අවිද්‍යාවේ සරලම අර්ථය චතුරාර්ය සත්‍යය නොදැනීමයි.
අද උදෑසන භික්ෂුව පිණ්ඩපාතයට වැඩි නිවසේ, සිටුවා තිබූ රෝස මල් පඳුරක, සුදු පැහැ ලස්සන රෝස මලක් පිපිලා. උදෑසන රෝස පෙති මත වැටුණු පිනි කැට වලින් රෝස මල තවත් ලස්සන වෙලා. අකීකරු බඹරුන් මැද විකසිත වුණ නෑඹුල් රෝස මලේ ඔබ, පංච නීවරණ සුළඟේ දැවටෙන මාර දූතයෙක් හෝ මාර දූතියක් නම් වෙන්න එපා. නික්ලේශී සම්බුදු පුදසුනක් මත,…