ථතාගත කායබලය.
ලෝකයේ ඇත්කුල දශයක් ඇත්තේය. ඒ ඇත්කුල අතරින්, කාලාවක ඇතෙකුට පුරුෂයන් දශ දෙනෙකුගේ කාය බලය ඇත්තේ ය. කාලාවකයන් දශ දෙනෙකුගේ බලය එක් ගංගෙයිය ඇතෙකුට ඇත්තේ ය. ගංගෙයියන් දශ දෙනෙකුගේ බලය එක් පණ්ඩර ඇතෙකුට ඇත්තේ ය. පණ්ඩරයන් දශ දෙනෙකුගේ බලය එක් තම්බ ඇතෙකුට ඇත්තේ ය. තම්බයන් දශ දෙනෙකුගේ බලය එක් පිංගල ඇතෙකුට ඇත්තේ ය. පිංගලයන් දශ දෙනෙකුගේ…