෂ්‍ය අපිට එකිනෙකට වෙනස් කායික…
මේවා ඇත්තේ විඳින්න, බැඳෙන්න නොව මිදෙන්නය.
අතහැරීම ගැන කතාකරන විට මහත්මයෙක් ප්‍රශ්නයක් ඇසුවා. හාමුදුරුවනේ ඔබවහන්සේ අතහැරීම ගැන කතාකරනවා. එහෙම අතහැරීම ගැන කතාකරනවා නම් ඔබ වහන්සේ ආරණ්‍යයක කුටියක වැඩසිටින්න බැහැ කැලයේ ගසක් මුලයි ඉන්න ඕනේ කියලා. මතුපිටින් එම මහත්මයා අහන ප්රශ්නය දකින විට එහි සාධාරණ බවක් තිබෙනවා. නමුත් එම මහත්මයා එක අන්තයකට ගිහිල්ලයි ප්රශ්නය දකින්නේ. සකුළුයි කියලා තරුණයෙක් බුදුරජාණන් වහන්සේගෙන් මෙවැනිම ප්‍රශ්නයක්…