Chamela Aluthgedara

Software Engineer

මාපියන්ගේ යුතුකම්.

දරුවන් යහපත් අය වීමට ඔවුනට තමන් විසින් ඉටු කළ යුතු යුතුකම් මාපියන් දැනගෙන ඒවා ඉටු කළ යුතු ය. මාපියන්ගේ යුතුකම් තථාගතයන් වහන්සේ “සිගාල” ගෘහපති පුත්‍ර‍යා හට “පාපා නිවාරෙන්ති, කල්‍යාණෙ නිවෙසසෙන්ති, සිප්පං සික්ඛාපෙන්ති, පතිරූපෙන දාරෙන සංයොජෙන්ති, සමයෙ දායජ්ජං නීය්‍යාදෙන්ති” යනුවෙන් වදාළ සේක. පාපයෙන් වළක්වා ලීම ය, යහපතෙහි යෙදවීම ය, ශිල්ප උගැන්වීම ය, සුදුසු භාර්යාවක් හා යෙදවීම…

Read More

මාපිය උපස්ථානයේ අනුසස්.

ස්වභාවයෙන් ම දරුවන්ට කරුණාව ඇත්තා වූ මාපියෝ තමනට උපස්ථාන කරන ගුණවත් කීකරු දරුවාට විශේෂයෙන් ම අනුකම්පා කරති. එබඳු දරුවාගේ යහපත සඳහා කළ හැකි හැම දෙයක් ම මාපියෝ ඉතා ඕනෑ කමින් ම ඉටු කරති. මාපියන්ගේ කරුණාව ලැබීම දරුවන්ගේ යහපතට මහත් වූ හේතුවකි. එබැවින් තථාගතයන් වහන්සේ මහානාම ශාක්‍යතුමාට “මාතා පිතානුකම්පිතස්ස මහානාම, කුලපුත්තස්ස වුද්ධියෙව පාටිකංඛිතබ්බා නො පරිහානි” යි…

Read More

මා පැවිද්ද ඉල්ලුවෙ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගෙන්…

තරුණ ස්‌වාමීන්වහන්සේ නමක්‌ භික්‍ෂුව මුණගැසිලා ප්‍රකාශ කළා ‘අපි කුමක්‌ද කළ යුත්තේ ‘ කියලා. ‘බොහෝම සතුටින් පැවිදිවුණා. දැන් අසරණභාවයක්‌ දැනෙනවා’ කියලා. අපි මුලින්ම සිතන්න ඕනේ, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා, වසර 2600ක්‌ ගිය තැනයි අපි මේ සිටින්නේ කියලා. ගෞතම බුද්ධ ශාසනය නැමැති පහන නිවීමට ආසන්න මොහොතේ ඇතිවන තියුණු ආලෝකය පසුබිමෙහි අපි සිටින්නේ. මේ ඉන්න තැන සිට ධර්මය…

Read More

මහ පොළොවත්, ඔය සිරුරත් වෙන්වේවිද හැමදාමත්.

මේ දෑස්‌ දෙක, කන් දෙක….. ඔබට අයිති නැහැ. එය වෙනස්‌වෙන දෙයක්‌. යම් දවසක මහපොළොවට පස්‌වෙන දෙයක්‌. මහපොළොවේ පස්‌ මිටක්‌ මනසින් දෝතට ගෙන ඔබේ ඇසත්, කනත්….. සමග සංසන්දනයකර දකින්න. කුසල් සංස්‌කාරයක්‌ නිසා භික්‍ෂුවට ලැබුණ ඇස, කන, නාසය ගැන භික්‍ෂුව සතුටුවෙනවා. වර්තමානයේ භික්‍ෂුවගේ ඇස්‌දෙක දුර්වලයි. හතලිස්‌ ඇඳිරියෙන් මෝදුකොටදුන් දුර්වලභාවය කාලයත් සමග තව තවත් දුර්වලකරනවා. භික්‍ෂුව ඇස්‌ දෙක…

Read More

මල් පුජාවේ ආනිසංස.

පදුම හිමි පෙර ජීවිතයකදී පදුමුත්තර බුදුරජාණන් වහන්සේ පුමුඛ මහා සංඝරත්නයට එක් පියුමක් ගෙන පූජා කළ පිනෙන් මල්පෙති ගණනට සක්විති රජව ඉපදුනා. හත්සිය වතාවක් පෘථුවි රාජ්‍ය කලා. අවසානයේ නිවන් සුව ලැබීමට ඒ පින හේතු වූ බව පෙන්වා ඇත. (අපදාන පාලි බු:ව: 193 පිට) තිඋප්පලමාලිය හිමි විපස්සී බුදුරජුට උපුල් මල් තුනක් පුදා කල්ප අනූ එකක් දුගතියකට නො…

Read More

මල් පහන් පූජා කරලා ලබන පිනෙන් නිවන් අවබෝධ කරගන්න පුලුවම් ද?

ගරු ස්වාමීන් වහන්ස, කෙනෙක් මල් පහන් පූජා කරලා කුසල ශක්තියක් රැස් කර ගන්නවා. ඒ තුළින් ම ඔහුට නිර්වාණය අවබෝධ කරගන්න පුළුවන් ද? බැහැ දරුවෝ. මල් පහන් පූජා කළා කියලා නිවන් සාක්ෂාත් කරගන්න පුළුවන් කියන කාරණයක් ධර්මයේ නැහැ. නමුත් ඕනෑම කෙනෙක් තමුන් ක්‍රියාකාරී වෙන්නේ තමුන්ගේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩිලා තියෙන ප්‍රමාණය මතයි. ඉන්ද්‍රිය ධර්මයන් වැඩෙන්න වැඩෙන්න එයා…

Read More

මරණයට බිය නොවී මුහුණදෙන්නට නම්…

අප බොහෝ දෙනෙක් සිතා සිටින්නේ මරණයෙන් පසු නැවත මිනිසකු වී හෝ එසේ නැත්නම් දෙවියකු වී හෝ ඉපදේ යන්නයි. බොහෝ කුසල් දහම්හි නිරත වෙමින් ප්‍රාර්ථන කරන අයුරින් ඒවා ඉෂ්ඨ වී ඉතාමත් සැපවත් මිනිස්,දිව්‍ය ආත්මයක් ලැබේ යැයි බහුතරයක් දෙනා සිතයි. “අනෙක් අයට එසේ වූවද මට එසේ නොවෙයි” යනුවෙන් යම්කිසි සුබවාදී සිතිවිල්ලක් සැම කෙනෙක් තුළම තිබේ. නමුත් එය…

Read More

මරණ බියෙන් තොර මරණයක් උදෙසා.

වර්තමානයේ කුමක්‌ද ලෝකය තුළ සිද්ධ වෙන්නේ…? සිදුවෙමින් පවතින අපි අකමැති දේවල් නැවත්විය නොහැකිද..? එසේත් නොමැතිනම් මේ ලෝකධර්මතාවයන්ද…? තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව සකස්‌කර ගන්න. එතකොට ඔබ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් බැහැරවෙන්නෙ නැහැ. ඔබ ලෝකය දැකල කම්පාවෙන්නෙ නැහැ. ඉපදීම තිබුණ නම් දුක තිබෙනවා. ඒ දුක නේද අපි අත්විඳින්නේ. මනුෂ්‍යයා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් ශීලයෙන් ඒවායේ අර්ථයෙන් ඈත්වෙනවිට ඒ හේතුවෙනුයි ආයුෂය…

Read More

මනුෂ්‍යාගේ උපත සහ මරණය අතර කාල පරාසය පිරවෙන්නේ රෝගාබාධවලින්වලින්.

පිංවත් ඔබ දිනය නිමාකරලා, නිදි පැදුරට වැටුනට පස්සේ, නින්ද පැමිණෙන තුරාවට, පසුදවසේ කළ යුතු ගොඩාක් දේවල් සැලසුම් කරනවා. රැකියාව, ව්‍යාපාරය, අධ්‍යාපනය, පවුල, සමාජ සේවය, විනෝදය, හෙට දවසේ මේවා, විඳින හැටි අයිති කොට ගන්නා හැටි, මනසින් චිත‍්‍ර මවාගන්නවා, විතර්ක ගොඩනගා ගන්නවා. රාත‍්‍රී කාලයම ජිවිතය නැමැති තුඹස දුම්දැමීම නිසාම, හුඟදෙනෙකුට වර්තමානයේ නින්ද කියන කාරණය ප‍්‍රශ්නයක් වෙලා තිබෙනවා….

Read More

මඟහැර යාමෙන් දුරු කලහැකි ආශ්‍රවයන්.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, නපුරු සතුන් මඟහැර යන්න කියලා. පිංවත් ඔබ සිතන්න. නපුරු බල්ලෙක්‌ සිටිනවා, බුදුරජාණන් වහන්සේ දේශනාකරන්නේ නපුරු බල්ලා මඟහැර යන්න කියලා. ඔබ නපුරු බල්ලා ඉදිරියට ගියොත් ඒ බල්ලා ඔබව සපාකන්න පුළුවන්. සමහර විට ඒ නපුරු බල්ලා ඔබව දැකල දුවන්න පුළුවන්. නපුරු බල්ලා ඔබව දැකල දුවන විට ඔබ තුළ නැති ආශ්‍රවයන් ඇතිවෙනවා. මගේ ශීලය,…

Read More