Article
පුණ්ණ දුගියා සිටුවරයකු වීම.
රහතන් වහන්සේගේ අග්‍ර දක්ෂිණාර්භ භාවයට පුණ්ණ සිටුගේ කථාව නිදසුනකි. රජගහ නුවර සුමන සිටු නිසා ජිවත් වන පුණ්ණ නම් දුගියෙක් විය. ඔහුට බිරියෙක් හා උත්තරා ජිවත් නම් දුවක් ද වූහ. එක් කළෙක රජගහ වැස්සෝ නැකත් කෙළියකට සැරසුණෝ ය. එය සතියක් පවත්වන උත්සවයකි. එදා උදැසන ද පුරුදු පරිදි පුණ්ණ සිටු ගෙදරට ගියේ ය. සුමන සිටු ඔහු අමතා…
පිරිත් ඇසීමට ප්‍රිය වූ දේවතාවියක්.
ආරක්ෂාවක්, පිහිටක් ලබා ගැනීම සඳහා බෞද්ධයන් පිරිත් භාවිතා කරයි. මෙලොව දියුණුවටද පරලොව දියුණුවටද සියලු සසර දුකින් එතෙරව ලබන නිවන ලැබීම යන තෙවැදෑරුම් වූ කාරණයන්ට, තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් සුදේශිත සද්ධර්මය වන ත්‍රිපිටක බුද්ධ වචනයම පිරිත් වශයෙන් යොදා ගනී. මෙම පිරිත් සජ්ඣායනය ශ්‍රවණය කිරීමට මනුෂ්‍යයන් මෙන්ම දෙවියන් ද ප්‍රිය වෙයි. කෝටිබ්බත විහාරයේ නාගලෙණ ද්වාරයෙහි…
පින්කැමති සියලුදෙනා මෙය කියවා එය ජීවිතයට කමටහනක්ම කර ගනිත්වා.
“රේරුකානේ නායක හාමුදුරුවන්ගේ බණ පොත්ටික හොඳින් කියෙවුවොත් එ තැනැත්තා හොඳ ධර්ම ධරයෙක්. ධර්මඥයෙක් වෙනවා” යි. දවසක් බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නාහිමියෝ උත්සව සභාවකදී වදාළහ. ඒ ප්‍රකාශයෙන් එහාට රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ ධර්මධරත්වය ගැන තවදුරටත් පුන පුනා ප්‍රකාශ කිරීම අවශ්‍ය නැත. තමන් වහන්සේ තුළ වූ ධර්මධරත්වයෙන් හා විනය ධරත්වයෙන් උතුම් බුද්ධ පුත්‍රයකු හැටියට කිසියම් අපේක්ෂිත අරමුණක් සාක්ෂාත්…
ප්‍රියයන් ඇසුර දුකට හේතුවෙයි.
මේ සූත්‍රයේ සංවාද හා දෙබස් මඟින් එහි අන්තර්ගත මූලික අදහස මැනැවින් විස්තර කරයි. එසේම බුදුරදුන් විසින් දේශිත දහම් කරුණු දිවියට ඉතා සමීප සිද්ධි මඟින් සියලු දෙනාටම වැටහෙන අයුරින් ඉදිරිපත් කැර ඇති බව පෙනේ. පිය ජාතික සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පණ්ණාසකයේ රාජ වර්ගයේ ඇතුළත් වෙයි. එසේ ම බුදුරදුන් විසින් දේශිත දහම් කරුණු දිවියට ඉතා සමීප සිද්ධි…
පසේනදී කොසොල් රජතුමා.
ඔයාලා දන්නවා බුද්ධකාලේ දඹදිව තිබුණා විශාල ජනපද. ඒ කියන්නේ විශාල ප්‍රදේශ. කොසොල් ජනපදය කියන්නේ එයින් එකක්. කොසොල් ජනපදය හරි විශාලයි. එහේ නායකයා තමයි පසේනදී කොසොල් රජතුමා. මේ රජතුමා මුල් කාලෙදී බුදුරජාණන් වහන්සේට එතරම් හිතවත්ව සිටියේ නෑ. නමුත් පස්සෙ කාලෙ ඉතාමත්ම හිතවත් වුණා. ලැදිවුණා. බුදුරජාණන් වහන්සේ පවා කොසොල් රජ්ජුරුවන් කෙරෙහි අනුකම්පාවෙන් නොයෙක් අවස්ථාවන්වලදී ධර්මය කියා දීලා…
පටිච්චසමුප්පාද යන්නෙහි තේරුම.
ගින්න නිසා දුම ඇතිවන්නක් මෙන්ද ගස නිසා ගෙඩිය ඇති වන්නාක් මෙන්ද තමා නිසා පෙර නොතිබූ අන් දෙයක් ඇති වීමට හේතු වන්නා වූ දෙයට හෙවත් ධර්මයට “පටිච්චසමුප්පාදය” යි කියනු ලැබේ. අවිද්‍යාව ඇති කල්හි ඒ අවිද්‍යාව නිසා පුණ්‍යාභි සංස්කාරාදී ත්‍රිවිධ සංස්කාරයෝ හටගනිති. එබැවින් සංස්කාරයන්ට හේතු වූ අවිද්‍යාව පටිච්චසමුප්පාදයකි. අවිද්‍යාව නිසා හටගන්නා වූ සංස්කාරයන් නිසාද විඥානය ඇතිවේ. එබැවින්…
නිවන් අවබෝධයට භාවනා කළ යුතුම ද?
මෙය වර්තමානයේ බොහෝ දෙනෙකුට ඇති වන ගැටළුවකි. බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කළ ධර්ම ශ්‍රවණයෙන් නිවන් සාක්ෂාත් කර ගත් පුද්ගලයින් සංඛ්‍යාව අසංඛෙය්‍ය ගණන් වේ. භාවනා කර නිවන් දුටු පුද්ගලයන් පිළිබඳව ත්‍රිපිටක පාළියෙහි සඳහන් වන්නේ ඉතාම අල්ප වශයෙනි. එහෙයින් බොහෝ දෙනෙකුට ඇතිවන ගැටළුවක් වන්නේ නිවන් දැකීමට භාවනාව අත්‍යවශ්‍ය කටයුත්තක්ද යන්නයි. මෙයට දිය හැකි කෙටිම පිළිතුර “ඔව්” යන්නයි….
නාම-රූප.
සත්ත්වයාය පුද්ගලයාය කියා සලකනු ලබන දෙය ඉතා කෙටි ක්‍රමයකට බෙදන කල්හි නාමය රූපය කියා දෙකොටසෙක් වේ. ශරීරය යයි කියනු ලබන, බඹයක් පමණ උසට වැඩී තිබෙන කොටස වනාහි එක් ස්වභාවයකින් ම නො පවතින, නැවත නැවත අමුතු අමුතු ආකාරවලට පැමිණෙන දෙයකි. එය බාල කාලයේ දී බොහෝ දෙනාට ප්‍රිය වූ කුඩා දෙයකි. එය තරමක් පරණ වන කල්හි බඹයක්…
ධර්මයටම අපි හෙට දවස භාරකරමු.
පිංවත, යම් පිංවතෙක් උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ අර්ථය ජීවිතයට එකතුකොට ගන්නේ නැතිනම්, ඔහු දුකට පත්වේවි. ඒත් දුකට පත්වෙන ඔහුව දැකලා ඔබ සිනාසෙන්න එපා. පිංවත් ඔබ සිනාසුණොත්, ඉන් අදහස් වෙන්නේ ඔබත් චතුරාර්ය සත්‍යය ධර්මයන් ජීවිතයට එකතුකොටගෙන නැති බවයි. පිංවත වර්තමාන සමාජයේ දුකට පත්වෙන පිරිසත්, එම අයට සිනාසෙන පිරිසත් දකිනකොට, අපි චතුරාර්ය සත්‍යය ධර්මයන්ගෙන් මොනතරම් නම් දුරස්…
දුල්ලභෝ මනුස්සත්තභාවෝ.
මිනිසත් බව දුලබ ය. එයින් ලැබිය හැකි බොහෝ උසස් ප්‍රයෝජන ඇත්තේ ය. ලොව්තුරා බුදු බව පසේබුදුබව රහත් බව යන ලෝකෝත්තර සම්පත්තීන් හා සකල ලෞකික සම්පත්තීන් ද ලැබීමේ මග සාදා ගැනීමට මිනිසත්බව ඉවහල් වන්නේ ය. බොහෝ ධනය සපයා නෑ මිතුරන් පිරිවරාගෙන අඹුදරුවන් හා පස්කම් සැප විඳීම මේ මිනිසත් බවින් ලබන්නට ඇති උසස් ප්‍රයෝජනයකැයි නොසැලකිය යුතු ය….