Article
දිව්‍ය තලවල දීර්ඝ ආයුෂ විඳින අරහත්භාවයට පත්වුණ දෙවියන් සිටිනවා ද?
එක් මහත්මයෙක් භික්ෂුවගෙන් ප්‍රශ්නයක් විමසුවා. ස්වාමීන් වහන්ස, දිව්‍යතලවල, දීර්ඝ ආයුෂ විඳින අරහත් භාවයට පත්වුණ දෙවියන් සිටිනවාද කියලා. දිව්‍යඵලවලදී යම් දෙවිකෙනෙක් දිව්‍යාංගනාවක්, චතුරාය්‍යසත්‍ය ධර්මයන් අවබෝධකොට රහතන් වහන්සේ නමක් බවට පත්වුනොත්, එම දිව්‍ය රහතන් වහන්සේ නමක් බවට පත්වුනොත්, එම දිව්‍ය රහතන් වහන්සේට පැවිදි උපසම්පදාව ලැබීමට දිව්‍යතල වලදී හැකියාවක් නොමැති නිසා අරහත්භාවය අවබෝධකොට දින හතක් ඇතුලත දිව්‍යතලයකදීම පිරිනිවීමට…
දෑස් හැරගෙනම ඔබ කරන භාවනාව කුමක් ද?
බුද්ධානුස්සතිය. පිංවතුන් නිතරම අසන ප්‍රශ්නයක් තමයි, භාවනාවක් හැටියට අපි මුලින්ම කුමක්ද තෝරාගතයුත්තේ කියලා. භාවනාවක් කියන්නේ වඩනවා කියන කාරණයයි. පිංවත් ඔබ තුළ කුමක් ද වැඩෙන්නේ, එය භාවනාවක් වෙනවා. ඔබ සිතන්න ඔබ මුළු දවසම ද්වේෂය වඩනවා කියලා. එවිට මුළු දවසම ඔබ ‘ද්වේෂ භාවනාව’ වැඩුවා වෙනවා. ඔබ සිතන්න මුළු දවසම ව්‍යාපාරය නිසා, පවුල් සම්බන්ධතාවයන් නිසා ලෝභය වඩවනවාය කියලා….
දැවෙන සිත් නිවුණු සිතින් දමනය කළ පුරිසධම්ම සාරථී ගුණය.
බුද්ධානුස්සතිය. බුදුරජාණන් වහන්සේ දෙවි මිනිසුන් ඉදිරියේ සිංහනාද ධම්මචක්‍රය පවත්වන්නේ තථාගත ධර්මයන්ගේ බලයෙන්ය කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ තථාගත බලධර්මයන්ගේ ආශ්චර්යමත්භාවය නුවණින් දකිමින් බුද්ධානුස්සතියෙන් ශක්තිමත් වෙන්න. බුදුරජාණන් වහන්සේ අවිද්‍යාව දියකිරීමේ මාර්ගය තරණය කළ නිසා, තෘෂ්ණාවෙන් තොර හැසිරීම් ඇති නිසා, අවබෝධ කළ ඥානයෙන් යුතුව ඊට අදාළ ධර්මානුධර්ම හැසිරීමෙන් යුතුව වැඩසිටිය නිසා විඡ්ජාචරණ සම්පන්න වෙනවා. උන්වහන්සේගේ සෑම…
දැනුම සකස්වන්නේ අතීත සංස්කාරයන්ට අනුවයී.
රාත්‍රිය ගෙවිලා උදෑසන හිරු එළිය වැටෙන්නට දැන් හුඟාක් ළඟයි. කුසගින්න දැනිලදෝ හිරු එළිය වැටෙන්නටත් පෙරාතුව කොවුලෙක් තොරතෝංචියක් නැතිව කෑගසනවා. ඒත් ඒ කොවුල් නාදයේ මිහිරකුත් තිබෙනවා. පක්ෂි ලෝකයේ ජීවත්වෙන පක්ෂීන්ගේ තෘෂ්ණාවේ තරම ධර්මානුකූලව දකින්න පුළුවන් හොඳම අවස්ථාව තමයි උදෑසන. එම පක්ෂීන් එකිනෙකා පරයා විචිත්‍ර නාදයන් කරන්නේ, තමන්ගේ හැකියාව අනෙක් පක්ෂීන්ට පෙන්වන්නමයි. පක්ෂියෙක් සුන්දරව නාද කරද්දි ඒ…
දානයේ ලුණු ඇඹුල් බැලුවොත් පව් සිද්ධ වෙනව ද?
භික්ෂුව වැඩසිටිය කුටියක කැපකරු මහත්මයෙක් භික්ෂුව උදේම ගිලන්පස වැළඳුවාට පස්සේ සහ දානය වැළඳුවාට පස්සේ ඇවිත් අහනවා ‘හාමුදුරුවනේ ගිලන්පසට සීනි ඇතිද? වැඩිද? දානයට ලුණු වැඩිද? කියලා. මේ සුපුරුදු දින චර්යාව දින කිහිපයක්ම සිදුවුණා. භික්ෂුවටත් තේරුණා ගිලන්පසවල සීනි හුඟාක් වැඩි බවකුත්. ඒත් භික්ෂුව ඒ ගැන තැකීමක් කළේ නැහැ. කැපකරු මහත්මයා නැවත දිනපතා එම විමසීම කරන නිසා ‘ඇයි…
දරුවාගේ දඟකාරකම, ධර්මයේ ඇසින් දකින්න.
පින්වතුන්ලා තුළ උතුම් සද්ධර්මය නුවණින් මෙනෙහි කිරීමේ දුර්වලතාවයන් ඇතිවෙන කොට ධර්මය ඔබට අධර්මය හැටියට පෙනෙන්නට පුලුවන්කම තිබෙනවා. තමන්ගේ කෙළිලොල් දඟකාර පිරිමි දරුවා මේ දවස්වල ගෙදර ලිස්සල වැටිලා අත උලුක්කුවෙලා. සතියක්ම පාසල් ගමනත් නැවතිලා. දරුවාගේ තාත්තාට දරුවාගේ අත උලුක්කුව බරපතල ප්‍රශ්නයක් වෙලා. එම පින්වත් තාත්තා තම දරුවා ගැන ඔහුට ඇති ප්රශ්නය භික්ෂුවට ඉදිරිපත් කළේ මෙහෙමයි. ස්වාමීන්…
දරුවාගෙ පින අවදි කරවන්න.
ලෝකය ගලාගෙන යනවා කුසල් අකුසල් ඊට උපකාරීවෙනවා. පිංවත් ඔබට ලෝකය අවශ්‍යනම් කුසලයයි ඔබ උපකාරගත යුත්තේ. එම නිසා පාසල් දරුවන් සෑම විටම දෙමාපියන්ට, ගුරුවරුන්ට කීකරුව පංචශීලය අර්ථවත්ව සමාදන්ව නිරතුරුවම බුද්ධ වන්දනාවන්ට සහභාගී වුවහොත් සහෝදර ශිෂ්‍යයන් සමග සමගියෙන් කටයුතු කළොත් දරුවන්ට පුළුවන් තමාගේ අතීත කුසල් ශක්තිය මතුකරගෙන අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න. පිංවත් දරුවන් දෙමාපියන්ට, ගුරුවරුන්ට ගෞරවය නොකළොත්…
දකින්න, ශීලයෙන් භාවනාවට දෙන ජවය…
පිංවත් ඔබ භාවනාවට යොමුවන්න ඕනේ මොන තරම් පෙර සූදානමකින්ද. පෙර සූදානම කියන්නේ, නාලා පිරිසිදු වේලා, ඇල්වතුර වීදුරුවක් බිලා, වේගයෙන් හුස්මක් අරගෙන, දොර ජනෙල් ඇරලා….. කියන කාරණා නොවේ. මේවාත් අවශ්‍ය තමයි. වඩාත් වැදගත් වෙන්නේ, කුමක් උදෙසාද අපි භාවනා කරන්නේ, කුමක් නැති කිරීමට ද භාවනා කරන්නේ කියන කාරණාවත්, පංචනිවරණ යනු කුමක්ද..? ඒවා ඔබ වෙන් වශයෙන් හඳුනා ගත්තාද..?…
තෙරුවන් සරණ මිස මට අන් සරණක් නැහැ’ය යන සිංහනාදය කරන්න.
අපි මියයන වෙලාවේ සම්මා සතියෙන් තොර සමාධියකට සිත පිහිටියොත් භවයේ උපතක් සකස්වෙනවා. පළවැනි, දෙවැනි, තුන්වැනි, හතරවැනි ධ්‍යානතලවල සිත පිහිටියොත් රූපාවචර බ්‍රහ්මතලයක උපතක් සකස්වෙනවා. ඉන් ඔබ්බට අරූපය තුළ සිත පිහිටියොත් අරූපාවචර බ්‍රහ්මතලයක උපතක් සකස්වෙනවා. එම නිසා උපත නිරෝධය කිරීමට පක්ෂව අවසාන චුති සිත සකස් කර දෙන්නේ සම්මාදිට්ඨියෙන් පෝෂිත සිතක්මයි. ඉහත හේතූන් නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඇති…
තෘෂ්ණාවේ ආධිපත්‍යයට එරෙහිව අභියෝග කිරීම පිණිස.
පිංවත් ඔබ විවේකීව සිටින විට සිතත් සමග පිළිසඳරේ යෙදෙන්න. මොකක්ද මේ ජීවිතය. අම්මල, තාත්තල, ආච්චිල, සීයල මැරිලා යනවා. පුතාලා දුවලා මුණුබුරෝ මිණිබිරියෝ ලොකු මහත් වෙනවා. මම කවදා මැරෙයිද, කොයි ආකාරයෙන් මැරෙයිද?, මැරිලා නැවත කොතැනක ඉපදෙයිද, සතර අපායකට වැටුණොත් කල්ප කීයක් එම දුක විඳින්න වේවිද? එදාට මට අද වගේ අම්මෙක්, තාත්තෙක්, දුවෙක්, පුතෙක්, බිරිඳක්, සැමියෙක් කොයින්ද?…