ධම්මදින්නා තෙරණියගේ කතා වස්තුව.
’’මින් (පෙර) සියක් දහස්වන කපෙහි ලෝක නායකවූ, සියළු ධර්මයන්හි පරතෙරෙට ගිය පදුමුත්තර නම් බුදුරජතෙම ලොව පහළවිය. ’’එකල්හි මම හංසවතී නගරයෙහි එක්තරා කුලයක පැණවත්වූ, සිල්වත්වූ අනුන්ගේ කටයුතු කරන්නියක් වීමි. ’’පදුමුත්තර බුදුරජුන්ගේ සුජාත නම් අගසව් තෙමේ විහාරයෙන් නික්ම පිඬු පිණිස යයි. ’’එකල්හි දිය අදින්නියක්වූ (මම) කළයක් ගෙන යන්නී, උන්වහන්සේ දැක පහන්වූවා, සියතින් කැවුමක් දුනිමි. ’’ඒ තෙමේ එහිම…