චතුරාර්ය සත්‍යාවබෝධයේ වටිනාකම.
සෝවාන්වීමය, සකෘදාගාමී වීමය, අනාගාමී වීමය, රහත් වීමය, පසේ බුදු වීමය, ලොව්තුරා බුදු වීම යයි කියනු ලබනුයේ ඒ ඒ තරාතිරමින් චතුරාර්‍ය්‍ය සත්‍ය අවබෝධ කිරීමයි. පළමුවරට චතුරාර්‍ය්‍ය සත්‍යය තත්ත්වාකාරයෙන් අවබෝධ කළ තැනැත්තේ එකෙණෙහි මලාමක වූ පෘථග්ජන භාවයෙන් නැගී, තථාගතයන් වහන්සේගේ ආර්‍ය්‍යශ්‍රාවක ගණයට ඇතුළත් පුද්ගලයෙක් වන්නේ ය. ඔහුට සෝවාන් පුද්ගලයා යයි කියනු ලැබේ. සෝවාන් පුද්ගලයා තමන් ලැබූ සත්‍ය…