Article
ශ්රේෂ්ඨතම උපන් දින තෑග්ග කළකිරීමය…!
ආනන්ද මහෝත්තමයන් වහන්සේ මේ කය තෘෂ්ණාවෙන් වැඩුණාය කියලා කියන්නේ පිංවත් ඔබ යම් දවසක උතුම් රහත්ඵල අවබෝධය ලැබුවොත් ඔබ සතර මහා ධාතුවෙන් සැදුන අධ්යාත්මික රූපයන්, බාහිර රූපයන්, අධ්යාත්මික රූපයට බැසගත්තා වූ පටිච්චසමුප්පන්න විඤ්ඤාණයත්, අනිත්ය වූ ධර්මතාවන් බව අවබෝධකොටගන්නවා. ඒ නිසාම එම රහතන්වහන්සේ පස්සය තෘෂ්ණාවෙන් තෙත් කරන්නේ නැහැ. මන්ද එම රහතන්වහන්සේ තෘෂ්ණාව නිරෝධය කරලයි වැඩසිටින්නේ. ඒ නිසාම…
වෘක්ෂ ලතා සත්ත්වයෝ ද?
තථාගතයන් වහන්සේ ජීවමාන කාලයේ දී විසූ ඇතැම් මනුෂ්යයන් වස්සාන සෘතුවෙහි තණකොළ පාගමින් ඇවිදින භික්ෂූන්ට “කථං හි නාම සමණා සක්යපුත්තියා හෙමන්තම්පි ගිම්හම්පි වස්සම්පි චාරිකං චරිස්සන්ති, හරිතානි තිණානි සම්මද්දන්තා එකින්ද්රියං ජීවං විහෙඨෙන්තා බහූ ඛුද්දකෙ පාණෙ සංඝාතං ආපාදෙන්තා” යි මේ ශ්රමණ ශාක්යපුත්රයෝ හේමන්තයෙහි ද ග්රීෂ්මයෙහි ද වස්සානයෙහි ද නිල් තණ මඩිමින් ඒකින්ද්රිය ප්රාණීන්ට හිංසා කරමින් බොහෝ කුඩා ප්රාණීන්…
විඳීම් සොයා අයාලේ යන සිතක රස්තියාදුව.
දැන් වේලාව සවස 5.30 ට පමණ ඇති, කුටිය අවට පරිසරය හරිම නිහඬයි. දවසේ අවසාන ආහාර වේල සොයමින් කිචි බිචි ගාන කුරුල්ලන්ගේ නාදය, ඇසී නෑසී යනවා. සුළග වේගයෙන් හමාගෙන ඇවිත්, නැවතත් නවතිනවා. සෑම දෙයක්ම නිරතුරුවම වෙනස් වෙනවා. අපි කැමැති අකැමැති දෙයක්, වෙනස් වී යනකොට අපි අලූත් දෙයක් සොයනවා. ඒ සොයාගත් දෙයත් වෙනස් වෙන දෙයක්මයි. අවසානයේ වෙනස්…
ලොව ශ්රේෂ්ඨතම දානය.
“ලොව ශ්රේෂ්ඨතම දානය ධර්ම දානය වන්නේ ඇයි..?” “බුදු රජාණන් වහන්සේ කියනවා ලෝකයේ දානයන් අතරින් ශ්රේෂ්ඨම දානය තමයි ධර්ම දානය කියලා. ධර්ම දානය නොදීම නිසා තමන්ට ධර්මය ලැබෙන්නෙ නැහැ හුඟක් වෙලාවට. සමහරුන්ට ධර්මය වැඩක්ම නැහැනෙ, තේරෙන්නෙ නැහැනෙ. නමුත් මනුස්සයො වෙලා ඉපදුනා. මනුස්සයො වෙලා ඉපදෙන්න කුසලයක් තියෙන්න ඕන. නැත්නම් මනුස්සයො වෙලා ඉපදෙන්නත් බැහැ. පෙර ජීවිතයේ මනුස්සයො වෙලා…
ලොව පහළවූ සම්මා සම්බුදු රජාණන් වහන්සේලා අතරින් අටවිසි බුදුරජාණන් වහන්සේලා පිලිබද විස්තර…
1)තණ්හංකර බුදුරජාණන් වහන්සේ. • බෝධිය :- රුක්අත්තන • නුවර :- පුෂ්පවතී • මව :- මනොනන්ද • පියා :- සුනන්ද රජ • පටන් වීර්යය :- දින 7 ක් • ජීවිත කාලය අවුරුදු :- ලක්ෂයකි 2)මේධංකර බුදුරජාණන් වහන්සේ. • බෝධිය :- කෑල • නුවර :- මේබලා • මව :- යසෝධරා • පියා :- සුදේව රජ • පටන්…
රූපස්කන්ධය.
සෑම කල්හි ම එකසේ පැවැත්මක් නැතිවැ ශීතෝෂ්ණාදිය හේතු කොට නැවත තිබූ ආකාරයෙන් අනෙක් ආකාරයකට හෝ අභාවයකට පැමිණෙන්නා වූ ඖදාරික වූ ධාතු සමූහයට රූපස්කන්ධය යි කියනු ලැබේ. රූප සමූහය යනු එහි තේරුමයි. රූපය ය, රූපස්කන්ධය ය යන වචන දෙක්හි අර්ථ වශයෙන් වෙනසක් නැත. රූපය හෙවත් රූපස්කන්ධය කුමක් ද යන බව දක්වනු පිණිස, “කතමඤ්ච භික්ඛවෙ රූපං? චත්තාරෝ…
යහපත් සුව නින්දක් උදෙසා.
නින්ද ප්රශ්නයක් කොටගත් පින්වතුන්ලා සමාජයේ ජීවත් වෙනවා. සමහරු නින්දෙන් කෑගසනවා, බියවෙනවා, ඇවිදිනවා, නින්දෙන් ගෙදර දොරවල් අරිනවා. තමන් ළග නිදා සිටින අයට පහර දෙනවා. තම සැමියා රාති්රයට නිදා ගන්නා ඉරියව්වල සහ නිදි ඉරියව්වෙන් කරන ශබ්දවල විකෘතිභාවයන් නිසා සැමියාගෙන් දික්කසාද වෙච්ච බිරින්දෑවරු සිටිනවා. කෙනෙකුගේ දුර්වල නිදි ඉරියව්වක් නිසා තව කෙනෙක් නොනිදා දුක් විඳිනවා. පුද්ගලයෙකුගේ නිදි ඉරියව්වල ඇති…
මෙ කල ද මාර්ග ඵල ලැබිය හැකි බව.
“මෙ කල විදර්ශනා වැඩීමෙන් පලක් නැත. කොතෙක් විදර්ශනා වැඩුව ද මෙ කල මාර්ගඵල නො ලද හැකිය” යි ඇතැමුන් කියතත් එය සත්යය යි පිළිගැනීමට හේතු යුක්තියක් නැත. යම් ප්රතිපත්තියකින් යම් ඵලයක් ලැබේ නම් කවරදාත් ඒ ප්රතිපත්තිය නොවරදවා පිරුව හොත් ඒ ඵලය ලැබිය යුතුයි. මාර්ග ඵල ලැබීමට නිසි ප්රතිපත්තිය පිරීමෙන් එක් කලෙක දී මුත් සෑම කල්හිම මඟ…
භික්ෂුත්වයේ ආදර්ශය “ඩිමාන්ඩ්” එකක රිමාන්ඩ් කළ හැකි ද?
දැන් වෙලාව සවස පහට පමණ ඇති. එකපාරට ම පරිසරය අඳුරු වුණා. මහා වැස්සක් වැටෙන්න හොඳට ම ළඟයි වගේ. ඊයේ රාත්රියෙත් සුළඟ සමග මහා වැස්සක් ඇද හැළුණා. මේ වැසි වලට ගම්වාසීන් කියන්නේ මහියංගණ පෙරහැර වැස්ස කියලා. තද වියළි කාලගුණයක් මොහොතකට නවත්තලා, වැටෙන මේ වැස්සට ගම්වැසියන් හරිම සතුටුයි. මහියංගණ පෙරහැර ළංවෙලා වැටෙන මේ වැස්ස නිසාම, ගම්වාසී පින්වතුන්ලා…
බුදුවරු පහළවන වෙනත් ලෝක තිබෙනවාද ස්වාමීන් වහන්ස?
නෑ. මෙහෙමයි දරුවෝ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන සූත්රගත ධර්මයන්ට අනුව බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ දඹදිව කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් මම හිතන්නේ ඔතනින් එහාට අපි යා යුතු නැහැ. ඔතනින් එහාට ගියොත් අපි බරපතළ වූ දෘෂ්ටීන්වලට පැටලෙන්න ඉඩ තියෙනවා. මොකද ඔය සමහර මහායානික ධර්මයන් ප්රකාශ කරනවා තවත් සක්වල වල අප්රමාණ බුදුරජාණන් වහන්සේලා…