Article
“මම බණ කියන්නේ පුතේ..මේක නිවැරදි කරන්න නෙවෙයි. දක්ෂයාට මේකෙන් ගැලවිලා යන්නයි..”
“බුදු රජාණන්වහන්සේගේ ශ්‍රාවකයෙක් හැටියට මගේ මුවින් වචනයක් පිට වෙනවා නම් ඒ වචනය ස්වභාව ධර්මයට, ජීවිතය දමලා ලැබුවා වූ දැක්මක් තුලින් කියන්නාවූ ධර්මයක්මයි. ඒ නිසා මට ඒ ගැන සැකයක් නෑ. නමුත් තව කෙනෙකුට සැකයක් තියෙන්න පුළුවන්. ඒ නිසයි ගිහි පිංවතුන්ලා, සමහර පැවිදි පිංවතුන්ලා අප්‍රමාණව මාව විවේචනය කරන්නේ…” “මම නැවතිලා ඉන්නේ…!!! ඒ නැවතිලා ඉන්න මම දකිනවා මම…
‘ඔබ වහන්සේ අතහැරීම ගැන දේශනා කරනවා. ඔබ වහන්සේ කියන විදිහට අතහැරීමට ගියොත් රට, ජාතිය, ආගමට කුමක් වේවිද’
එක් මහත්මයෙක් භික්ෂුවගෙන් ප්‍රශ්නයක් ඇසුවා ‘ඔබ වහන්සේ අතහැරීම ගැන දේශනා කරනවා. ඔබ වහන්සේ කියන විදිහට අතහැරීමට ගියොත් රට, ජාතිය, ආගමට කුමක් වේවිද’ කියලා. ඒ වෙලාවේ එම පිංවතාට භික්ෂුව දුන් පිළිතුර වුයේ ‘මහත්තයෝ මගධ රාජ්‍යයේ රජකම් කරපු බිම්බිසාර රජතුමා සෝවාන් ඵලය අවබෝධ කරගත් රජකෙනෙක්. බිම්බිසාර රජතුමා සෝවාන් ඵලයට පත්වුණාය කියලා, මගධ රාජ්‍යය අනතුරට පත්වුණේ නැහැ. මගධ…
හොරකම සුළුවෙන් තැකුවට ලෙහෙසිද එය පලදෙන විට!
දැන් වේලාව සවස 6.00ට පමණ ඇති. මැටි කුටියේ ඉදිරිපස තිබෙන ලෑලි බංකුවේ වාඩිවෙලා භික්ෂුව මේ සටහන තබන විට භික්ෂුවට ඈතින් ඇසෙනවා අලියෙක් අතු බිඳින වේගවත් ශබ්දයක්. අලියා අතු බිඳිමින් කුරුමානම් අල්ලන්නෙ ඇඳිරි වැටුනාට පසුව ගමට යන්න. උදේට දායක මහත්වරුන් පිංඩපාත මඩුවේදී කියනවා ඇසෙනවා ඊයේ රාත්‍රියේ මගේ වට්ටක්කා වගාව, බඩ ඉරිඟු වගාව ඉවරයි කියලා. මොකද අලියා…
හැමෝට ම ශරීරය පෙන්වා පායස නිරයට වැටෙන ‘තරු’.
බුදුරජාණන් වහන්සේගේ කාලයේ නටගාමිණි කියලා තරුණයෙක් සිටියා. එදා දඹදිව සිටිය හොඳම නාට්‍ය ශිල්පියා තමයි නටගාමීණි. බොහෝම කඩවසම් රංගන හැකියාවෙන් පරීපූර්ණ තරුණයෙක්. මේ නටගාමිණි, බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා මගේ ගුරුවරුන් මට උගන්වලා තියෙන්නේ අපි වගේ මනුෂ්‍යයින්ව විනෝදමත් කරන සතුටු කරන අය, මරණින් පසුව පායාස කියන දිව්‍ය ලෝකයේ උපත ලබනවා. නටගාමිණි එම ප්රශ්නය අවශ්‍ය නැහැයි බුදුරජාණන් වහන්සේ…
සුන්දර සටහන.
බුදුරජාණන් වහන්සේ පිරිනිවී ගොස් වසර දෙදහස් පන්සියයක් ගත වුවද තවමත් ඔබත් මමත් අසරණ නැත. දුකෙන් මිදෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය ජීවමානව ඇත. එයත් උතුම් බුදුගුණයක්මය. ශ්‍රාවකයන්ට විස්තර වශයෙන් ධර්මය දේශනා කිරීමට උත්සාහ රහිත වූ නිසාත්, ශ්රාවකයින්ට ශික්ෂාපද නොපැනවීම නිසාත් විපස්සි බුදුරජාණන් වහන්සේගේත් සි‚ බුදුරජාණන් වහන්සේගේත් වෙස්සභූ බුදුරජාණන් වහන්සේගේත් ශාසන උන්වහන්සේලා පිරිනිවන්පෑ පසු බොහෝ කල් පැවතුණේ නැත….
සීලය ආශ්වාදයේ ගොදුරක් නොවිය යුතුය.
වරක් භික්ෂුව එක් ආරණ්‍යයක වැඩසිටිනකොට එක් ස්වාමීන් වහන්සේ නමක් තම කුටිය ඉදිරිපිට සක්මන් මළුවේ සක්මන් කරමින් සිටියා. දෑස් බිමට යොමු කරමින්, බොහොම සෙමෙන් පියවර තබමින්… දකින කෙනෙකුට ප්‍රිය උපදවන ආකාරයකටයි උන්වහන්සේ සක්මන් කරමින් සිටියේ. නමුත් ආරණ්‍යයේම අත්‍යවශ්‍ය කටයුත්තක් හේතුවෙන් ඒ බව දැනුම් දෙන්න මම උන්වහන්සේට කථා කළා. කථාකරපු මොහොතේම උන්වහන්සේ සක්මනෙන් මිදුනේ දැඩි ආවේගශීලීභාවයකින්. බොහොම…
සීලය ආරක්ෂා කරගෙනම කාමයන් ඇසුරු කිරීම.
ධර්ම දේශනාවක් අවසානයේදී පිංවත් තරුණයෙක් ප්‍රශ්නයක් විමසුවා. “හාමුදුරුවන් කියනවා මේ මේසයත් අනිත්‍යයි, මේ මල් පෝච්චියත් අනිත්‍යයි, මේ කෝප්පයත් අනිත්‍යයි, මමත් අනිත්‍යයි, ඔක්කොම අනිත්‍යයි. මෙහෙම හිතලා අපි කොහොමද ජීවත්වෙන්නේ ” කියලා. මේ මහත්තයා යම් කිසි ආවේගයකින් මේ ප්රශ්නය ඇසුවේ. ඒ මහත්තයා තුළ මේ උතුම් අනිත්‍ය ධර්මය කෙරෙහි යම් හාස්‍යයක් ඇතිවෙලා තිබුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මම…
සිල්පද පහේ ආරක්ෂාව තුළ ජීවත්වන කෙනා සැමවිටම පෞර්ෂත්වයෙන් යුත් පින්වතෙක්.
ශීලය කියන්නේ බොහෝම සුන්දර අර්ථයක් ශීලය ජීවිතයට එකතුවුණ තැනදි ජීවිතය සැහැල්ලු වෙනවා. ජීවිතය සරල වෙනවා. ශීලයයි මනුෂ්‍යයා තුළ ඉන්ද්රිය සංවරය ඇතිකරල දෙන්නේ. මේ ඉන්ද්රිය සංවරයයි මනුෂ්‍යයා තුළ තම යුතුකම් අයිතිවාසිකම් සම්බන්ධයෙන් ඒවා නිවැරැදිව ඉටුකිරීම සම්බන්ධයෙන් සතිය සිහිය ඇති කරදෙන්නේ. ශීලයෙන් දුර්වලවෙන ප්‍රමාණයට සමාජයේ ජීවත්වන පිංවතුන්ලාගේ සතිය සිහිය දුර්වලවෙලා යනවා. මෙම අනතුරේ පැතිකඩක් සමාජය තුළ නිර්මාණය…
සිදුහත් තවුසාත් සුබ දිශාව බැලුවාද?
මෙහෙමයි දරුවෝ. එතැන දිශාව බලන්න ඇති. නමුත් උන්වහන්සේ දිශාව බැලුව නම් බලන්නේ, උන්වහන්සේ ලොව්තුරා බුද්ධත්වයට පත්වෙලා නැහැ. සම්මා සම්බුද්ධ ඥානයට පත්වෙලත් නැහැ. අවම වශයෙන් සෝවාන් ඵලයට පත් වෙලාවත් නැහැ. එතකොට ඒ බෝධි සත්ත්වයෝ හැටියට ඉන්න වෙලාවෙ එදා දිශා වන්දනාව කියන දේ එදා සමාජයේ මුල් බැසගෙන තිබ්බ දෙයක්. ඒ සමාජයේ මුල්බැසගැනීම් වලට අදාළව උන්වහන්සේ බෝධි සත්ත්වයෙක්…
සිත තැන්පත් නොවීමත් භාවනාවට ආයෝජනයක් කරගන්න.
ආනාපාන සති භාවනාව කරන්න සුදුසු ඉරියව්වකින් වාඩිවුනාට පස්සේ පිංවතුන් විශාල පිරිසකට තිබෙන ප්‍රශ්නයක් තමයි ආශ්වාස ප්රශ්වාසයේ සිත නොපිහිටා භාහිර අරමුණක් ඔස්සේ සිත දිවයැම. මෙතැනදී ඔබ නොසන්සුන් වෙන්න පුළුවන්. අලසවෙන්න පුළුවන්. භාවනාව කෙරෙහි උදාසීන වෙන්න පුළුවන්. මේ සියල්ල ඔබ තුළ සකස්වෙන්නේ පංච නීවරණ වශයෙන්. අරමුණු වේගයෙන් සකස් වෙනවාය කියන්නේ, ඔබ තුළ ඇලීම් ගැටීම්වල ස්වභාවය වැඩිය කියන…