Article
තෙරුවන් සරණ මිස මට අන් සරණක් නැහැ’ය යන සිංහනාදය කරන්න.
අපි මියයන වෙලාවේ සම්මා සතියෙන් තොර සමාධියකට සිත පිහිටියොත් භවයේ උපතක් සකස්වෙනවා. පළවැනි, දෙවැනි, තුන්වැනි, හතරවැනි ධ්‍යානතලවල සිත පිහිටියොත් රූපාවචර බ්‍රහ්මතලයක උපතක් සකස්වෙනවා. ඉන් ඔබ්බට අරූපය තුළ සිත පිහිටියොත් අරූපාවචර බ්‍රහ්මතලයක උපතක් සකස්වෙනවා. එම නිසා උපත නිරෝධය කිරීමට පක්ෂව අවසාන චුති සිත සකස් කර දෙන්නේ සම්මාදිට්ඨියෙන් පෝෂිත සිතක්මයි. ඉහත හේතූන් නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඇති…
තෘෂ්ණාවේ ආධිපත්‍යයට එරෙහිව අභියෝග කිරීම පිණිස.
පිංවත් ඔබ විවේකීව සිටින විට සිතත් සමග පිළිසඳරේ යෙදෙන්න. මොකක්ද මේ ජීවිතය. අම්මල, තාත්තල, ආච්චිල, සීයල මැරිලා යනවා. පුතාලා දුවලා මුණුබුරෝ මිණිබිරියෝ ලොකු මහත් වෙනවා. මම කවදා මැරෙයිද, කොයි ආකාරයෙන් මැරෙයිද?, මැරිලා නැවත කොතැනක ඉපදෙයිද, සතර අපායකට වැටුණොත් කල්ප කීයක් එම දුක විඳින්න වේවිද? එදාට මට අද වගේ අම්මෙක්, තාත්තෙක්, දුවෙක්, පුතෙක්, බිරිඳක්, සැමියෙක් කොයින්ද?…
තාක්ෂණයට නොපෙනෙන ප්‍රඥාවේ විද්‍යාව.
භික්ෂුවක් එක්තරා කැළෑබද ආරණ්‍යයක වැඩ සිටියදී, සමාධියෙන් පසුවන විට විඤ්ඤාණ ධාතුවේ ප්‍රවේගකාරී බව පිංවත් ඔබට මැනවින් අවබෝධ කරගැනීමට හැකි ධර්මතාවයක් දර්ශනය වුණා. ඒ තමයි ඕපපාතිකව උපත ලබන යක්ෂයකුගේ ඉපදීම, එසේත් නැතිනම් පහළවීම. පිංවත් ඔබ මවකට දරුවෙක් බිහිවන හැටි, තිරිසන් සතෙක් විසින් පැටවෙක් බිහිකරන සැටි. කිකිළියෙක් බිත්තර දමන හැටි දන්නවා. නමුත් මේ ජීවිතය සකස්වීම සඳහා මුල්…
තවකෙනෙක් වෙනුවෙන් ලබාදිය හැකි වටිනා අළුත් අවුරුදු තෑග්ගක්.
පිංවත් ඔබ උදෑසන, එසේත් නැතිනම් රාත්‍රියට, කායික පිරිසිදුභාවය ඇතිකරගෙන, තෙරුවන් සරණ පිහිටලා, උතුම් පංචසීලය සමාදන්වන අවස්ථාවේදි, පිංවත් ඔබ ජීවිතයට එකතුකොට ගන්නේ, සද්ධාවත් දානයත් ශීලයත් කියන අර්ථයන් තුන පමණක්මයි. මේ තත්ත්වය හරිම අවාසනාවක්. අතීතයේ වැඩසිටි රහතන්වහන්සේලා පහන් දැල්ලක්, පිරිසිදු රෙදිකඩක්, පරවීයන ලස්සන මලක්, බිඳී ගිය සිල්පදයක් කමටහන් කොටගෙන ආර්ය ශ්රද්ධාවත්, ආර්ය ශීලයත්, ආර්ය සමාධියත්, ආර්ය ප්‍රඥාවත්…
තමා තමාවම රවට්ටගන්නවා.
තමන් කැමති කරන්නා වූ කුණුසැපයේ ආරක්ෂාව උදෙසා, අර්ථයෙන් තොරව ජීවිතයේ කොනක් ධර්මයේ ගැට ගසනවා. තමා තමාවම රවටාගන්නවා. කුණු සැපයේ ආරක්ෂාව උදෙසා ධර්මයේ රැකවරණය අපේක්ෂා කරනවා. මෙය තමයි සැබෑම පෘතග්ජනභාවය. අයෝනිසෝමනසිකාරය. ලෝභ, ද්වේෂ, මෝහ අකුසල මූලයන්ගේ වර්ධනය උදෙසා, දියුණුව උදෙසා ධර්මයේ පිහිට සොයනවා. ලෝභ, ද්වේෂ, මෝහ අකුසල මූලයන්ගේ මිදීම උදෙසායි අප සද්ධර්මයේ සරණ සෙවිය යුත්තේ. වර්තමාන…
තණ්හාව යනු කුමක් ද?
පිංවත් මහත්මයෙක් කලකිරුණු මුහුණෙන් යුතුව භික්ෂුවට ප්‍රකාශ කළේ ස්වාමීන් වහන්ස, මගේ බිරිඳගෙන්, දරුවන්ගෙන් සහ මගේ ව්‍යාපාරයෙන් තොර ජීවිතයක් මට නැහැය කියලා. මට බයත් සිතෙනවා ස්වාමීන් වහන්ස, මේවා මත්තේම ජීවත්වෙලා, මරණින් පසුව මාව සතර අපායට වැටෙයිද කියලා. ඉහත ප්‍රකාශයෙන් පැහැදිලි වෙන්නේ මෙම මහත්මයාට සම්මා දිට්ඨියට අදාළව යම් දැනීමක් තිබෙනවා, නමුත් එම දැනීම ශක්තිමත්කොට ගැනීමට අවශ්‍ය වීර්යයේ…
ටජ්මහල් ආදරයේ සිහිවටනය මේ මොහිතේ ජීවමානව තිබුනත්, එම ආදරවන්තයන් දෙපළගේ ආදරය නම් ප්‍රශ්නාර්ථයක් !!!
වේගයෙන් සිල් පද දුර්වලකරගන්නා සමාජයක, වේගයෙන් අකුසල් මූලයන් වර්ධනය කොට ගන්නා සමාජයක, සම්මා දිට්ඨියේ අර්ථයන් ජීවිත තුලින් සොදාපාලුවී යන සමාජයක, ආදරය නැමැති වචනයේ අර්ථය, රාගය විසින් උදුරාගත් සමාජයක, ආදරය නැමති වචනයේ අර්ථය, ද්වේශය විසින් උදුරාගත් සමාජයක, ආදරයේ නාමයෙන් අනාගතයේ නැවත කවදාකවත් ටජ්මහල් ඉදිවෙන්නේ නැහැ. ආදරයේ නාමයෙන් අනාගතයේ ඉදිවුණොත් ඉදිවෙන්නේ කඳුලු ස්මාරකයක් පමණක්මයි. මුදල් මත සියල්ල…
ජීවිතයේ ගැඹුර අඩුකරන ”භාෂාව”…
බුදුරජාණන් වහන්සේ සොයාගෙන ධර්ම පිපාසයෙන් පැමිණි කිසිවෙකුටත් උන්වහන්සේ කටුසටහන්, මුද්‍රිත පොත් දුන්නේ නැහැ. ආනන්ද ස්වාමීන්වහන්සේ හමුවී වැඩි විස්තර දැන ගන්න යෑයි කීවේ නැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ භාවනා පංතියට යන්න කීවේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශණා කලේ ‘මහණෙනි මේ ඇස අනිත්‍යයි. ඇස අනිත්‍යනම් ඇස නිසා සකස් වෙන ඵස්ස, වේදනා, සංස්කාර, විඤ්ඤාණ ධර්මයනුත් අනිත්‍යයයි’ කියලා. බුදුරජාණන් වහන්සේ බාහිය…
ජීවිතයත් මරණයත් අතර ඇති කෙටිභාවය දකින්න.
අහස් මාලිගා ගොඩනගාගෙන ජීවත්වුණත් ජීවිතයත් මරණයත් අතර තිබෙන කාල පරතරය මොනතරම් කෙටිද යන්න ආශ්වාස ප්රාශ්වාසය තුළින් දකින්න. ඕනෑම කෙනෙක් මැරෙනවාය කියන්නේ ඉහළට ගත්තාවූ හුස්මපොද නාසයෙන් පිටවුනාය කියන කාරණයයි. හුස්ම රැල්ලක් ඉහළට ගන්නකොට ‘ජීවිතය’ කියලා දකින්න. එම හුස්මරැල්ල නාසයෙන් පිටවෙනකොට මරණය මනසින් දකින්න. නැවත නැවතත් මෙසේ මෙනෙහි කරන්න. ජීවිතයත් මරණයත් අතර ඇති කෙටි භාවය දකින්න. ජීවත්වීමට…
ජීවිතය යනු ඉලක්කම් ගොඩක් ද?
භික්ෂුවට පින්වතකුගෙන් දැනගන්න ලැබුණා. තමන්ගේ පෙම්වතියගේ කකුලේ ඇතිවුණ තුවාලයක් අසුබ සංඥාවට ලක්කරලා, පෙම්වතියගේ ශරීරයම තුවාලයක් කොට දැකලා, තම පෙම්වතිය කෙරෙහි කලකිරීම සකස්කරගෙන ඇයගේ ආශිර්වාදය ඇතිවම අලුත පැවිදිභාවයට පත්වුණ පිංවත් තරුණයෙක් ගැන. මෙවැනි කථා තුළ තිබෙන්නේ ජීවිතයෙන් පලායාමක් නොවේ. ජීවිතයේ සැබෑම අර්ථය සොයායැමක්. පිංවත් ඔබ බියවෙන්න එපා ඔබේ පෙම්වතා, පෙම්වතිය ඔබට අහිමිවෙයි කියලා. පෙම්වතාගේ ජීවිතය පෙම්වතිය…