අටුවා රසකතා – කසාවත පෙරෙවි කාන්තාව.

කාල දීඝවාපී විහාරයෙහි නාහිමියෝ එක්තරා තරුණ භික්ෂු නමකට උගන්වන්නට එකඟ වූයේ ඔහු ගමෙහි නොගැවසෙන බවට පොරොන්දු කරවා ගැනීමෙන් පසුව ය. තම ශිෂ්‍යයා ගමෙහි ගැවසෙන්නට ගියොත් වරදට පෙළෙඹෙතියි ඒ හිමියෝ කල්පනා කළහ. තම ආචාර්යපාදයන් වහන්සේ තමාට ගම්මැද්දට යන්නට තහනම් කළේ මන්දැයි දැන ගැනීමට මේ තරුණ භික්ෂු නමට අවශ්‍ය විය. ඒ නිසා දවසේ ඉගෙනීම අවසන් කොට පෙරලා…

Read More

අටසිල් ගැනීමේදී සමාදන් වන උච්චාසයන යනු කුමක්ද…??

‘උච්චාසයන මහාසයා වෙරමණී සික්ඛාපදං සමාදියාමි’ යන මේ සිකපදය අටසිල් නවසිල් දසසිල් රක්නා උපාසකකෝපාසිකාවන්ට හා සාමණේරයන්ට සාධාරණ ය. උපසම්පන්න භික්ෂූන්ට ද උච්චාසයන පරිභෝගයෙන් ඇවැත් වේ. එබැවින් මෙය විශේෂයෙන් ම විසඳා ගත යුතු පැනයෙකි. සාමාන්‍ය මිනිසුන් ගේ අඟලින් අටඟුලකට වඩා උස් ආසනය “උච්චාසයනය” යි විනයවර්ධන කාරයෝ කියති. සාමාන්‍ය මිනිසුන් ගේ අඟල් අට, දැන් භාවිත කරන කෝදුවේ අඟල්වලින්…

Read More

අටලෝ දහම හමුවේ මහ පොළොව සේ අකම්පිත වෙමු

තෙරුවන් සරණයි ….! බළන්ගොඩ ශ්‍රී ධර්මානන්ද පිරිවෙන් විහාරාධිපති කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා නා හිමි සැරියුත් හිමියන් පිණ්ඩපාතය සඳහා වඩින බව දුටු එක් බමුණෙක් මෙසේ සිතුවේ ය. සැරියුත් හාමුදුරුවෝ කිසිම දේකට කලබල නොවන, ඉවසීමෙන් කටයුතු කරන ඉතා වැදගත් හිමිනමක් යැයි කවුරුත් කියනවා අසා ඇත්තෙමි. මේ කාරණය ඇත්තක් ද? බොරුවක් ද? කියා බලන්න ඕනෑ. මෙසේ සිතා…

Read More