Article
සැබෑ මිහිර විඳිනු පිණිස තිත්ත ඇත්ත දැකිය යුතුය.
ආහාරයෙන් පෝෂණය වුණ තාත්තා කෙනෙකුගේ ශුක්රාණුවකුත්, ආහාරයෙන් පෝෂණය වුණ අම්මා කෙනෙකුගේ ඩිම්බයකුත් එකතුව, ආහාරයෙන්ම හැදී, ආහාරයෙන්ම පෝෂණය වී, හේතුඵල ධර්මයන්ට අනුව හැදුණු කයක් මේක. භික්ෂුව මේ මොහොතේ තම දෙතිස් කුණපය දෙස බලන විට, අම්මාගේ මව්කුසේ පැලෝපීය නාලය තුළ නලියන ඉස්ගෙඩියෙක්වන් කලලයි දකින්නේ. මේ රූපය අයිති තාත්තා කෙනෙකුගේ ශුක්රාණුවකට. අම්මා කෙනෙකුගේ ඩිම්බයකට. භික්ෂුව මේ මොහොතේ නුවනින්…
සැපයන් සොයමින්.
භික්ෂුවගේ ගිහි ජීවිතයේදී මම සැප, දුක්, වේදනාවන් සල්ලි දීලා ගත්ත කෙනෙක්. අනුන්ගේ සැප දුක් බලෙන් ගත්ත කෙනෙක්. පිංවතුන්ලා සැප වේදනාවන් සොයමින්, දුක් වේදනාවන් ප්රතික්ෂේප කරමින් යනවිට, භික්ෂුව සැප දුක් වේදනා සොයාගිය කෙනෙක්. භික්ෂුව සැප ගිහි ජීවිතයේ එක තත්ත්පරයකදීවත් එරමිණියා ගොතාගෙන වේදනානුපස්සනාව පුහුණුකරලා නැහැ. මම ගිහි ජීවිතයේදී වේදනාවේ අනිත්යභාවය දැක්කේ, රූපය ඇසුරින් දුක් සැප වේදනාවන් තුළට…
සැකය.
සැකය ඇතිවත් බැරි, නැතිවත් බැරි දෙයක්. නමුත් ශිල්වතුන් සැකකිරීම සංසාරයේ අන්ධභාවය, ගොළුභාවය, බිහිරිභාවය, ලැබීමට හේතු වන්න පුළුවන්. ඒ වගෙමයි ශිල්වතුන් සැකකිරීමෙන් යම් දවසක සංසාර භවයේදී දෙතිස්මහාපුරුෂ ලක්ෂණයන්ගෙන් පරිපුර්ණ වූ බුදුරජානන්වහන්සේ මුණගැසුනද උන්වහන්සේව සැක කරන තැනට අපිව පත් කරන්න පුළුවන්. ඒ නිසා සැකය ඉදිරියේ හොදින් පරික්ෂාකරිවෙන්න. බුදුරජාණන්වහන්සේගේ උපස්ථායක වශයෙන් කටයුතුකල සුනක්ඛත්ත හාමුදුරුවෝ බුදුරජාණන්වහන්සේව සැක කලා. කෝකාලිත…
ස්ථාවර සාමයක් උදෙසා.
සඳට යන්නට, අඟහරු ලෝකයට යන්නට ඒවා අයිතිකර ගැනීමට, සුපිරි මධ්යස්ථාන පිහිටුවාගෙන අතිනවීන රොකට් නිපදවන, දියුණු යෑයි සම්මත ලෝකයාට ඒවාට ගොස් කංකුං මුගුණුවැන්න සිටුවීම පිණිස ගෙම්බන් වඳුරන් ඇති කිරීම පිණිස පර්යේෂණ කරන ලෝකයාට, සඳත් හිරුත් ග්රහලෝකත්, මේ නාමරූප ධර්මයන් තුළින් අර්ථවත්කොට පෙන්වා වදාළ ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය කෙසේ නම් හඳුනාගන්නද? දියුණුවේ නාමයෙන් විනාශය සොයාගෙන යන ලෝකයක්,…
සහස්සී, දසසහස්සී ලෝක ධාතුවල වෙසෙන ජිවීන් සම්යදෘෂ්ටික ද?
ප්රශ්නය :- ගෞරවණීය ස්වාමින්වහන්ස, වෙනත් ග්රහලෝකවල ජීවින් සිටින බවට සාක්ෂි තිබෙනවාද, ඒක සත්යයක්ද, ඒවගේම ඒ අයගෙන් මනුලොව මිනිස්සුන්ට තර්ජනයක් තියෙනවද, මේ ග්රහලෝකවල ජීවත්වෙනවායයි කියන ජීවින් බුදුරජාණන් වහන්සේ සරණ ගිය අයද….? පිළිතුර :- බුදුරජාණන් වහන්සේ සරණ ගිය ජීවින් ඉන්නවා කියලා නම් කියන්න මම දන්නේ නැහැ. දිව්යතල බ්රහ්මතලවල හැරුණුකොට, වෙනයම් තියෙන්නාවූ ග්රහලෝක හරි, කොහේ හරි, බුදුරජාණන් වහන්සේ…
සරණා ගමනයා ගේ කිලිටිවීම හා බිඳීම.
රත්නත්රය ගැන දැනීම මඳ වීමෙන් ද, රත්නත්රය කෙරෙහි සැක ඇති වීමෙන් ද, රත්නත්රය පිළිබඳව දුර්මත ඇති වීමෙන් ද, ලෞකික සරණ ගමනය කිලිටි වේ. කිලිටි වූ සරණ ගමන කුශලය ස්වල්ප ඵල ඇත්තේ ය. සුපරිසුද්ධ සරණාගමන කුශලය මහත් ඵල මහානිසංස වන්නේ ය. ලෝකෝත්තර සරණ ගමනයේ කිලිටි වීමක් නැත්තේ ය. ලෞකික සරණ ගමනයාගේ භේදය (බිඳීම) බුද්ධාගම ප්රතික්ෂේප කිරීමෙන්…
සම්මත විවාහයෙන් පීඩවට පත්වෙද්දී, අසම්මත සම්බන්ධතාවයන්ට යොමු වෙන්න එපා !
ධර්ම සාකච්ඡාවක් අවසානයේදී, පිංවත් කාන්තාවක් ප්රශ්නයක් විමසුවා. ස්වාමින් වහන්ස මට ගොඩාක් ප්රශ්න තිබෙනවා. පවුල් ජිවිතයේදී, ස්වාමීපුරුෂයා සමඟ අඩදබර වෙනවා. දරුවන් අකීකරුයි. ස්වාමී පුරුෂයා මත් වතුර බොනවා. ඥාතීන්ගෙනුත් හොඳක් අහන්න නැහැ. ස්වාමීන් වහන්ස මට ජිවිතය එපා වෙලයි තිබෙන්නේ කියලා. භික්ෂුව ඒ වේලාවේ එම පිංවත් කාන්තාවට මතක් කළේ ඔබ කරපු දෙයයි ඔබට ලැබිලා තියෙන්නේ. ඒ නිසා ඔබම…
සමථ විපස්සනා.
නමොතස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස “කුම්භූපමං කායමිමං විදිත්වා නගරූපමං චිත්තමිදං ඨපෙත්වා. යොධෙථ මාරං පඤ්ඤායුධෙන ජිතඤ්ච රක්ඛෙ අනිවෙසනො සියා” සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නයෙන් අවසරයි. පින්වත් සිල් මෑණිවරු ඇතුළු ශ්රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි, මේ පින්වත් සියලු දෙනාම අද පුර පසළොස්වක පොහොය දවසේ ගෙවල් දොරවල්වල නොයෙක් කටයුතු කාරණා තිබුනත් ඒ හැම දෙයක්ම පැත්තකින් තබලා තමන්ට සාංසාරික…
සමජයෙන් ලැබෙන චෝදනා, අපහාස හමුවේ නොසැලී සිටීමට නම්.
ඒක මිදෙන්න නම් දරුවෝ තමන් කවදා හරි තෙරුවන් කෙරෙහි අචල ශ්රද්ධාවට එන්න ඕනේ. ධර්මය කෙරෙහි ශ්රද්ධාවට. ධර්මය කෙරෙහි ශ්රද්ධාවට ආපු කෙනා ජීවිතය ධර්මානුකූලවයි ගලපා ගන්නේ. ඔබලා කිසිම කෙනෙකුට ඔබලාට නොලැබෙන්න තියෙන දෙයක් ලැබිලත් නැහැ. ලැබෙන්න තියෙන දෙයක් නොලැබිලත් නැහැ. ඔබලාට ලැබුණේ ඔබලා කර ගත්තා වූ දේයි. එතකොට මේ ඔබලා කරගත්තා වූ දේ නම් ඔබලාට ලැබුණදේට…
සප්තාර්ය්ය ධනය.
“සද්ධාධනං සීලධනං හිරිඔත්තප්පියං ධනං සුතධනං ච චාගො ච පඤ්ඤා මෙ සත්තමං ධනං යස්ස එතෙ ධනා අත්ථි ඉත්ථියා පුරිසස්ස වා. අදළිද්දොති තං ආහු අමොඝං තස්ස ජීවිතං “සද්ධාධනය, සීලධනය, හිරිධනය, ඔත්තප්පධනය, සුතධනය, චාගධනය, පඤ්ඤාධනය යන මේ ධනයෝ යම් ස්ත්රියකට හෝ පුරුෂයකුට හෝ ඇත්තාහු වෙත් නම් හේ දුප්පතෙක් නො වේය යි ද ඔහුගේ ජීවිතය හිස් එකක් නො වේ…