Article
ආදීනව නොපෙනෙන ආශ්වාදය ද ආදරය?
තාරුණ්‍යය කියන්නේ බොහෝම සුන්දර තැනක්. ලස්සන, කඩවසම්, ලාලිත්‍යය, රිද්මය, ප්‍රභාෂ්වරබව තාරුණ්‍යයත් එක්ක ජීවිතයට එකතුවෙන ධර්මතාවයන්. ශරීරය තුළ කුළුඳුලේ නිපදවන හෝමෝන ක්‍රියාකාරීත්වය නිසා සතරමහා ධාතුව හොඳින් දීප්තිමත්ව හැඩවැඩ වෙන කාලයක් මේ තාරුණ්‍යය. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශණා කරනවා ‘මහණෙනි, රූපයේ ආශ්වාදයක් තිබෙනවා. මම රූපයේ ආශ්වාදයක් නැහැ කියන්නේ නැහැ’ කියලා. රූපයේ ආශ්වාදය තමයි නව යොවුන් දරුවෙකුගේ, දැරිවියකගේ රූපයේ…
ආදරයේ නාමයෙන් ඉදිවු ටජ්මහල් නමැති කොන්ක්‍රීට් ගොඩ…
දුක සහ සැප ධර්මානුකූලව විග්රහකොටගන්නා බැරි, දුක සහ සැප දෙකේ නිරෝධය සිතා ගැනීමටවත් බැරි මිථ්‍යාදෘෂ්ටික මනුෂ්‍යයෝ සැබෑ ආදරය කියලා වර්ණනා කරන්නේ ආදරයේ නාමයෙන් ටජ්මහල් නමැති කොන්ක්‍රීට් ගොඩක් බැඳපු අපේ කාලයේ පෙම්වතුන්වයි. ටජ්මහල් නාමයෙන් කොන්ක්‍රීට් ගොඩක් තිබුණත් අදාළ පෙම්වතුන් දෙදෙනාගේ ආදරය නම් කැඩී, බිඳී විසිර ගිහිල්ල ඇති. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආදරවන්තයන් දෙපළකට තම ආදරය භවයෙන්…
ආදරයත් විදර්ශනා නුවණින් දකින්න.
“තමා තමාට ආදරය නොකරන තාක්කල්, තමා අනුන්ට ආදරය කරනවා, ප්‍රියයන්ගෙන් වෙන්වීම නිසා ඔබ සංසාරයක් පුරාවටම හෙලූ කඳුළු මහා සාගරයේ ජලයට වැඩියි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පොඩි පහේ ආදරයක්ද, අපි සංසාරයක් පුරාවට කර තිබෙන්නේ. තමා තමාට ආදරය නොකරගත් නිසාම පින්වත් ඔබ අවශ්‍යමනම් ආදරයට ආදරය කරන්න. හැබැයි ආදරයත් විදර්ශනා නුවනින් දකින්න. භික්ෂුව නැවත කවදාකවත් කාටවත්ම ආදරය…
ආදරයත් අනාදරයත් හේතුඵල ධර්මයේ උපේක්ෂාව තුළින්ම දකින්න.
ආදරය කියන්නේ බොරුවක්ය කියලයි භික්ෂුව අත්දැකීම් තුළින් සටහන් තබන්නේ. නමුත් මේ බොරුව පින්වත් ඔබේ පින විසින් ඔබට සඟවලයි තිබෙන්නේ. ඔබේ පටිච්චසමුප්පන්න පින ආදරය බොරුවක්ය කියලා කවදාකවත් ඔබට හඳුනාගන්න දෙන්නේ නැහැ. නමුත් භික්ෂුවගේ ගිහි ජීවිතයේදී අකුසලය කියන කාරණය නිරතුරුවම විපාකයට පැමිණියා. ඒ නිසාම භික්ෂුවට පුළුවන් වුණා ආදරය කියන්නේ බොරුවක්ය කියලා හඳුනාගන්න. පින්වත් ඔබේ පටිච්චසමුප්පන්න පින ශක්තිමත්…
ආදරයත් අනාදරයත් දෙකම මාරයාගේ තට්ටු මාරුවකි.
පිංවත් ඔබේ හෘදසාක්ෂියට තට්ටුකර අහන්නකෝ ඔබත් මේ කරමින් ඉන්නේ ලෝකය යනු ඔබමයයි හඳුනා නොගෙන ඔබට අයිති නැති අනුන්ගේ ලෝකයක් හැදීමට යැම නොවේ ද කියලා. අනුන්ගේ ලෝකය හැදීමට යැමෙන් තමන්ගේ ලෝකය භව ගමනේ රස්තියාදුකාරයෙක් බවට පත්කරවන ක්‍රියාන්විතයකයි ඔබ මේ යෙදී සිටින්නේ. බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන්ම දන්නවා තෘෂ්ණාවෙන් ගොඩනැගෙන පංච උපාදානස්කන්ධ ලෝකය හදන්න බැහැය කියලා. තෘෂ්ණාව තිබෙනවා නම්…
ආදරය නිසා ද්වේශය සකස් වී තම සුන්දර පාසල් ජිවිතය නිරයේ ගිනිජාලාවක් මතට පත්කොට ගත් අවාසනාවන්තියකගේ කථාවක්.
මාරයා ඔබව ලෝකය තුළ බැඳ තබන රන් නූල තමයි ආදරය. ආදරයට පුළුවන් සත්වයෙක්ව උම්මත්තකයෙක්, මිනීමරුවෙක්, සියදිවිනසාගන්නෙක්, යහපත් මනුෂ්‍යයෙක් කියන ඕනෑම චරිතකයකට ආරෝපනය කරන්න. රූපය හැටියට ගත්තත්, පංචඋපාදනස්කන්ධය හැටියට ගත්තත් මේ හේතූන් ප්‍රමාණවත් මාරයත්, ආදරයත් අතර තිබෙන සම්බන්ධය දැකගන්න. රූපයට ද්වේෂ කරලා වගේම රූපයට මෛත්‍රිය කරලත් වැඩක් නැහැ. රූපය කියන්නේ ඇස් බැන්දුමක්. රූපය තිබෙන්නේ විඳීමට නොවේ….
ආචාර වෙඩිමුර, කොඩි එසවීම් නොමැති ලොව විශාලතම යුධ ජයග්‍රහණය.
ප්‍රඥාව යනු ලෝකයේ විශාලම යුද්ධයෙන් ලබනා ජයග්‍රහණයයි. ඒ ජයග්‍රහණයේ ජය ලබන්නා සවුදිය පිරීම්, රාත්‍රි භෝජන සංග්‍රහයන්, ජාතික කොඩි එසවීම්, රතිඤ්ඤා පත්තුකිරීම්, ආචාර වෙඩිමුර නොමැත. ඇයි..? ඒ ඔහු යුද්ධය අවසන් කළ කෙනෙකි. ඔහු නැවත රූපයක් මගේ කරගෙන එයට ඇලීමට හෝ ගැටීමට නොයයි. රූපයක් උදෙසා යුද්ධ නොකරයි. රණ්ඩු නොකරයි. ඔහු අවබෝධයෙන් හඳුනනවා රූපයක් යනු අනිත්‍යයක්ය කියලා. ඔහු…
අහෝ..! තිරිසන් අපාය.
පිංවත් ඔබේ දෑස් ඉදිරියේ ජීවත්වන තිරිසන් සතුන් සතර අපායේ කොටස් කරුවන්. සතර අපායෙන් එකක් තමයි තිරිසන් ලෝකය. තිරිසන් ලෝකය සත්වයාට බොහෝම දුක්දෙන ස්ථානයක්. මේ සෑම තිරිසන් සතෙකුම පෙර භවයක මනුෂ්‍ය ජීවිතයක් ගතකර සිදු කරගත් කාය, වචී, මනෝ අකුසලයන් හේතුවෙන් තිරිසන් ලෝකයට වැටුනු අය. මරණ බිය, කාමය, වෛරය, කුසගින්න තිරිසන් සතුන්ගේ ජීවිතයයි. පෙර මනුෂ්‍යයින්ව ඉපිද අනුනට…
අසත්පුරුෂ පුද්ගලයා අසත්පුරුෂ ආශ්‍රයම සොයාගෙන යනවා.
උතුම් සම්මා දිට්ඨියේ අර්ථයන් දුර්වල වූ තැනදී සම්මා සතිය වැඩෙන්නේ මිච්ඡා සතියක් හැටියටයි. මිච්ඡා සතිය ජීවිත ගතවෙච්ච තැනදි පටිච්චසමුප්පන්නව ඕපපාතිකව ප්‍රේතයෙක්ව උපදිනවාය කියන විශ්වාසය අපෙන් දුරුවෙලා යනවා. පණුවෙක්, ගුල්ලෙක් වෙලා උපදිනවාය කියන විශ්වාසය අපෙන් දුර්වලවෙලා යනවා. පසුගිය දිනක සම්මා සතියක් නැති මහත්මයෙක් භික්ෂුවගෙන් ප්‍රශ්නයක් විමසුවා. ස්වාමීන් වහන්ස, අතීතයේ වැඩසිටිය රහතන් වහන්සේලා ඇත්තටම පිරිනිවන්පෑවාද, උන්වහන්සේලා පිරිනිවන්පෑවාය…
අවිද්‍යාවේ සරලම අර්ථය චතුරාර්ය සත්‍යය නොදැනීමයි.
අද උදෑසන භික්ෂුව පිණ්ඩපාතයට වැඩි නිවසේ, සිටුවා තිබූ රෝස මල් පඳුරක, සුදු පැහැ ලස්සන රෝස මලක් පිපිලා. උදෑසන රෝස පෙති මත වැටුණු පිනි කැට වලින් රෝස මල තවත් ලස්සන වෙලා. අකීකරු බඹරුන් මැද විකසිත වුණ නෑඹුල් රෝස මලේ ඔබ, පංච නීවරණ සුළඟේ දැවටෙන මාර දූතයෙක් හෝ මාර දූතියක් නම් වෙන්න එපා. නික්ලේශී සම්බුදු පුදසුනක් මත,…