Article
මගේ මළකඳ තුළිනුත් ඔබ දකින්නේ නම්…
පිංවත් ඔබ, දෑස් පියාගෙන අතීතයේ නිතිපතා අකුසල් කඳු නිසා කල්ප විනාශයන්ට මැදිවී, ඔබත් මමත් පිච්චි, පිච්චී මියගිය තැන නුවනින් දකින්න. එදාට සත්ත්වයාගේ ආයුෂය වන්නේ එක සිතිවිල්ලක් සකස්වෙන කාලයයි. සංස්කාරයන් පිංවත් ඔබට කරන මේ තියුණු විනාශය නුවනින් දකිමින් සංස්කාරයෝ අනිත්‍යයි, අනිත්‍යයි… වශයෙන් මෙනෙහි කරන්න. සත්ත්වයාගේ අවිද්‍යාව නිසාම, අනිත්‍ය වූ සංස්කාර විසින් ලෝකය පාලනය කරනවා. සංස්කාර විසින්…
භික්ෂූන් වහන්සේගේ ඥාතීත්වය හඳුනා ගන්න.
මේ දවස්වල භික්ෂුව පිණ්ඩපාතයේ වඩින ප්‍රධාන මාර්ගයේ ප්‍රතිසංස්කරණය කරනවා. මාර්ගය දිගටම ගල් කැබලි සහ ලී කුඩු අතුරලා. භික්ෂුව මාර්ගය දිගේ පිණ්ඩපාතයේ වඩින විට භික්ෂුව පසුකරගෙන බස් රථයක් වේගයෙන් ගමන් කළා. බස් රථයේ වේගයට මුළු මාර්ගයම ගල් කුඩු දුහුවිල්ලෙන් වැසීගියා. භික්ෂුවට සිදුවුණා විනාඩියක් පමණ එකතැන නැවතී දෑස්පියාගෙන සිටින්න. එම බස්රථයේ රියදුරු මහතා තුළ අශ්රද්ධාවට අදාළව සකස්වුණ…
භික්ෂුව සමාජයට ආදරයක් නැති ද?
අවංකවම ආදරය කියන්නේ බොරුවක්. ප්‍රෝඩාවක්. බෝධිසත්වයන්ගේ ආදරය මීට අදාළ නැහැ. එම බෝසත් ආදරය, දස පාරමී ධර්මයන්ගෙන් පෝෂණය වුණ ආදරයක්. ඉන් මෙහා ආදරය කියන්නේ බොරුවක්, ප්‍රෝඩාවක්. මේ බොරුව ප්‍රෝඩාව ඔබ අවබෝධයෙන්ම හඳුනා ගන්න නම් ඔබ අකුසලය නිසාම කායිකව, මානසිකව, බිංදුවටම වැටෙන්න ඕනේ. එසේ නොවී ඔබ මේ ආදරය කියන අර්ථයේ තිබෙන බොරුව ඔබ හඳුනා ගන්නේ නැහැ. මාරයා…
භාවනාවට සිත එකඟ කරගන්නේ කෙසේ ද?
ප්රශ්නය : – ගෞරවණීය ස්වාමීන් වහන්ස, භාවනා කිරීමේ දී සිත එක අරමුණක පිහිටුවන්නට කොපමණ උත්සාහ කළත් එම උත්සාහය අසාර්ථක වන්නේ උත්සාහය මඳිකම නිසාද, නැත්නම් පින් මඳිකම නිසාද..? පිළිතුර : – සමහරු භාවනා කරන්නට යද්දී අපිට මතක් කරනවා, ස්වාමීන් වහන්ස මේ සිත නිරතුරුවම විසිරෙනවා කියලා. සිත විසිරෙනවාය කියන කාරණය, සිත විසිරෙන්න හේතුව සිත විසිරෙනවා කියන්නේ, සිත…
භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ අරහං ගුණයේ මහිමත්වය.
“බුද්ධොපි බුද්ධස්ස භණෙය්ය වණ්ණං කප්පම්පි චෙ අඤ්ඤමහාසමානෝ ඛීයේථ කප්පෝ චිරදිඝමන්තරේ වණ්ණෝ න ඛීයේථ තථාගතස්ස” යනුවෙන් බුදුන් වහන්සේ විසින් අනිකක් නො වදාරමින් කල්පය මුළුල්ලෙහි රෑ දවල් දෙකෙහි නො නවත්වා බුදුගුණම වදාළේ ද දීර්ඝ කාලයකින් කල්පය ගෙවීයන නමුත් බුදුගුණ කිම අවසන් නොවන බව දක්වා තිබේ. අනන්ත වු බුද්ධ ගුණස්කන්ධයෙහි සාමාන්‍ය ජනයාට දත හැකි බුදුගුණ ඇත්තේ ස්වල්පයකි. එබැවින්…
භවය යනු කඳුළු සාගරයකැයි නුවණින් දකින දා…
සමාධිය ගැන කථා කිරීමේදී කොතැනකින් හෝ මතුවී එන්නේ ශීලයේම ශක්තියයි. ශීලයේ දුර්වලභාවය නිසාමයි සතර අපාය නිර්මාණය වී තිබෙන්නේ. ඒ හේතුව නිසාම පිංවත් ඔබ භාවනාවට පෙර ශීලය ගැනත්, සතර අපාය ගැනත් පූර්වකෘත්‍යයක් ලෙස මතක් කරන්න. මේ ලෝකයේ යම් මනුෂ්‍යයෙක්, දෙවියෙක්, බ්‍රහ්මයෙක් චතුරාර්ය සත්‍ය, අරහත් ඥානය අවබෝධ කරගැනීමට මොහොතකට පෙරාතුව ඉහළ සමාධි තලයකදී තම අනුදැනුමකින් තොරවම පූර්වේ…
භව නිරෝධය උදෙසා ජිවිත පරිත්‍යාගයෙන් කැප කරමි.
භාග්‍යවතුන් වහන්ස, මාගේ මේ භික්ෂු ජීවිතයේ අයිතිය ඔබවහන්සේටමය. භාග්‍යවතුන් වහන්සේ මට දුන් භික්ෂු ජීවිතය, ඔබ වහන්සේ භික්ෂුවකගෙන් බලාපොරොත්තු වූ භව නිරෝධය උදෙසා ජීවිත පරිත්‍යාගයෙන් කැප කරමි කියන අධිෂ්ඨානය පමණයි. මා ගිහි ජීවිතය හැරගිය දවසේ මා තුළ තිබූ ඇලීම්, ගැටීම්, උපේක්ෂාවන්ගෙන් තොර එකම අරමුණ වුණේ, ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදුගුණයන් තුළින්, ජීවිතවලට ලබා දෙන අයෝමය මහා…
බුදුරජුන්ගෙන් පාර නෑසූ අවාසනාවන්තිය.
අපි ඉකුත් සටහනක සඳහන් කළා ආදරය ගැන. ආදරයත් මාරයාත් මොනතරම් සමීප දෙදෙනෙක්ද කියලා පැහැදිලි කිරීමක් කළා. මාරයා ඔබව ලෝකය තුළ බැඳ තබන රන් නූල තමයි ආදරය. ආදරයට පුළුවන් සත්වයෙක්ව උම්මත්තකයෙක්, මිනීමරුවෙක්, සියදිවිනසාගන්නෙක්, යහපත් මනුෂ්‍යයෙක් කියන ඕනෑම චරිතකයකට ආරෝපනය කරන්න. රූපය හැටියට ගත්තත්, පංචඋපාදනස්කන්ධය හැටියට ගත්තත් මේ හේතූන් ප්‍රමාණවත් මාරයත්, ආදරයත් අතර තිබෙන සම්බන්ධය දැකගන්න. රූපයට…
බුදුරජුන්ගෙන් පාර නෑසූ අවසනාවන්තිය.
අපි ඉකුත් සටහනක සඳහන් කළා ආදරය ගැන. ආදරයත් මාරයාත් මොනතරම් සමීප දෙදෙනෙක්ද කියලා පැහැදිලි කිරීමක් කළා. මාරයා ඔබව ලෝකය තුළ බැඳ තබන රන් නූල තමයි ආදරය. ආදරයට පුළුවන් සත්වයෙක්ව උම්මත්තකයෙක්, මිනීමරුවෙක්, සියදිවිනසාගන්නෙක්, යහපත් මනුෂ්‍යයෙක් කියන ඕනෑම චරිතකයකට ආරෝපනය කරන්න. රූපය හැටියට ගත්තත්, පංචඋපාදනස්කන්ධය හැටියට ගත්තත් මේ හේතූන් ප්‍රමාණවත් මාරයත්, ආදරයත් අතර තිබෙන සම්බන්ධය දැකගන්න. රූපයට…
බුදුරජාණන් වහන්සේට ඔබ ණය වුණොත්?
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ‘පිංවත් අනුරුද්ධ, බුදුරජාණන් වහන්සේ දහම් දෙසන්නේ ජනතාව විශ්මයට පත්කරන්නවත්, ජනතාව සුරතල් කරන්නවත්, ලාභ සත්කාර ලබන්නටවත්, මා ගැන මෙසේ යෑයි හඳුනාගැනීමටවත් නොවේ. ශ්‍රාවකයින්ගේ මෙලොව, පරලොව යහපත උදෙසාමයි’ කියලා. බුදුරජාණන්වහන්සේගේ මහා කරුණාව යොමුවන්නේ සත්වයාගේ මෙලොව පරලොව ඉලක්කකොට පමණක්මයි. මේ සා අසිරිමත් රැකවරණයක් වූ ලොව්තුරා බුදුරජාණන්වහන්සේගේ මහා කරුණාගුණයේ රැකවරණය දරුවෙක් උදෙසා, බිරිඳක්, ස්වාමිපුරුෂයෙක්, තනතුරක්,…