Article
ලෝකය අවබෝධ කරගැනීමේ මග.
(පිංවත් ස්වාමීන් වහන්සේ විසින් කොරෝනා දෙවැනි රැල්ලට පෙර පළ කිරීම සඳහා යොමු කරනු ලැබූ ලිපියකි.) පිංවත් මහත්මයෙක් ප්රශ්නයක් යොමුකරලා තිබෙනවා, ස්වාමීන් වහන්ස, මට නිතර ම රාත්රි නින්දේදී සිහින පෙනෙනවා. මට දැන් මේ සිහින පෙනීම වධයක් වෙලා තිබෙන්නේ. මම කොහොමද සිහින පෙනීම නවත්වා ගන්නෙ කියලා. අපි රාත්රියට සුවසේ නිදාගත්තත් කෙලෙස් නිදාගෙන නැහැ. පිංවත් ඔබ දෑස් නිදාගත්තත්,…
ලෝකය අයිති කාට ද?
භික්ෂුවක් දකුණු ප්රදේශයේ ආරණ්යයක වැඩසිටින විට වන්දනාවේ පැමිණි මැදිවියේ දායක මහත්මයෙක් ප්රශ්නයක් ඇසුවා ‘හාමුදුරුවනේ ලෝකය අයිති දෙවියන්ටද? බ්රහ්මයාටද?’ කියලා. එවිට භික්ෂුව ඔහුගෙන් විමසුවා ‘මහත්මයා මොකද මේ ලෝකයේ මැවුම්කරු සොයන්නේ?’ කියලා. එතකොට ඒ මහත්මයා කියනවා ‘හාමුදුරුවනේ, ජීවිතේ මතක තිබෙන දවසේ පටන්ම මම ප්රශ්නයක් සමගයි ජීවත් වුණේ. සෑම දේවාලයකටම ගියා, සෑම පන්සලකටම ගියා. ප්රශ්න වැඩිවුණා මිසක් අඩුවක්…
ලොව සාර්ථකම ආරක්ෂාව ලබන්නේ කොහොම ද?
ඔබ මොන තරාතිරමක කෙනෙක් වුවත්, ඔබගේ ආරක්ෂාව උදෙසා ඔබ මොනතරම් උනන්දු වෙනවාද? අපිට මගතොට ගමන් කරන සමහරවිටක පෙනෙනවා වේගයෙන් ධාවනය වන අධිවේගී වාහන. සන්නද්ධ භටයන්, නවීන අවිආයුධ… මේසා විශාල ආරක්ෂක ක්රම උපයෝගී කරගෙන ආරක්ෂාව සොයන ස්වභාවය. තම ආරක්ෂාව උදෙසා, දරුපවුලේ, ව්යාපාරයේ, තනතුරේ ආරක්ෂාව උදෙසා මනුෂ්යයා දෙවියන් සරණ යනවා. ග්රහ තාරකා, ජෝතිෂ්යය, මිථ්යාදෘෂ්ටික දේශකයන් සරණයනවා. යමකින්…
ලබන්නා වූ අලුත් අවුරුද්දේ ඔබ විසින් ඔබෙන්ම ඇසිය යුතු පැනයයී මේ.
බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයට පහළවීමත්, බුදුරජාණන් වහන්සේනමක් දේශනා කරන ධර්මය අසන්නට ලැබීමත්, ඇසුවාවූ උතුම් සද්ධර්මය යමෙක් ජීවිතයට නිවැරදිව එකතුකර ගැනීමත්, ලෝකයේ දුර්ලභම කාරණාවන් තුනක්ය කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. මේ දුර්ලභ කාරණාවන් අතුරින්, බුදුරජාණන් වහන්සේනමක් පහළ වූ බුද්ධෝත්පාද කාලයක උපතක්, බුදුරජාණන්වහන්සේ දේශනාකොට වදාළ උතුම් සද්ධර්මය ශ්රවණය කිරීමට ලැබීමත් කියන ලෝකයේ දුර්ලභම කාරණාවන් දෙකම දෝතින් දරාගත් සිංහල බෞද්ධ…
ලක්ඛණමිග ජාතකය – නුවණ වැඩෙන බෝසත් කථා.
ලක්ඛණ නම් මුවාගේ කථාව.. පින්වතුනේ, පින්වත් දරුවනේ, අපි මේ යන්නේ හරීම භයානක සසර ගමනක. අප නොදැනීම නොයෙක් විපත්ති, කරදර, ආන්තරා වලට බඳුන් වෙනවා. අනුන්ගේ ගැටවලටත් නොදැනීම හසුවෙනවා. සත්පුරුෂයෝ කියලා හිතාගෙන අසත්පුරුෂයන්ට හසුවෙනවා. තමාත් දන්නෙම නැතුව අනුන් විසින් මෙහෙයවන බළල් අත් බවට පත්වෙනවා. එබඳු දෙයක් වුනොත් සෑහෙන්න පව් රැස්වෙනවා. කරදරේ වැටෙනවා. එබඳු වූ මහා විපතකට ලක්වෙන්න…
රෝගීන්ට උපස්ථානය කිරීම බුදුරජානන් වහන්සේට උපස්ථානය කිරීම හා සමාන ද?
භික්ෂුව හොඳින් හඳුනන රජයේ රෝහලක වසර තිහකට වැඩි කාලයක් සේවය කල හෙදි පාලිකාවක් සිටියා. ඇය තම රෝහලේ සේවය අකුරටම සිදුකල හෙදි සොයුරියක්. ඇය නිරතුරුව ප්රකාශ කලේ තමාට සිල් සමාදන්වීමට දන් දීමට, භාවනා කිරිමට, අවශ්ය නොවන බවත්, තමා රෝගීන් වෙනුවෙන් කරන සේවය, රෝගී උපස්ථානය, තමාට හොඳටම ප්රමාණවත් බවයි. ඇය රෝහල් සේවය තුළින්, රෝගීන්ට කරන උපස්ථානය, ලොකුම…
රුපයේ මොන ලස්සනක් ද?
මේ සටහන කියවන ධර්මය කෙරෙහි උනන්දුව අඩු, ජීවිතය ආශ්වාදයක් කරගත් පිංවතෙකුට, පිංවතියකට ‘මේ තරම් ලස්සන, සුන්දර, තාරුණ්යයෙන් පිරුණු ජීවිතය දෙස ඇයි අපි අසුබවාදීව බලන්නේ ‘ කියලා සිතෙන්න පුළුවන්. බාහිරින් ඔය ‘පවුඩර් සාප්පුව’ දිහා බැලුවහමනම් ලස්සන තමයි. නමුත් පිංවත් ඔබම සිතන්න, සුවඳ විලවුන්, පවුඩර්, ඇඳුම් පැලදුම්, දත් මැදීම්, නෑම, ඇඟ සේදීම් නැති වුණොත් රූපයේ මොන ලස්සනක්ද?…
රාත්රියට නින්ද නොයෑමේ ප්රශ්නයට සැබෑම විසඳුම.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනුෂ්යයා රාත්රියට දුම් දමනවා කියලා. ඒ කියන්නේ නිදි පැදුරට ගියාට පස්සේ නින්ද යන්නේ නැහැ ගොඩාක් සිතුවිලි සිතට ගලාගෙන එනවා. හෙට දවසේ රාජකාරි සැලසුම් කරනවා. සිතුවිලි සිතට නැගෙන තරමට නින්ද ඈතට යනවා. විදීම සකස් වන තැනදී ඔබට හමුවන්නේ තෘෂ්ණාව, ඔබ තුල රූපයන් කෙරෙහි ඇතිවන තෘෂ්ණාව නිසාම ලෝභ, දේෂ, මෝහ, අකුසල මූලයන් සකස්…
යශෝධරා මහ රහත් තෙරණිය පිරිනිවන් වැඩීමට පෙර කල පාපොච්චාරණය.
ලොව කාන්තා උත්තමාවිය යසෝදරා හෙවත් භද්දකච්චානා මහ රහත් තෙරනිය පිරිනිවන් වැඩීමට පෙර බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට කල පාපොච්චාරණය !! යසෝදරා දේවිය ගැන නොදන්නා බෞද්ධයෙක් සිටිය නොහැක. ඇය අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගිහිව සිටි කාලයේ ඔහුගේ බිසවය. සිදුහත් කුමරුගේ බිසවය. බුදුරජාණන් වහන්සේගේ එකම පුතු රාහුල කුමාරයාගේ මෑණියෝය. ඇයගේ පියාණන් වූයේ සුප්රබුද්ධ රජතුමාය. මව වූයේ අමිතා බිසවය. සොහොයුරා…
මෝර පරිත්තය.
• මෙය සොර සතුරන්ට හසු නොවී විසීම සඳහා භාවිතයට සුදුසු පිරිතකි. මිල මුදල් වටිනා බඩු ඇතිව වෙළඳාම් ආදිය පිණිස පිට පලාත්වල හැසිරෙන අයට ආරක්ෂාව සඳහා භාවිතයට මෙය යෝග්ය ය. “බෝසතාණන් වහන්සේ රණමොනරව සිටි කාලයේ සතුරන්ට අසු නො වීම සඳහා මේ පිරිත භාවිත කළ බවත්, පිරිත කියන්නට අමතක වූ දිනයේ සතුරාගේ උගුලට අසු වූ බවත් කියා…