අවිද්යාවේ ළදරු භාවය.
මේ දිනවල පාසල් වයසේ පසුවෙන දරුවන්ට කේන්ති යනවා වැඩියි කියලා, සමහර දෙමාපියන්ගෙන් අසන්නට ලැබෙන්වා. දරුවන්ගේ කේන්තිය නිවෙන්න නම්, පිංවත් දෙමාපියන් කේන්ති නොගෙන ඉන්න දක්ෂවෙන්න ඕනේ. උතුම් සම්මා දිට්ඨියේ අර්ථයන් දුර්වලවෙන සමාජයක, සම්මා සංකප්පයන් දුර්වල වෙනවා වැඩියි. මේ දවස්වල සමාජයේ හැමෝටම කේන්ති යන දේවල්, දකින්න, අසන්න ලැබෙනවාත් වැඩියි. උතුම් සම්මා දිට්ඨියේ සිසිල් දියෙන්, පිංවත් ඔබේ ඵස්සය…