බිය දැනුණු තැන සිහි කරනු මේ බුදු වදන්.
දැන් වේලාව රාත්රි අටට විතර ඇති. කුටිය ඉදිරිපිට ලෑලි බංකුවේ වාඩි වෙලා පරිසරය දෙස බලද්දී පොසොන් සඳඑළියෙන් පරිසරය හොඳටෝ ම ආලෝකවත් වෙලා. කුටිය ඉදිරිපිට වැලිමළුව මතට පතිත වී ඇති කොළ සහ අතු වල සෙවණැලි සුළෙඟ් රිද්මයට බොහෝම විරාගී නර්තනයක් ඉදිරිපත් කරනවා වගේ. ස්වාභාවික සතර මහා ධාතුවේ කිපීම් නිසා ප්රචණ්ඩ වන පරිසරය තවත් වරෙක පුංචි දරුවෙක්…