Article
උප්පැන්නයෙන් එහා ඔබේ සැබෑ වයස ගැන සිතන්න.
භික්ෂුව දිනක් කුටියක වැඩසිටිනකොට පිංවත් මහත්මයෙක් කුටියේ කැපකරු මහත්මයා හරහා දැනුම් දුන්නා, හෙට උදේට පිණ්ඩපාත දානය බෙදාගන්න කුටියේ පිණ්ඩපාත මඩුවට එනවාය කියලා. භික්ෂුව උදෑසන පිණ්ඩපාත මඩුවට වැඩම කරලා විනාඩි කිහිපයකට පසුව, ලොකු බෑගයක් අරගෙන එම පිංවතුන් පැමිණියා. ගමේ පිණ්ඩපාතය බෙදන්න පැමිණි දායක පින්වතුන් දැන් බලාගෙන සිටිනවා. මේ මහත්වරුන් තම බෑගයෙන් රූපවාහිනී කැමරාවකුත්, කැමරා රඳවනයකුත් එළියට…
උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය.
දොළොස් මහේ පොහොය අතුරින් උඳුවප් පුර පසළොස්වක පොහොය ලාංකේය වනිතාවට සුවිශේෂී වූ දිනයකි. එකල පරාධීනව පසු වූ ලාංකේය වනිතාවගේ විමුක්තිය උදා කළ පහන් ටැඹ වූ සංඝමිත්තා මහ රහත් මෙහෙණින් වහන්සේගේ ලංකාගමනය සිදු වූයේ අද වැනි උඳුවප් පුර පසළොස්වක පොහොය දිනක ය. ප්‍රඥාව ඇත්නම් නිවන් පුරයට පිවිසෙන මාවතට එළැඹීමට මුළුගැන්වුණු ස්ත්‍රීත්වය බාධාවක් නොවේ. ඒ බව පසක්…
උතුම් ශාස්තෲන් වහම්සේ නමකට ණයකාරයෙක් නම් වෙන්න එපා.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ‘පිංවත් අනුරුද්ධ, බුදුරජාණන් වහන්සේ දහම් දෙසන්නේ ජනතාව විශ්මයට පත්කරන්නවත්, ජනතාව සුරතල් කරන්නවත්, ලාභ සත්කාර ලබන්නටවත්, මා ගැන මෙසේ යෑයි හඳුනාගැනීමටවත් නොවේ. ශ්‍රාවකයින්ගේ මෙලොව, පරලොව යහපත උදෙසාමයි’ කියලා. බුදුරජාණන්වහන්සේගේ මහා කරුණාව යොමුවන්නේ සත්වයාගේ මෙලොව පරලොව ඉලක්කකොට පමණක්මයි. මේ සා අසිරිමත් රැකවරණයක් වූ ලොව්තුරා බුදුරජාණන්වහන්සේගේ මහා කරුණාගුණයේ රැකවරණය දරුවෙක් උදෙසා, බිරිඳක්, ස්වාමිපුරුෂයෙක්, තනතුරක්,…
උතුම් ශ්‍රී පාද ලාංචනයේ පිහිටි 108ක් මංගල කරුණු.
තෙරුවන් සරණයි ..! (උතුම් ධර්මදානය පිණිස බෙදාහැර අප්‍රමාණ පිං රැස්කර ගන්න ) කරුණා නිධාන භාග්‍යවත් බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී පාද යුග්මයෙහි පිහිටි උතුම් මංගල ලකුණු 108කි. 1.ස්වස්තිකය 2.ශ්වේතොත්ඵල 3.රක්තොත්ඵල 4.ශ්වේතපද්ම 5.රක්තපද්ම 6.පූර්ණ පාත්‍ර 7.පූර්ණ ගටය 8.නීලෝඵල 9.නදවට 10.පුන්කලස 11.වල්විදුනා 12.සොවැති 13.සිරිවස 14.පිල්කලජ 15.අවතංස 16.නළල්පට 17.හිමාලවනය 18.මගුල් තොරණ 19.මිණි තොරණ 20..මගුල් කඩුව 21.ප්‍රාසාදය 22.කෛලාස පර්වතය 23.ශ්වේතඡත්ර…
උතුම් බුදුගුණයන් නොවන්නට මම අද කොහෙදැයි සිතුවා ද?
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, තෙරුවන් සරණ ගිය පිංවතෙක්, පිංවතියක්, බහුල වශයෙන් වාසය කළ යුතු විහරණය, බුදුරජාණන් වහන්සේගේ ගුණයන්, සිහිකිරීමය කියලා. මෙය සටහන් තබන භික්ෂුවට, නිරතුරුවම බුදු ගුණයන් සිහිපත් වෙනවා. අපට කවදාකවත් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමක් සතු උතුම් බුදුගුණයන් ඇතිකොට ගන්න බැහැ. බුදුගුණයන්, බුදුරජාණන් වහන්සේලාට පමණක් සාධාරණ වූ ගුණයන්. භික්ෂුවගේ, භික්ෂු ජීවිතය සිහිපත් වෙද්දී, භික්ෂුවට…
ඊයේ අද මෙන් හෙටටත් හඳුනගන්නේ මායාවක්.
පිංවත් ඔබ පෙර භවයන්හි හඳුනාගැනීම් වලට සිත යොමුකරන්න. අතීත භවගමනේදී පිංවත් ඔබ පටිච්චසමුප්පන්නව ඇසෙන්, කනෙන්, නාසයෙන්,දිවෙන්, ශරීරයෙන්,මනසින් මොනතරම් හඳුනාගැනීම් ඇතිකර ගන්නට ඇතිද? මේ බුදුරජාණන් වහන්සේ නමක්, මේ පසේ බුදුරජාණන් වහන්සේ නමක්, මේ රහතන් වහන්සේ නමක්, මේ රහත් භික්ෂුණීන් වහන්සේ නමක් යෑයි හඳුනාගත් අතීත සංඥාවන් සියල්ලක්ම වෙනස්වී ගියා. මේ සක්විති රජකෙනෙක්, මේ තුසිතය, මේ යාමය, මේ…
ඉකිබිඳින වස්සානය.
සුගතියට අදාළ කාමලෝකයන්ගෙන් එකක් වන මනුෂ්‍ය ලෝකයේ, පිංවත් මනුෂ්‍යයින් වැඩියෙන්ම පිං සිදුකොට ගන්න, සුන්දර පිනෙන් පිරුණු වස්සානයයි මේ ගෙවීයන්නේ. නමුත් ඒ සුන්දර පිනට මොකද වුණේ, එම පින් සොරු අරගෙන ගියාද. එහෙත් නැතිනම් අපේම අසිහිය නිසා, අපිම ලෝභ, ද්වේෂ, මෝහ සොරුන්ට බිලිදුන්නා ද? මෙය සටහන් භික්ෂුව ධර්මානුකූලව සටහන් තබනවා, අපේ කඨින පිංකම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උතුම්…
ඇලහැර සංඝ සාකච්ඡාව.
ගෞරවණීය රන්මුතුගල බුද්ධවංශ ස්වාමින් වහන්සේ :- ගෞරවණීය අරියඥාණ ස්වාමීන් වහන්සේ සමඟ ධර්ම සාකච්ඡාවක් සිද්ධ කිරීමටයි අපේ බලාපොරොත්තුව. ඒ නිසා ආරම්භයක් වශයෙන් ඔබ වහන්සේට ආරාධනා කරමින් අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස..!!! මේ සියළුම ස්වාමීන් වහන්සේලා වහ වහා මේ සසර දුකින් එතෙර වීම පිණිස ගුණ පිළිවෙත් පුරන භාවනානුයෝගී ස්වාමීන් වහන්සේලා වශයෙන්…
ඇමදීමේ අනුසස්.
.සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමෙකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කරගත හැකි පින්කමෙකි. වන්දනාව සඳහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසළකා නොයා යුතුය. තමන් පැමිණි විට මලසුන්වල පරමල් ඇති නම් ඉවත් කළ යුතුය. මලසුන් අපවිත්‍ර වී ඇති නම් සෝදා පිරිසිදු කළ යුතුය….
ඇතුලත ගිනි පිටතට නොදෙන්න.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගෙදර ගින්දර පිටට දෙන්න එපාය කියලා. මේ ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ විවාහ ජීවිත ගතකරන අඹුසැමියන්ට. බුදුරජාණන් වහන්සේ ගෙදර ගින්දර පිටට දෙන්න එපාය කියලා කියන්නේ ගෙදර නෝනා සහ මහත්මයා අතර තියෙන ප්‍රශ්න පිට අයට කියන්න එපාය කියන කාරණයයි. අපි ජීවත් වන සමාජය තුළ දික්කසාද, අඹුසැමි සමගිය බිඳ වැටීම, විනෝදාංශයක් බවට…