සැකය ඇතිවත් බැරි, නැතිවත් බැරි දෙයක්. නමුත් ශිල්වතුන් සැකකිරීම සංසාරයේ අන්ධභාවය, ගොළුභාවය, බිහිරිභාවය, ලැබීමට හේතු වන්න පුළුවන්. ඒ වගෙමයි ශිල්වතුන් සැකකිරීමෙන් යම් දවසක සංසාර භවයේදී දෙතිස්මහාපුරුෂ ලක්ෂණයන්ගෙන් පරිපුර්ණ වූ බුදුරජානන්වහන්සේ මුණගැසුනද උන්වහන්සේව සැක කරන තැනට අපිව පත් කරන්න පුළුවන්. ඒ නිසා සැකය ඉදිරියේ හොදින් පරික්ෂාකරිවෙන්න.
බුදුරජාණන්වහන්සේගේ උපස්ථායක වශයෙන් කටයුතුකල සුනක්ඛත්ත හාමුදුරුවෝ බුදුරජාණන්වහන්සේව සැක කලා. කෝකාලිත හාමුදුරුවෝ සාරිපුත්ත මහරහතන්වහන්සේව සැකකලා. මෙත්තිය භික්ෂුණිය ධබ්බමල්ලපුත්ත රහතන්වහන්සේව සැකකලා. මේ සැම කෙනෙක්ම සංසාරයේ ඈත පටන්ම ශිල්වතුන් සැකකරමින් පැමිණ තිබෙනවා. දේවදත්ත හාමුදුරුවෝ බුදුරජානන්වහන්සේව සැක නොකලානම් මොනතරම් භාග්‍යක්ද. එත් එක එහෙම වෙන්නේ නැහැ මොකද සියල්ල සිද්ධවෙන්නේ අතීතයේ පුහුණු කරපු ධර්මතාවයන්ට අනුවයි. ශිල්වතුන් සැක කිරීම නිසාම මේ සියළුදෙනාම නිරයටයි වැටුනේ. පිංවත් ඔබත් ශිල්වතුන් සැක කරන කෙනෙක් නම් ඒය සංසාර පුරුද්දක් වෙන්න පුළුවන්. වහ වහා නිවැරදි වෙන්න.
පිංවත් ඔබ වැල්ලේ පා සටහන් තැබුවොත් රළ පහරට පා සටහන් මැකියාවී. පිංවත් ඔබ කොතෙක් පිංකම් කලත් අකුසල් මුලයන් වඩනවා නම් පිනේ අර්ථයත් මැකිලා යාවි.