Article
හිංසාවේ රාත්රිය.
තවත් ජනවාරි පළවැනිදාවක් අත ළඟය. අප මේ අදියරේදී කතා කරමින් සිටින්නේ ‘සතර අපායෙන් මිදීම’ ගැනය. මේ නිමිති දෙක සැලකූ විට මෙම ලිපිය තවත් වරක් පළ කිරීමට සිත්විය. ‘මහරහතුන් වැඩි මඟ ඔස්සේ’ ලිපි මාලාව කියවන්නට පසුව එක්වූ හෙවත් මෙම ලිපිය මගහැරුණු පාඨකයන් වෙනුවෙන්ද, මෙම ලිපිය මින් පෙර කියවා ඇති පාඨකයන්ට එම අදහස් තව තවත් කාවද්දනු පිණිසද…
හාමුදුරුවන් කියනවා මේ ඔක්කොම අනිත්යයි කියලා. මෙහෙම හිතලා අපි කොහොමද ජිවත් වෙන්නෙ?
ධර්ම දේශනාවක් අවසානයේදී පිංවත් තරුණයෙක් ප්රශ්නයක් විමසුවා. “හාමුදුරුවන් කියනවා මේ මේසයත් අනිත්යයි, මේ මල් පෝච්චියත් අනිත්යයි, මේ කෝප්පයත් අනිත්යයි, මමත් අනිත්යයි, ඔක්කොම අනිත්යයි…. මෙහෙම හිතලා අපි කොහොමද ජීවත්වෙන්නේ ” කියලා. මේ මහත්තයා යම් කිසි ආවේගයකින් මේ ප්රශ්නය ඇසුවේ. ඒ මහත්තයා තුළ මේ උතුම් අනිත්ය ධර්මය කෙරෙහි යම් හාස්යයක් ඇතිවෙලා තිබුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මම…
හඳුනාගැනීම කාලයට අනුව වෙනස්වන හැටි දකින්න.
බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා සංඥාව තුළත්, විඤ්ඤාණය බැසගෙන සිටිනවාය කියලා. එක පිංවත් දරුවෙක් සිටිනවා, එම දරුවා කුඩා ළමා කාලයේදීම කිසිම මස් මාංශ වර්ගයක් ගෙදරට ගෙනෙන්නට දෙන්නේ නැහැ. මේ දරුවාට මස් මාංශ හරිම පිළිකුල්. නමුත් කවුරුවත්ම, ඒ දරුවට මස් මංශවල ගුණ අගුණ කියා දීලත් නැහැ. මස් මාංශවලට අදාළ කිසිම දේශනයකට, පාඩමකට මේ දරුවා සවන් දීලත් නැහැ. දෙමාපියනුත්…
සෝවාන් ඵල අවබෝධය උදෙසා විදර්ශනා නුවණ මතු කරගන්න.
පින සහ පව මෙන්ම නොහඳුනන ලෝකය තුළ පිංවත් ඔබ, පින සහ පව හඳුනා ගන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නිසාමයි. පිංවත් ඔබේ සුන්දර ජීවිතය පිනේ ඵලයක්. ඒ කියන්නෙ පෙර ජීවිතයේ දානයේ, ශීලයේ, මෛත්රියේ ඵලයක්. එම නිසා පිංවත් ඔබ පිනෙන්මයි, ඔබේ ජීවිතය පෝෂණය කොටගත යුත්තේ. පවුඩර්, සුවඳ විලවුන්, මෝස්තර වැනි කෘති්රම පොහොරවලින් නොවේ. පිංවත් ඔබ අසිහියෙන් ඔබේ පිංවත්…
සෝවාන් නොවූ සෑම පුද්ගලයෙකුටම මානසික ව්යාධියක්?
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, උතුම් සෝවාන් ඵලයට පත්නොවූ සෑම පින්වතෙක්ම, පින්වතියක්ම, කිනම් හෝ මානසික ව්යාධියකින් පෙළෙනවා කියලා. මෙම මානසික ව්යාධිය මානසික වෛද්ය මහත්මයෙක් මුණගැසී ප්රතිකාරගත යුතු මානසික ව්යාධියක් නොවේ, මෙම මානසික ව්යාධිය තෘෂ්ණාවේ තීව්රභාවය විසින් සකස් කොට දෙන සක්කායදිට්ටියේ මානසික ව්යාධියයි. මෙම මානසික ව්යාධියේ ප්රධානම රෝග ලක්ෂණ දෙකක් තිබෙනවා. එම රෝග ලක්ෂණ දෙක තමයි…
සුවසේ පිබිදෙන්න.
යහපත් රාත්රීයක ලබන යහපත් නින්ද නිරෝගි ජීවිතයකට ගොඩාක් වටිනවා. මුගලන් මහ රහතන් වහන්සේටත් උතුම් පැවිදිභාවයට පත්වූ අළුත අරහත් ඵල අවබෝධයට ලැබීමට පෙරාතුව නිරතුරුවම නිදි කිරාවැටීමේ පුරුද්දක් තිබුනා. වරක් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ තම අනාගත අග්ර ශ්රාවකයන් වහන්සේ ගැන දිවැසින් විමසා බලන කොට මුගලන් ස්වාමීන් වහන්සේ කැලයේ ගසක් මුල භාවනා ඉරියව්වකින් නිදි කිරා වැටෙනවා. රාත්රී නින්දත්, රාත්රී…
සුවඳ මල් පූජා කිරීමේ අනුසස්.
නාගවිමාන වස්තුව. මේ මහා භද්රකල්පයෙහි අප ගෞතම බුදුරජාණන් වහන්සේට කලින් ලොව පහළ වී වදාළා වූ කාශ්යප බුදුරජාණන් වහන්සේගේ ධාතුන් පිහිටවා එකල විසූ සැදැහැවත්හු යොදුනක් උසැති ස්වර්ණ චෛත්යයක් කරවූහ. ඒ චෛත්යයය පිරිවර සහිත කිකී රජතුමා හා නුවර වැස්සෝ ද, දනව් වැස්සෝ ද දිනපතා බොහෝ මල් ගෙන ගොස් පුදන්නාහ. එබැවින් මල් දුර්ලභ විය. එක් දවසක් උපාසකයෙක් මල්…
සුභම නැකත.
අද නැකත් දවසක්. ඒ කියන්නේ සුබ දවසක්. භික්ෂුව උදෑසන පිණ්ඩපාතය වඩිනකොට, මෝටර් රථයක් වේගය බාලකොට භික්ෂුව අසලින් ගමන් කළා. භික්ෂුව එදෙස බලනකොට එය මංගල රථයක්. මලින් සරසලා. එහි මනමාල මහත්තයෙක් සිටියා. නැකත් බලලා, ඒ කියන්නේ සුබ දවසක් බලලා ‘දුකක්’ කැන්දාගෙන ගෙදරට එන්නයි මේ යන්නේ. භික්ෂුව එය දුකක් හැටියට දැක්කත් එම මනමාල මහත්තයා අද දවස දකින්නේ…
සුන්දරයී කියන්නෙ, අනිත්යයි කියන නිසාමයි. හැම දේම වෙනස් වෙන නිසාමයී.
ඇතැම් අය හිතනව මෙතනින් ජීවිතය නතර වෙනව කියල. මැරිල වැළලුවට පස්සෙ ආයෙත් පැවැත්මක් නෑ කියල. නමුත් ශ්රද්ධාව සකස් කරගත්ත කෙනෙක් එහෙම දකින්නෙ නෑ. හේතුඵල දහම අනුව නැවත අපි ඉපදීමක් ගැන විශ්වාස කරනව. එහෙම විශ්වාසයෙන් දකින අපිට ඕන නිරෝධයක් මිසක් තාවකාලික විසඳුම් නෙමේ. බුදුරජාණන් වහන්සෙ අපි අපු මේ සංසාර ගමනෙ දීර්ඝ භාවය ගැන හොඳ උදාහරණයකින් පැහැදිලි…
සීලයෙන් බැහැර වූ මනුශ්යයා රත් පැහැයට හුඟාක් කැමතීයි.
මනුෂ්ය සමාජයේ ජීවත්වන ශීලයෙන් බැහැර වූ මිනිස්සු රතු පැහැයට හරි කැමතිය. රුධිරය දකින්න රුධිරය විඳින්න හරි කැමතිය. මරණීය වේදනාවෙන් දඟලන සතෙකුගේ දිහා බලලා සතුටුවෙන්න හරිම කැමතියි. එම සතාගේ මරණීය අඳෝනාව අහලා මිහිරක් විඳින්න ඒ මනුෂ්යයින් කැමතියි. ඒ අය පදං වෙලා තියෙන්නේ අකුසලයට. කෙනෙක් බොදු ගීතයක්, ආදර ගීතයක් රසවිඳිනවා වගේ මේ අය අහිංසක තිරිසන් සතෙකුගේ මරණීය…